අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති, මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය මගින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථානයට ගමන් කිරීමට අපහසුතාවයක් ඇත්නම් මේ මස 14 වැනි දිනට පෙර ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසයි එම ඒකකය පවසා සිටියේ. ඒ අනුව දුරකථන අංක 0412 234 134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස එම ඒකකය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.