නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නවලියට 42 යි.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

නවලියට 42 යි.

Published August 5, 2024

හදවතට කතා කර ඔළුව අවදි කරන නවලිය, සංවත්සරය වෙනුවෙන් අලුත් වෙයි.

1982 අගෝස්තු 03 වැනිදා උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත උපාලි විජේවර්ධනයන්ගේ සංකල්පයකට අනුව උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනිය ලක්මණී ආර්. වෙල්ගම මැතිණියගේ අධීක්ෂණය යටතේ ආරම්භ වූ නවලිය බුද්ධිමත් කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නට පටන් අරගෙන අදට දශක හතරයි වසර දෙකක් ගෙවී අවසන්. මෙවර නවලිය සංවත්සර තේමාව වී ඇත්තේ ‘හදවතට කතා කර ඔළුව අවදි කරන නවලියට 42යි’ යන්නයි.

සංවත්සර උත්සවය අගෝස්තු 02 වැනි සිකුරාදා උපාලි පුවත්පත් සමාගමේ ප්‍රධාන  කාර්යාලයේ දී පැවැත් වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අංශාධිපතිනිය මහාචාර්ය කුසුමලතා ලංකමුල්ල, ජ්‍යෙෂ්ඨ රූපවාහිනී මාධ්‍යවේදිනී තනූජා ජයවර්ධන සහභාගී වූ අතර ඔවුන් දෙදෙනා විසින් ‘කාන්තා පුවත්පතක නූතන භූමිකාව’ හා ‘ඩිජිටල් අවකාශය තුළ කාන්තා පුවත්පතක කාර්යභාරය’ යන මැයින් හරවත් දේශන දෙකක් පැවැත්විය.

උත්සවයේ ගාම්භීරත්වය ඉහළ නංවමින් නවලිය සංවත්සර කලාපයේ කවරයේ සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියන් එම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් ඇගයීමක් සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමක්ද සිදුවිය. මීට අමතරව මෙම උත්සව සභාවට එකතු වූ ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද (චූටි මල්ලි සහ පොඩි මල්ලි) යන රංගවේදීන් විසින් ප්‍රහසන අංගයක් ද ඉදිරිපත් කරමින් පැමිණ සිටි ආරාධිතයින් කුල්මත් කිරීමක් සිදුවිය.

මෙම විශේෂ අවස්ථාව සඳහා නවලියේ ගමන්මගට කවදවත් දිරිදෙන උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය ලක්මණී. ආර්. වෙල්ගම, සන්නාම අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම, උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ලහිරු ගුණසේකර සහ මූල්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පෙරේරා සහභාගී විය.

සියලු ආරාධිතයන් පිළිගැනීම සහ නවලිය 42 වැනි සංවත්සරයේ අරමුණ පැහැදිලි කිරීමක් සහ නවලිය කණ්ඩායම ඇගයීමක් නවලිය කර්තෘ හරින්දි ලියනගේ විසින් සිදුකළ අතර උත්සව සභාව මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ ‍රූපවාහිනී නිවේදිකා පාරමී රණසිංහ විසින් සිදු කරනු ලැබීය.

නවලිය 42 වැනි සංවත්සරය සඳහා එදා මෙදාතුර නවලියට තම දැනුම ලබාදෙන සම්පත් දායකයන් රැසක් සහ උපාලි පුවත්පත් සමාගමේ සහෝදර ප්‍රකාශන වන දිවයින, ඉරිදා දිවයින, Daily Island, Sunday Island, විදුසර, සුජය, බුදුමග යන පුවත්පත් වල ප්‍රධාන  කර්තෘන්, නියෝජ්‍ය කර්තෘන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සහ නවලිය කර්තෘ මණ්ඩලය ද සහභාගී විය.

එරංදි කෞෂල්‍යා
දුම්ෂා විජේසිංහ
ටෂ්මි ගමගේ.

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ, කමල් බෝගො⁣ඩ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?