නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2024 සඳහා කෘති ලබා ගැනීම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2024 සඳහා කෘති ලබා ගැනීම

Published January 16, 2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය, 15 වැනි වරටත් 2024 සැප්තැම්බර් මස 03 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එහිදී 2023 වර්ෂයේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහය හෝ තීරුලිපි සංග්‍රහය හා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්‍ෂේත්‍රවලට අදාළ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය තෝරා සම්මාන පිරිනැමේ.

ඒ සඳහා 2023 වසර ඇතුළත ප්‍රකාශයට පත් කරන ලද නවකතා, කෙටිකතා සංග්‍රහ, පද්‍ය සංග්‍රහ, ගේය කාව්‍ය සංග්‍රහ, පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහ හෝ තීරුලිපි සංග්‍රහ, ශාස්ත්‍රීය කෘති (මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්‍ෂේත්‍රවලට අදාළ) 2024.02.28 වන දින දක්වා බාරගනු ලැබේ. අදාළ කාල පරිච්ඡේදය තුළ ඔබ විසින් ප්‍රකාශයට පත් කරන ලද කෘති, පිටපත් දෙක බැගින් බහුවිෂයීය පර්යේෂණ මධ්‍යස්ථානය, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය හැකිය.

විමසීම් – 0702464811/ සභාපති – 0714837683

TAGGED: University of Sri Jayewardenepura, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2024
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?