සියනෑපුරවරය ප්‍රසිද්ධ මොකකටද කියලා දැන් ඇහුවොත් බය නැතුව කියන්න හිතෙන්නේ කඩවසම්ම කුමාරයෙක් තෝරණ, පංච කල්‍යාණ යෙන් හෙබි කුමාරියක් තෝරණ වචනය පරිසමාප්ත අර්ථයෙන්ම අවුරුදු කුමරියක් අවුරුදු කුමරයෙක් තෝරණ ඉසව්ව තියෙන තැන විදිහට. ඒකේ ආයේ විවාදයක් නැහැ.
සියනෑ අවුරුදු කුමරිය සහ කුමරා 2024 මෙවරත් මේ රටේ රූපලාවන්‍යය සහ ඇදුම් නිර්මාණ ක්ෂේත්රයේ දැවැන්තයන් දෙදෙනෙකු වන සමන්ත ගුණසේකරත්, ජොනි ගුණසේකරත් එක්ව Moods පුද්ගලික සමාගම, නිට්ටඹුව පාරෝ හෝටලය, කාන්තාවන්ගේ ළගින්ම සිටින ලියානා සන්නාමය සහ නවලිය මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් අප්‍රේල් 28 වැනි දා පැවැත්විමට සූදානම් වේ. මෙහි විකාශන අනුග්‍රාහකත්වය බියුටි ටී. වී.
සියනෑ කුමරා – කුමරී 2024 පළවෙනි වටයේ තෝරා ගැනීම පසුගිය 30 වැනි සෙනසුරාදා පාරෝ හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය. එහිදී සියනෑ කුමරියන් ලෙස අභිෂේක ලබන්නට රූමත් තරුණ යුවතියන් සියයකට ආසන්න පිරිසක් පැමිණ හිටියහ. ඊට නොදෙවෙනි ලෙස කඩවසම් තරුණයන් පනහකට ආසන්න ප්‍රමාණයක් පැමිණ හිටියහ. මේ පිරිස අතරින් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේදී ඔවුන්ගේ තොරතුරු සහ විනෝදාංශ දක්ෂතා ඉදිරිපත් කරමින් අවසන් වටය සඳහා රූමත් කුමරියන් දහ දෙනෙකු සහ කඩවසම් කුමරයන් දහ දෙනෙකු තෝරා ගත්තහ.
සියනෑ අවුරුදු කුමරිය සහ කුමරා 2024 නිවේදන කටයුතු කළේ ප්‍රවීණ නිවේදිකා ශෂිනි ලක්ෂි හිටිබණ්ඩාරයි.
✍️ හරින්දී ලියනගේ
📸 ඩයාන් ප්‍රදීප්