නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ක්‍රිකට් ලෝලීන් පිනවූ පර්සි අබේසේකර සිය දිවි ඉණිම නිමා කරයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ක්‍රිකට් ලෝලීන් පිනවූ පර්සි අබේසේකර සිය දිවි ඉණිම නිමා කරයි

Published October 31, 2023

දශක හතරකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගන්වමින් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ‘පර්සි අංකල්’ ලෙසින් විරුදාවලි ලැබ ගෞරවාදරයට පාත්‍රව සිටි පර්සි අබේසේකර මහතා සිය ජීවන ඉනිම ඊයේ (30) නිම කරමින් අප අතරින් සමුගෙන ගියේය. බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී 1979 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ සිට සිය දෑතට ගත් ජාතික ධජය සමග ලෝ වටා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ යෙදුන ඒ සොඳුරු මිනිසා ගතේ සවිය ඇතිතාක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෙවනැල්ල හා බැඳුනේය. රට වෙනුවෙන් ජයකොඩි නැංවූ ඒ මහතා ඊයේ සිය දෙනෙත් පියා ගන්නා විට ජීවන ගමනේ 87 වන කඩුල්ල පසු කර තිබුණි. පසුගිය කාලයේ රෝගාතුරව සිටි අබේසේකර මහතා රාගම රෝහලේදී අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

TAGGED: Death of Percy Abeysekara, Percy Abeysekara, Percy Uncle
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad2
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?