නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෑම පෙට්ටි, වතුර බෝතල්, පාට පැන්සල්වලත් පිළිකා කාරක
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කෑම පෙට්ටි, වතුර බෝතල්, පාට පැන්සල්වලත් පිළිකා කාරක

Published January 1, 2024

ප්‍රමිතියක් තියෙන ප්ලාස්ටික් බඩු දරුවන්ට දෙන්න

අලුත් අවුරුදු ආසන්නව පවතින මේ දිනවල පදික වේදිකාවල ඉතා ලාබයට වෛවර්ණ භාණ්ඩ අලෙවි වනවා. ඒ අතර දරුවන් වෙනුවෙන් වූ පාසල් උපකරණ වගේම සෙල්ලම් බඩු වැනි විවිධ දේ ද ඇතුළත්.

හොඳම දේ දරුවන්ට වුණත්…

හොඳම දේ දරුවන්ට බව ගෝලීය වශයෙනුත් දරුවන් මුල් කරගත් තේමාවක් වුණත් සැබැවින්ම දරුවන්ට ලැබෙන්නේ හොඳම දෙයද යන්නත් විමසීමට ලක්කළ යුතු තත්ත්වයක්.දරුවෙක් කියන්නේ සැබෑම ආශිර්වාදයක්. ඒ නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් මව්පියන්ගේ ආදරය වගේම රැකවරණය අවශ්‍ය වෙනවා. එහෙත් පසුගිය දිනවල අනාවරණය වුණ විදිහට පිටකොටුවේ අලෙවි වුණ සමහර පාසල් උපකරණවල පිළිකා කාරක සංයෝගයන් අන්තර්ගතව තිබුණා. මෙය පිටකොටුවට පමණක් සීමා වන්නේ නැහැ. ඒ නිසා දරුවන් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ආර්ථික වාසියට වඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන මව්පියන්ගේ අවධානය අනිවාර්යෙන්ම යොමුවීම ඉතාම වැදගත්.

පැන්සල්වලත් පිළිකා කාරකයන්…

පදික වේදිකාවන්හි ඉතාම වේගයෙන් අලෙවි වන පැන්සල්, පදම් කළ මැටි හෙවත් Clay වැනි පාසල් උපකරණවල පිළිකා කාරක ද්‍රව්‍යන් ඇතුළත් බැව් මේ වනවිටත් හඳුනාගෙන තිබෙනවා. අතීතයේදී දරුවන් තමන්ගේ නිර්මාණ කාර්යයන් වෙනුවෙන් පරිසරයෙන් ලබාගත් කිරිමැටි භාවිත කළත් අද වනවිට ඒ පහසුකම් දරුවන්ට නැහැ. ඒ නිසාම විකල්ප වෙනුවෙන් යොමුවීමට දැන් ඔවුන්ට සිදුවනවා. Clay නිෂ්පාදනය වෙනුවෙන් අමුද්‍රව්‍ය විදිහට “ කෙඔලින් ” යොදා ගන්නවා.

මේවා පදම් කොට වර්ණ එකතු කිරීමෙන් ආකර්ශණීය ලෙස සකස් කරනවා. මෙහිදී වර්ණ නිෂ්පාදනය සඳහා යොදාගන්නා ඊයම්, ක්‍රෝමියම් වැනි බැරලෝහ අධිමාත්‍රාවකින් යොදාගන්නා නිසා Clay වල සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයක් නැහැ. තීන්තවල අන්තර්ගත ඊයම් ( Led ) රසායනය දරුවන්ගේ අත, මුඛය ආදිය සමග ගැටීම නිසා මෙම විෂ සංයෝග ශරීරගත වීමට පුළුවන්.

දරුවන් වෙනුවෙන් අලෙවි වන පැන්සල්වලත් මේ අහිතකර තත්ත්වය දකින්න ලැබී තිබෙනවා. වෙළෙඳපොළේ ඇති සමහර පැන්සල්වල වුණත් ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිත බව ගැන සහතික වෙන්න බැහැ.අපට දරුවන් ගැන වැඩිහිටියන්ගේ තත්ත්වයෙන් සිතන්න බැහැ. ඔවුන් මානසික වශයෙන් වගේම කායිකවත් පරිණත වුණ චරිත නොවෙයි. මේ උපකරණ සමග කටයුතු කරන විට ඒවා අත පත ගෑම, කටේ දමා ගැනීමට දරුවන් පුරුදු වී සිටිනවා.

මේවා අහිතකර බැව් නිරන්තරව කිව්වත් ඒ ගැන ඔවුන්ට වැටහීමක් නැහැ. ප්‍රතිශක්තිකරණය අතිනුත් වැඩිහිටියන්ට සාපේක්ෂව ඔවුන්ට ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. කාලයක් පුරාම මේ අහිතකර අංශුවලට නිරාවරණය වීම නිසා අනාගතයේදී ඔවුන් වකුගඩු රෝගී තත්වයන්ට ගොදුරු වීමේ සහ පිළිකා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇති වෙනවා.

