තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් පෙරියකුලම මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ප්‍රමුදිතා හේෂානි ඉලංගසිංහ දියණිය සාමාන්‍ය පෙළ විභාගයකදී සියලුම විෂයන් සඳහා විශිෂ්ඨ සම්මාන සාමාර්ථයන් ලබා ගත් පළමු ශිෂ්‍යාව ලෙස පාසල් ඉතිහාස පොතට එක් වූවාය. සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ඇය උසස් පෙළ ගණිත විෂය ධාරාව හැදෑරීමට අපේක්ෂා කරන බවත් අනාගතයේදී දක්ෂ ඉංජිනේරුවරියක් වී රටට දැයට සේවය කිරීම එකම අරමුණ බවත් ඇය කීවාය. මෙවර පෙරියකුලම විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීමේ ප්‍රතිශතය 86% ක් දක්වා ඉහළට නැංවීමට වර්තමාන විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්.අයි. ජයලත් මහත්මියගේ උපදෙස් මත ආචාර්ය මණ්ඩලය විසින් දූ දරුවන්ට නිසි මඟ පෙන්වා ඇත.
Reading:
පෙරියකුලම විද්‍යාලයෙන් පළමුවරට A9ක් ගත් ප්‍රමුදිතා