නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: NSBM හරිත සරසවියේ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

NSBM හරිත සරසවියේ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම

Published May 13, 2024
“සියපත්සිය උදානය 2024”

NSBM හරිත සරසවිය විසින් සංවිධානය කළ “සියපත්සිය උදානය 2024” අලුත් අවුරුදු උත්සවය ඉකුත් අප්‍රේල් මස 30 වැනි දා හෝමාගම පිහිටි හරිත සරසවි පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම මුල්කර ගනිමින් 2012 වසරේ සිට වාර්ෂිකව පවත්වන මෙම උත්සවය හරහා සියලුම ජාතීන් නියෝජනය කරන විශ්වවිද්‍යාලයේ තරුණ සිසු පිරිස අතර අන්‍යෝන්‍ය සබැඳියාව සහ සංස්කෘතික වටිනාකම් පෝෂණය කිරීම අරමුණු කෙරේ. මෙම වර්ෂය සඳහා සංවිධානය කරන ලද “සියපත්සිය උදානය 2024” ද සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතිකාංග, අවුරුදු ක්‍රීඩා මෙන්ම විනෝදාත්මක අංග රැසකින් අලංකාරවත් වී තිබුණි.

NSBM  හරිත සරසවියෙහි උපකුලපතිතුමන් වන මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම අවුරුදු උත්සවය සඳහා NSBM කාර්ය මණ්ඩලය, ආරාධිතයින්, අනුග්‍රාහක භවතුන්, සිසුන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එමෙන්ම මෙරට ප්‍රකට ජනශ්‍රැතිවේදියෙක් වන මහින්ද කුමාර දළුපොත මහතා විසින් අලුත් අවුරුදු චාරිත්‍ර සහ ජන ක්‍රීඩා පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.

සෑම වර්ෂයකම මෙම අලුත් අවුරුදු උත්සවයේ වඩාත් ආකර්ශනීය අංගය වන අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය මෙවරත් පැවැත්විණි. එහිදී “සියපත්සිය උදානය 2024 අවුරුදු කුමරිය” ලෙස චමත්කා දැහැමි කිරුළ පැළඳි අතර “සියපත්සිය උදානය 2024 අවුරුදු කුමරා” කිරුළ ලසන් පතිරණ දිනාගත්තේය.

ප්‍රේක්ෂක මනාපය මත තෝරාගත් “සියපත්සිය උදානය 2023 ජනප්‍රියතම අවුරුදු කුමරිය” කිරුළට හිමිකම් කීමට සමත් වුයේ සඳුනි වක්කුඹුරයි. වැඩිම ප්‍රේක්ෂක මනාප ප්‍රමාණයක් ලබාගත් “සියපත්සිය උදානය 2023 ජනප්‍රියතම අවුරුදු කුමරා” ලෙස ලසන් පතිරණ තේරී පත් විය.

“සියපත්සිය උදානය 2024” හි ප්ලැටිනම් සහකරු ලෙස “සිලෝන් චොක්ලට් සමාගම (කැන්ඩොස්)” එක්ව සිටි අතර නිල මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස “නවලිය” ද, නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස “දිවයින Online” ද, නිල රුපලාවන්‍ය සහකරු ලෙස “චානක පෙරේරා සැලෝන්” ද, නිල මල් සැකසුම් සහකරු ලෙස “KD Flora” ද එක් වූහ.

TAGGED: NSBM හරිත සරසවියේ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?