නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: 2024 සම්බුදු තෙමඟුල නිමිත්තෙන් රේඩියෝ වෙරිටාස් වෙතින් සදහම් තිර පිටපත් තරඟාවලියක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

2024 සම්බුදු තෙමඟුල නිමිත්තෙන් රේඩියෝ වෙරිටාස් වෙතින් සදහම් තිර පිටපත් තරඟාවලියක්

Published March 12, 2024

සම්බුදු තෙමඟුල වෙනුවෙන් රේඩියෝ වෙරිටාස් සිංහල සේවය විසින් කෙටි චිත්‍රපට තිර පිටපත් තරඟාවලියක් සංවිධානය කර ඇත.

එම තිර පිටපත පන්සිය පනස් ජාතක පොතේ සඳහන් කතා වස්තුවක් ඇසුරින් වත්මන් සමාජයට කාලීන පණිවුඩයක් ලබාදෙන නිර්මාණයක් විය යුතු වේ. තරඟකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන පිටපත් අතරින් විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගනු ලබන හොඳම නිර්මාණ ත්‍රිත්වයට වටිනා මුදල් ත්‍යාග සමඟින් සහතික පත්‍ර ද එම නිර්මාණ අප වෙරිටාස් සිංහල සේවය මගින් කෙටි චිත්‍රපට ලෙස නිෂ්පාදනය කර වෙසක් පෝය දිනට පෙර වෙරිටාස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමාජගත කිරීමට නියමිත වේ.

තරඟ කොන්දේසි:

■ එම තිර පිටපත ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතු ය.

■ මාධ්‍යය – සිංහල

■ කෙටි චිත්‍රපටියක් සඳහා එය විනාඩි 5ත් – 7ත් අතර කාලයකට සීමා විය යුතුය.

■ පන්සිය පනස් ජාතක පොතෙන් උපුටා ගන්නා ලද ජාතක කථාවක් විය යුතුය.

■ ජාතක කතාවේ සඳහන් චරිත ඒ ආකාරයෙන්ම විකෘති නොකර දැක්විය යුතුය.

■ බෝධිසත්වයන්ගේ හෝ සුධවල චරිතවලට අපහාස, අවමාන හෝ උපහාසයක් නොවන අන්දමට චරිත යොදා ගත යුතුය.

■ තිර රචනයේ රූප රාමුවල පසුබිම, රූපක පිළිබඳ විස්තර අධ්‍යක්ෂවරයාට රූපගත කිරීමට පහසු වන පරිදි සැකෙවින් සඳහන් කළ යුතුය.

■ සදාචාර සම්පන්න අධ්‍යාත්මික පණිවුඩයක් ඔබේ තිර රචනය තුළින් ජනතාවට දිය යුතුය.

■ තිර රචනය පිළිබඳ සම්පූර්ණ වගකීම තිර රචකයා විසින් දැරිය යුතුය.

■ එය ටයිප් සෙටින් කර අප වෙත ලියාපදිංචි තැපෑලෙන්, වට්ස්ඇප් (WhatsApp) හෝ විද්‍යුත් තැපෑලෙන් (Email) ලැබීමට සැලැස්විය යුතුය.

■ මෙම තරඟය සඳහා ඕනෑම අයෙකුට (ජාති, ආගම්, වයස් භේදයකින් තොරව) සහභාගී විය හැකිය.

■ විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

■ පිටපත් බාර ගන්නා අවසාන දිනය 2024 අප්‍රේල් 14 වැනි දිනය වේ.

අපගේ ලිපිනය: ගරු හේමන්ත පෙරේරා පියතුමා, සම්බන්ධීකාරක, වෙරිටාස් සිංහල සේවය, නො. 19, බැල්කොම්බ් පෙදෙස, කොළඹ 08.

දුරකථන අංකය: +94 11 2 697 597

WhatsApp: +94 76 577 3522

විද්‍යුත් තැපෑල: rvasinhala@gmail.com

Facebook: RVA Sinhala

අයදුම් පත්‍රය

නම:

ලිපිනය:

ස්ත්‍රී පුරුෂ භාවය:

හැඳුනුම්පත් අංකය:

දුරකථන අංකය:

වට්ස්ඇප් (WhatsApp) අංකය:

නිර්මාණය සඳහා ඇසුරු කරගත් ජාතක කතාව:

මෙම තිර පිටපත ස්වතන්ත්‍ර නිර්මාණයක් වන අතර යම් හෙයකින් මාගේ තිර පිටපත නිෂ්පාදනය සඳහා තෝරාගනු ලැබුවහොත් එහි සියළු හිමිකම් වෙරිටාස් ආයතනය සතුවන බවට මම සපුරා එකඟ වෙමි.

දිනය අත්සන

TAGGED: Radio Veritas Asia - Sinhala, RVA Sinhala, Vesak, කෙටි චිත්‍රපට තිර පිටපත් තරඟාවලිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?