වසර 40 ක් ශ්‍රී ලාංකීය හෝටල් ක්ෂේත්රයේ සාර්ථක සන්නාමයක් බවට පත් වූ ගලදාරි ඉදිරියේ දී රැඩිසන් බ්ලූ ගලදාරි ලෙසින් නව සන්නාමයක් යටතේ නැවත පැමිණීමට බලාපොරොත්තු වන බව එහි අවසන් කොක්ටේල් සාදයේදී සාමාන්‍යාධිකාරී සම්පත් සිරිවර්ධන පවසා සිටියා.
එයට එකතු වෙමින් ඔහු තවදුරටත් පවසා සිටියේ එම කොක්ටේල් සාදය වසර ගණනාවක් පුරා හෝටලයේ සාර්ථකත්වයට දායක වූ සැමට “ස්තූතියි” කීමක් යනුවෙනි. ඒ සඳහා ආරාධිතයන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ මාධ්‍ය සාමාජිකයන්ද එකතුවී සිටියා.
දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින මෙම හෝටලය 1984 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලදී. ඉන්පසුව වසර 11 ක් ගලදාරි මෙරිඩියන් නමින් පවත්වා ඇත. ඉන්පසු වසර දෙකක කාලයක් සඳහා Marriot යන සන්නාමයෙන්ද ඊටත් පසුව වසර 27 ක් වැනි දීර්ඝතම කාලසීමාවක් ගලදාරි නමින් පවත්වාගෙන යන ලදී. ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු සත්කාරක ක්ෂේත්රයේ නව රැල්ලක් ඇති කිරීමට හෝටලය බලාපොරොත්තු වේ.



හරින්දි ලියනගේ