නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මාව බිම දාලා පාගලා ඉස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් ගිල්ලුවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

මාව බිම දාලා පාගලා ඉස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් ගිල්ලුවා

Published November 23, 2023

“මා වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල බිම දාල පාගලා ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් එයාගෙ රත්තරන් බඩු ඔක්කොම දාලා පොලිසියට අල්ල දෙනවා කියලා ඒ ගෙදර ගෑනි කිව්වා. මම බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරේ හිර වුණා. මට හුස්ම ගන්න බැරිවුණා….”

මෙසේ පැවසුවේ සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් එහිදී පහර කෑමකට ලක් වී ඉන් අනතුරුව ඉස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් ගිල්වා, රෝගාතුරවී ඊයේ (22 දා) අලුයම මෙරටට එවා තිබූ ගෘහ සේවිකාවකි. ඇය මතුගම නෑබඩ පදිංචි තිස් දෙහැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනී නැමැති තිදරු මවකි. ඇය සෞදි අරාබියේ සිට කුවෙට් වෙත එවා එතැන් සිට අල්ජසීරා ගුවන් සේවයේ ජේ 9553 දරණ ගුවන් යානය ඊයේ 22දා අලුයම 04.25 ට කටුනායක ගුවන්තොටුපල වෙත එවා තිබුණි. එහිදී වැඩිදුර අදහස් දැක්වූ දර්ශනී මෙසේ පැවසුවාය.

“මම සැප්තැම්බර් මස 17 දා සෞදි අරාබියේ මාදීනාවල නිවසක ගෘහ සේවය සඳහා ගියා. ඒ ගෙදර වැඩ කළ සේවිකාව පැනලා ගිහිල්ලා. එයාගේ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා. ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා, බැන්නා, පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත් රූම් එක හෝදන්න ගියාම ඒව පෑගිලා මාව ලිස්සල වැටුණා. ඒ වෙලේ මගේ කොන්දයි ඔලුවයි බිම වැදුණා. මට අමාරුවේ වැඩ කරන්න බෑ කිව්වා. බාබා යනකල් ඉඳලා ඒ ගෙදර කාන්තාව මට ගහලා කාමරයකට දාලා වැහුවා. ඊට පස්සේ තමයි මාව වොෂින් මැෂින් රූම් එකට අරන් ගිහින් ඇණ ගිල්ලුවේ.” යැයි දර්ශනී පැවසුවාය.

මම මේ ගැන ලංකාවේ ඒජන්සිට කතා කරල කිව්වම ඒකේ හිටිය කාන්තාව මට කුණුහරපෙන් බැනලා, ඒ ගෙදරට ගිහින් වැඩ කරපිය කියල කිව්වා. දර්ශනී රැගෙන යෑම සඳහා ඇයගේ ස්වාමිපුරුෂයා වූ මාරිමුත්තු නිලන්ත කුමාර කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියේය. ඔහු එම ප්‍රදේශයේ වෘත්තියෙන් පොල් කඩන්නෙකි. ඔහු සිය අදහස් දක්වමින් ‘ අපේ ගේ ළඟ ඉන්නවා සෞදි අරාබියේ එම්බසියේ වැඩ කරන මහත්තයෙක්. මම එයාට ගිහින් කිව්වා මේ ගැන. එයා මට දර්ශනී ඉක්මනට ගෙනත් දෙන්න උදව් කළා. යැයි පැවසුවේය.

TAGGED: House Maid, Ramachandran Darshani
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy1
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?