නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කාන්තා ක්‍රිකට් කිරුළ ගුවන් හමුදාවට
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

කාන්තා ක්‍රිකට් කිරුළ ගුවන් හමුදාවට

Published December 11, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගුවන් හමුදා ක්‍රීඩකාවෝ දිනාගත්හ. අවසන් මහා තරඟයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ලකුණු 11ක ජයක් ලබමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ එම දස්කම් ප්‍රදර්ශනය කළහ.

යුද හමුදා කාන්තා පිල ඕවර් 50කදී කඩුලු 08ක් දැවී ලකුණු 154ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම හඹාගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරද්දී ඕවර් 38දී කඩුලු තුනකට ලකුණු 110ක් ලබා සිටියහ.

මෙවර තරගාවලියේ විශේෂ සම්මාන තුනම ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිළේ ක්‍රීඩකාවන් තිදෙනකු දිනා ගැනීම විශේෂත්වයකි. දක්ෂතම ක්‍රීඩකාවට හිමි සම්මානය තරග පහකදී ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 250ක් ලැබූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ හංසිමා කරුණාරත්නට, දක්ෂතම පිතිකාරිණියට හිමි සම්මානය තරග 5කදි ශතකයක් සමඟ ලකුණු 196ක් ලැබූ නාවිකා හමුදා කාන්තා ක්‍රිකට් පිලේ සත්‍යා සංදීපනීට හා දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානය තරග පහකදී ලකුණු 60ට කඩුළු 14ක් බිඳහෙලූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ ඉනෝකා රණවීර දිනාගත්හ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?