ප්ලාස්ටික් බෝතල්…

දරුවන් විසින් පරිභෝජනය කරන වතුර බෝතල් අද ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය වී තිබෙනවා. ප්ලාස්ටික් බෝතල් තෝරාගැනීමට හේතු කීපයක් තිබෙනවා.

නැමෙනසුළු බව නිසා ඕනෑම හැඩයකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව.

කල් පැවැත්ම

වර්ණ ගැන්වීමේ හැකියාව

සැහැල්ලු

පාවිච්චි කිරීමේ පහසුව

මේ පහසුකම් ගැන හැමදෙනාගේම අවධානය යොමුවුණත් එයින් ඇතිවන පාරිසරික සහ සෞඛ්‍ය අවදානම ගැන දැනුවත් වීම ඉතාම අල්පයි. වීදුරු බෝතලයක් රැගෙන යෑම අපහසු වුණත් ප්ලාස්ටික් සමග සංසන්දනය කරන විට අහිතකර රසායනයන් නැහැ. ඒත් ඊටත් වඩා සෞඛ්‍ය පැත්තෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන සිතනන්ට දැන් කාලය ඇවිත්.

ප්ලාස්ටික් නිෂ්පාදනයේදී සින්තටික් සහ සෙමි-සින්තටික් විදිහට නිෂ්පාදනය කරනවා. ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදාගන්නා ප්‍රධානම දේ පෙට්රෝලියම්. ඒ වගේම මේවායේ නැමෙනසුළු බව පවත්වා ගැනීමට විවිධ රසායනයන් එකතු කරනවා. ඉල්ලුම වැඩි වූ නිසා විවිධ මාදිලියේ අලුත් නිෂ්පාදන එකතු වුණා. ඒ නිසා දැන් ප්ලාස්ටික් වෙනුවෙන් වර්ගීකරණයක් හඳුන්වා දී තිබෙනවා.

ප්ලාස්ටික්වල ප්‍රභේද කීපයක් තිබෙනවා

1. PET – Polyethylene Terephthalate

2. HDPE – High density polystyrene

3. PVC

4. LDPE – Law density polystyrene

5. PP – Polypropalene

6. Polystyrene

7. Other plastic material

ආහාර අසුරණ ගැන අවධානයෙන්…

1988 වසරේදී සිදුකරන ලද ප්ලාස්ටික් වර්ගීකරණයට අනුව 1 – 6 දක්වා වර්ග හයක් හඳුනාගත් අතර එයින් පසුව 7 ලෙසින්ද තවත් බෙදීමක් සිදුවුණා. මෙහිදී 3 -6 -7 සෞඛ්‍යට නුසුදුසු බව පිළිගැනුණ අතර සෙසු වර්ග පාවිච්චියට සුදුසු බව නිර්දේශ වුණා. බෝතලයක් මිලට ගැනීමේදී බාහිර ආකර්ශනය නොව ඒ බෝතලය යටි පැත්තේ ඇති ත්‍රිකෝණයක සටහන් කර තිබෙන අංකය ගැන බලන්න.

ඒ ගැන දැනුවත් වීමත් වැදගත්. සෞඛ්‍යාරක්ෂිත ප්ලාස්ටික් බෝතල් මිලට ගැනීමේදී ඉහත දක්වා ඇති 1-2-4-5 අංක වඩාත් සුදුසු බව යෝජනා කරනවා. එයිනුත් නැවත නැවත පාවිච්චියට වතුර බෝතලයක් හෝ ආහාර අසුරණයක් තෝරා ගනිද්දී අංක 5 යටතේ ඇති භාණ්ඩ තෝරාගැනීමට යොමුවීම සුදුසුයි.

මාළු කන්නෙත් පරිස්සමින්…

අතීතයේදී ආහාර ඇසුරුම වෙනුවෙන් වත්තේ පිටියේ තිබුණ කෙසෙල් කොළය හෝ පුවක් කොළය යොදාගත්තත් අද ඒ ගැන උනන්දුවක් නැහැ. ප්ලාස්ටික් පෙට්ටියට පවා ඉඳුල් තැවරෙන නිසා ලන්ච් ෂීට් එකක් අතුරනවා. අද වනවිට දැනුවත් පිරිස් කෙසෙල් කොළය, නෙළුම් කොළය දැවටුම් විදිහට භාවිත කළත් ඇතැම් පිරිස් අනවශ්‍ය අන්දමින් ප්ලාස්ටික් සහ පොලිතින් දැවටුම් සහ ඇසුරුම් වෙනුවෙන් යොමු වනවා. මේවා ඉවත දැමීමේ ගැටලු තිබෙනවා. පරිසරයට එකතු වන පොලිතීන් ප්ලස්ටික් නිසා ජලනල පද්ධති සිරවෙනවා.

