නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අඟහරු වෙත යන්න සැරසෙන ලංකාවේ පියුමි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

අඟහරු වෙත යන්න සැරසෙන ලංකාවේ පියුමි

Published April 18, 2024

අඟහරු තරණය කිරීම සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට සහභාගි වීම සඳහා නාසා ආයතනය විසින් තෝරාගත් සිව් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික තරුණියක් වන පියුමි විජේසේකරද ඇතුළත් වී තිබෙනවා.

ඇය සමඟ Jason Lee, Stephanie, Navarro, Sharef Al Romaithi යන පිරිස මෙම කණ්ඩායමට ඇතුළත් අතර ඔවුන් මැයි 10 සිකුරාදා හූස්ටන්හි ඉදිකර ඇති අඟහරු තරණය කිරීමේ අනුකරණ මධ්‍යස්ථානය වන Hera වෙත පිවිසීමට නියමිතයි.

එතැන් සිට එම කණ්ඩායම දින 45ක කාලයක් අඟහරු තරණයට යන ගගනගාමීන් වෙනුවෙන් සාදා ඇති අනුකරණ පරිසරයක් තුළ ජීවත් වීමට නියමිත අතර එහිදී ගගනගාමීන් ලෙස කටයුතු කිරීමෙන් ඔවුන්ට අඟහරු තරණය කිරීමේ පුහුණුවක් සහ ඊට අනුගත වීමේ අවස්ථාව ලැබෙන අතර එම කාලය ජුනි 24 වැනි දින ආපසු පැමිණීමෙන් අවසන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ නාසා ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියක් බව වාර්තා වෙනවා.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?