නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අලුත් විදිහට හිතපු “කාව්‍යාවලී ”
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අලුත් විදිහට හිතපු “කාව්‍යාවලී ”

Published September 23, 2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් “කාව්‍යාවලී ” කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමෙ උත්සවය විශ්වවිද්‍යාලයීය සුමංගල සභාසදයේදී පැවැත්විණ. ඊට සමගාමිව AI තාක්ෂණය ඇසුරින් නිර්මාණය කළ ගීත සමුච්චයක්ද එළි දැක්වීම එදිනම සිදුවිය.

මේ ගීතවල ගේය පද රචනය සිදු කර ඇත්තේ සිංහල විශේෂවේදි සිසු සිසුවියන් වන අතර සංගීතය හා ගායනය AI තාක්ෂණයෙන් සිදු කර ඇත. ඉන් එක් ගීතයක් සජීවව සිසුවියක විසින් ගායනා කරන ලද අතර ජයග්‍රාහී නිර්මාණ සඳහා සම්මාන ඵලක හා මුදල් ත්‍යාග පිරිනැමිමද සිදුවිය.

ශ්‍රී ලංකාතිලක මහින්ද කරුණාරත්න, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීංකෙන්ද, සම්මානිත කිවිවර බුද්ධදාස ගලප්පත්තති, රංජිත් මල්ලියාවඩු, මහාචාර්ය කුසුමලතා ලංකාමුල්ල, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ආදින්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

එහිදී “ශ්‍රී ලංකාතිලක මහින්ද කරුණාරත්න සම්මාන” ද්විත්වයත්, බුද්ධදාස ගලප්පත්ති සාහිත්‍ය සම්මානයත්, හේම නලින් කරුණාරත්න අනුස්මරණ සම්මානයත් පිළිවෙළින් ප්‍රශස්ත පද්‍ය කාව්‍ය රචනය, ප්‍රශස්ත පද්‍ය විචාරය, දක්ෂතම ගේය කාව්‍ය රචනය සහ නිර්මාණාත්මකම රූපරචනය උදෙසා පිරිනැමිණි.

එම වැඩසටහන ආචාර්ය හංසමාලා රිටිගහපොළගේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු අතර සිංහල විෂයය හදාරන තෙවන වසර විද්‍යාර්ථයින් විසින් සංවිධානය කරන ලදි.

හරින්දී ලියනගේ ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?