මේවා ගංගාවලට එකතු වීම නිසා වතුර අපිරිසිදු වෙනවා. පරිසරයේ තැන තැන තිබී වතුර පිරීම නිසා ඩෙංගු මදුරුවන්ගේ ගහණය ඉහළ යනවා. ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙසින් සාගරයට එකතු වීම නිසා මත්ස්‍ය ගහණයට ගැටලු ඇති වෙනවා. ප්ලාස්ටික් මත්ස්‍යයින්ගේ ආහාර දාමයට එකතු වීම නිසා ඒ මත්ස්‍යයින් ආහාරට ගන්නා මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත් බලපෑම් ඇතිවනවා.

ප්ලාස්ටික් බෝතලයකට උණුවෙන් වතුර දැමීම සුදුසු නැහැ…

ප්ලාස්ටික් බෝතලයකට උණුවෙන් වතුර දැමීම සුදුසු නැති බැව් නිරන්තරව අපට ඇසුණත් ඒ ඇයි කියන්නටත් දැනුවත් වීම වැදගත්. ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම්වල ගන්ධයන් උරාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ප්ලාස්ටික් භාජන සූර්යාලෝකයට නිරාවරණය වී රත්වීම සමගම ඒවායේ ඇති විෂ රසායන අංශූ නැවත පිටතට පැමිණීම නිසා මේ භාජනවල ඇති වතුරට හෝ ආහාරවලට විෂ රසායන අංශු ඇතුළත් වෙනවා. ඒ නිසා ප්ලාස්ටික් නිෂ්පාදනයන්ට උණුවෙන් වතුර හෝ ආහාර දව්‍ය දැමීම සුදුසු නැහැ.

BPA (Bisphenol A) සංයෝග අහිතකරයි

Bisphenyl A (BPA ) සංයෝගය ප්ලාස්ටික් නිෂ්පාදනය්දී බහුලව භාවිත කරනවා. මේවා සිරුරට එකතු වීම අහිතකරයි. මේ සංයෝග හැම ප්ලාස්ටික් වර්ගයකම ඇතුළත් වෙනවා. ප්ලාස්ටික්වල අන්තර්ගත Bisphenyl A (BPA ) ඉතාම අහිතකර විදිහට මිනිසාගේ සෞඛ්‍යය තත්ත්වයට බලපානවා. පියයුරු පිළිකා, කාන්තා ප්‍රජනන පද්ධතියේ සංකුලතාවන්,දරුවන් අතර දක්නට ලැබෙන Eczema වැනි සමේ දද ඇතිවීමේ ගැටලු ඇතිවීමේ අවදානමක් මේ සංයෝගය සමග සමීපව සම්බන්ධතාවක් දක්වනවා.

2009 වසරේදී පමණ BPA සංයෝගය සහ ඊස්ට්‍රජන් අතර වූ සහසම්බන්ධතාව මුල්කර ජර්මනියේ පර්යේෂණයක් කළා. මෙහිදී BPA අඩංගු සහ අඩංගු නැති බෝතල් තෝරාගෙන ඒවා තුළට ගොලුබෙල්ලන් ඇතුළු කළා.

BPA අඩංගු බෝතල්වල සිටි ගොලුබෙල්ලන්ගේ බිත්තර සංඛ්‍යාව BPA නොමැති බෝතල්වල හිටිය ගොළුබෙල්ලන්ට වඩා අඩුවෙන් පැවැති බව නියමිත කාලය අවසානයේදී පර්යේෂකයන්ට පෙනී ගියා. ඒ අනුව BPA නිසා ඊස්ට්‍රජන් හෝර්මෝනයට වැඩි බලපෑමක් ඇතිකරන බව පැහැදිලිව පෙනීගිය නිසා බොහෝ රටවල් දැන් BPA තොර BPA Free ඇසුරුම් නිෂ්පාදන පිලිබඳව යොමුවීමේ වීශේෂ ප්‍රවණතාවක් ඇතිව තිබෙනවා.

අපේ ආරක්ෂාව සලසාගත යුත්තේ කෙසේද?

පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදනයේදී නිසි ප්‍රමිති අනුගමනය කිරීම අනිවාර්ය කිරීම

ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන අලෙවිය තරයේම තහනම් කිරීම

ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අවම කිරීම

ආරක්ෂිත නොවන ප්ලාස්ටික් පොලිතින් භාවිතයේ සෞඛ්‍ය අවදානම ගැන සමාජය දැනුවත් කිරීම

දරුවන් වෙනුවෙන් මිලදී ගන්නා භාණ්ඩ ගැන මව්පියන්ගේ දැනුවත් වීම

පරිහරණයට නුසුදුසු දේ මිලට ගැනීම වෙනුවෙන් ස්වයං වාරණ පනවා ගැනීම

මේ අන්දමින් ප්ලාස්ටික්, පොලිතින් භාවිතයේදී ඔබ නිසි දැනුවත් බවකින් කටයුතු කිරීම මව්පියන් ලෙස ඔබේ වගකීමක් ලෙසින් සිතන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: Carcinogens, Clay, Led, School equipment, වතුර බෝතල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?