තවත් මාස එකහමාරකින් එළඹෙන සීතල නත්තල වෙනුවෙන් මේ රටේ තරු පහේ හෝටල් සියල්ලකම පහේ සුවිශේෂී කටයුතු සිදුවන අතර නත්තල් කේක් ගෙඩිය උත්සවාකාරයෙන් මිශ්‍ර කිරීම ඉන් විශේෂ වේ. පසුගිය 10 වැනි අඟහරුවාදා සවස් බාගෙයෙදී කොළඹ ගලධාරී හෝටලයේදී මෙවර නත්තල් කේක් ගෙඩිය වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම ඉතා විචිත්‍රවත් ආකරයට මෙවර සිදුවිය. එය සම්ප්‍රදායික ඉංග්‍රීසි ක්‍රිස්මස් තේමාව යටතේ සිදුකිරීමට අදහස ඉදිරිපත් කර ඇත්තේ ගලධාරි හොටලයේ ප්‍රධන විධායක සුපවේදී තුෂාන් ප්‍රනාන්දුය.
ඒ අනුව විචිත්‍රවත් පෙරහැරකින් හෝටලයේ බෝල් රූම් ශාලාවේ සිට සෙන්ට්‍රල් ලොබී ප්‍රදේශය දක්වා Back Pip Bandas, Christmas Girls සහ හෝටලයේ සුපවේදී කණ්ඩාම අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ආ අතර නත්තල් කේක් ගෙඩිය සඳහා ද්‍රව්‍ය මිශ්‍ර කිරීම ඉන් පසුව සිදුවිය. එම විචිත්‍රවත් අවස්ථාවට ගලධාරී හෝටලයේ සමාන්‍යාධිකාරී සම්පත් සිරිවර්ධන සහ ඉහළ කළමනාකාරීත්ව, මාධ්‍ය ඇතුළු අමුත්තන් එකතු විය.
ඡායාරූප- කමල් බෝගොඩ
හරින්දී ලියනගේ
අර්චිත ඉඳුවර