නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

Published April 22, 2025

වේයන්ගොඩ, නයිවල සිල්චෙස්ටර් හෝටලයේ දී ඉරිදා සවස පැවැත්වූ සියනෑ අවුරුදු කුමරා – කුමරිය 2025 තරගයෙන් සියනෑ කුමරිය ලෙස අභිෂේක ලැබුවේ ගම්පහ ප්‍රදේශය නියෝජනය කරමින් තරගයට එකතු වූ හසිනි නානායක්කාර රුවැත්තියයි. එහි දෙවැනි ස්ථානය නුවර සිට පැමිණි කාව්‍යා ඥානරත්න රුවැත්තියටත් තුන්වැනි ස්ථානය ගම්පහ සිට පැමිණි ඉෂාරා කෞෂල්‍යා රුවැත්තියටත් හිමිවිය.

සියනෑ අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ කොළඹින් කරග කළ දිනිත් බිම්සරය. එහි දෙවැනි ස්ථානය ගම්පහ තනුල දීඝායූත් තුන්වෙනි ස්ථානය කොළඹ නිකිල් අබේගුණවර්ධනටත් හිමිවිය. මෙම සියනෑ කුමරියන්ට හා සියනෑ කුමරවරුන්ට කිරුළු, සාටක, මල් කළඹවලට අමතරව වටිනා මුදල් ත්‍යාග හිමි වූ අතර තවත් තෑගි පාර්සල් ලියානා, සොබා සිලෝන්, ඕල්සෝ, වනිල්, ලකී නේල්ස් යනාදි සන්නාමයන්ගෙන් ලබාදුනි.

මෙවර විනිශ්චය මණ්ඩලය ලෙස දමයන්ති ෆොන්සේකා, නයනා කුමාරි, ජැකී අපොන්සූ, වාසනා දන්තනාරයන, රොෂෙල් ෆ්ලැන්කට්, නදීෂාද සිල්වා, ජොනී ගුණසේකර, සමන්ත ප්‍රනෑන්ඩු යන අය එක්විය.

සියනෑ අවුරුදු කුමරා – කුමරිය 2025 තරගය සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලියානා කැප්සූල් වෙතින්ද, සම අනුග්‍රාහකත්වය ඕල්සෝ, ලොරියාල්, අපේ මැහුම් පංතිය, රාම් බ්‍රදස්, රූප් කලා, හස්ති බතික් ඇතුළු තවත් බොහෝ පිරිසක් ඇතුළු සන්නාම එකතු වීය. විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහකත්වය ආට් ටීවීවල අයි ටීවී නාලිකාවෙන් ලබාදුන්නා.

සිව්වන සියනෑ අවුරුදු කුමරා – කුමරිය තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී රම්සි රහමාන් එක්වීය. ජීවිතයේ එක් වරක් පිදෙන සම්මානයක් වන ගාමිණී පණ්ඩිරත්න සිහිකරනු වස් සැලෝන් මූඩ්ස් වෙතින් ලබාදෙන Lifetime Achievement Awards මෙවර ලබාදුන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ඩෝරා අත්තනායකටය.

අඛන්ඩව තුන්වැනි වතාවටත් සියනෑ අවුරුදු කුමරා – කුමරිය තරගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය නවලිය ලබාදුන් අතර එය ඉදිරිපත් කිරීම සැලෝන් මූඩ්ස් විසිනි. අවසන් මහා තරගයේ ඉදිරිපත් කිරීම සමන්ත ගුණසේකර විසින් කළ අතර එහි සියලු ඇදුම් නිර්මාණයන් ජොනී ගුණසේකර විසිනුත්, සියලු හැඩගැන්වීම් දිනේෂ් ජායි මැක්ස්ට්‍රෝ විසින් සිදුකර ඇත.

ඔවුන් දෙදෙනාට නවලිය කර්තෘ මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්.

ඡායාරූප – ඩයන් ප්‍රදීප්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

නවලිය ජනප්‍රිය කුමරා සහ කුමරිය අභිෂේක ගැන්වීම සඳහා කූපන්පත් එවීම 18 වැනි සිකුරාදා සවස 4.00 න් අවසන්

April 17, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?