නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මෙරට කාන්තාවන් ඩිජිටල් ආර්ථිකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

මෙරට කාන්තාවන් ඩිජිටල් ආර්ථිකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ

Published December 12, 2023

මෙරට සමස්ත කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් සුහුරුලිය 2.0 මූලෝපාය එළිදැක්වීම පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය. මෙම සැලැස්ම ප්‍රධාන අරමුණු හතක් මූලික කරගනිමින් සකස් කර ඇති අතර ඉදිරි තෙවසර අවසන් වනවිට එම අරමුණු සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

ව්‍යවසායිකාවන් දස දහසක් දෙනා ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඩිජිටල් ව්‍යවසායිකාවන් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ කරවීම, මෙරට කාන්තා ජනගහනයෙන් 50%ක පිරිසක් 2026 වසර වනවිට ජාතික ආර්ථිකයේ සක්‍රීය දායකත්වය දක්වන කොටස්කාරියන් බවට පත් කිරීම, 2026 වසර වනවිට STEM අධ්‍යාපනය තුළ කාන්තා සංයුතිය 40% දක්වා වර්ධනය කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය 45% දක්වා වර්ධනය කිරීම, රාජ්‍ය අංශයේ සිටින කාන්තාවන් නව ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි බල ගැන්වීම, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන්, විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන් සහ තොරතුරු තාක්ෂණ නොවන උපාධි ලත් කාන්තාවන් ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි පරිදි බල ගැන්වීම, සයිබර් අවකාශයේ කාන්තාවන් සඳහා ආරක්ෂාව සහ ආරක්ෂිතව තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳ දැනුම හා පුහුණුව ලබා දීම මෙම මූලෝපායික සැලැස්මට ඇතුළත් වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?