නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජ’පුර මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ වාර්ෂික ඩිප්ලෝමා සමර්පණෝත්සවය මාර්තු 03 වැනිදා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ජ’පුර මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ වාර්ෂික ඩිප්ලෝමා සමර්පණෝත්සවය මාර්තු 03 වැනිදා

Published February 27, 2024

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ වාර්ෂික ඩිප්ලෝමා සමර්පණෝත්සවය මැයි මස 03 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.5.00 දක්වා සැසිවාර හතරකින් යුක්තව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිටිපන තාක්ෂණ පීඨ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

එහි පළමු සැසිවාරය යටතේ බෞද්ධ උපදේශන ඩිප්ලෝමාව, බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව, සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණ පිළිබඳ ඩිප්ලෝමාව, ආර්ථික විද්‍යාව හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව, සමාජවිද්‍යා ඩිප්ලෝමාව සහ සමාජ වැඩ ඩිප්ලෝමාව යන පාඨමාලා හදාරන ලද සිසුන් සඳහා ඩිප්ලෝමා සහතික පත් පිරිනැමේ.

දෙවන සැසිවාරයේ දී ඉංග්‍රී‍සී ඩිප්ලෝමාව(බාහිර), ඉංග්‍රී‍සී ඩිප්ලෝමාව(අභ්‍යන්තර) සහ ජපන් භාෂා ඩිප්ලෝමාව පාඨමාලා හදාරන ලද සිසුන් සඳහා ඩිප්ලෝමා පිරිනැමීම සිදුකරනු ලැබේ.

භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදය පිළිබඳ ඩිප්ලෝමාව, ග‍්‍රාමීය සංවර්ධන ඩිප්ලෝමාව, ඉතිහාසය ඩිප්ලෝමාව, ඇබ්බැහිවීම පිළිබඳ මනෝවිද්‍යාව හා පුනරුත්ථාපනය ඩිප්ලෝමාව, ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාව සහ ව්‍යවහාරික දෙමළ භාෂා ඩිප්ලෝමාව හදාරන ලද සිසුන් සඳහා ඩිප්ලෝමා ප‍්‍රදානය තෙවන සැසියේදී සිදුකෙරේ. අවසන් සැසිය වන සිව්වන සැසිවාරයේ දී අපරාධ විමර්ශනය හා නූතන තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව, අපරාධ නිවාරණය සහ අපරාධ පාලනය සඳහා නීති අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව, අපරාධ මනෝවිද්‍යාව සහ වරදකරුවන් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමාව යන ඩිප්ලෝමා හදාරන ලද සිසු සිසුවියන් උදෙසා ඩිප්ලෝමා සහතික පත් ප‍්‍රදානය කිරීමට නියමිතය.

මේ සියලු ඩිප්ලෝමා පාඨමාලා සාර්ථක ව නිමකළ ඩිප්ලෝමාලාභීන් රටේ සබුද්ධිමත් ශ‍්‍රම බලකාය වෙත ප‍්‍රමාණවත් සේවාවක් ලබා දෙනු ඇතැයි තම විශ්වාසය බව මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීංකෙන්ද මහතා ප‍්‍රකාශ කර සිටියි. මෙහිදී ඩිප්ලෝමා සහතික පත් ප‍්‍රදානය කෙරෙන දහසකට අධික සිසුන් වෙත සුභාශංසන පළකරමින් ඔහු පවසන්නේ, ලාංකේය ප‍්‍රජාවගේ ශාස්තී‍්‍රය අධ්‍යාපනය උදෙසා තවදුරටත් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.

TAGGED: Diploma Ceremony, Diploma Convocation, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?