නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: National Trauma Conference Highlights
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

National Trauma Conference Highlights

Published November 14, 2023

රටවල් 6 ක හදිසි අනතුරු ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති හදිසි අනතුරු ජාතික සමුළුව ( National Trauma Conference 2023 ) පසුගියදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සාර්ථකව නිමාවිය.

National Trauma Conferenceහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජාතික
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං යන අය සහභාගි විය. සමුළුවේ මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ලංක ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික
ජාගොඩ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අනතුරු වළක්වාගැනිමේ මාර්ගෝපදේශ සහ ක්‍රියාමාර්ග ගැනීමේ කමිටුවේ සභාපති ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති අfබිජීව යන වෛද්‍යවරුන්ය. මෙම සමුළුව සඳහා කොළඹ ජාතික රෝහලේ සහ අනෙකුත් පළාත් ජාතික රෝහල්වල හදිසි අනතුරු අංශයට අනුබද්ධව සේවය කරන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, දැඩිසත්කාර ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂඥ ස්නායූ ශල්‍ය වෛද්‍යවරුන්, විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්, රක්තවාතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් සහභාගි විය. මෙහිදී රටවල්වලින් පැමිණි හදිසි අනතුරු ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන්ගේ දැනුම මෙරට වෛද්‍යවරුන් සමඟ හුවමාරු කරගැනීමක් සහ මෙරට වෛද්‍යවරුන් ඔවුන්ගේ අත්දැකීම් පැමිණ සිටි පිරිස සමඟ බෙදාගැනීමක් සිදුවිය.

පුරා දින දෙකක් පැවති මෙම සමුළුව මෙහෙයවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු පිළිබඳ ලේකම් කාර්යාලය විසින් කළ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය අනුග්‍රහකත්වය ලබාදුණි.

මෙම සමුළුවේ පූර්ණ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයකත්වය ලබාදුන්නේ උපාලි පුවත්පත් සමාගමේ දිවයින,The Island, නවලිය යන පුවත්පත්ය.

හරින්දී ලියනගේ
ඡායාරූප – සුජාතා ජයරත්න සහ තුෂාර අතපත්තු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?