නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Breech ආකාරයට පිහිටන කළලයක් දරු ප්‍රසූතියට සූදානම් කිරීම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

Breech ආකාරයට පිහිටන කළලයක් දරු ප්‍රසූතියට සූදානම් කිරීම

Published December 4, 2023

දරුවෙක් පිළිසිඳ ගැනීමෙන් පසුව සති 9 ක පමණ කාලයේ පටන් චලන කටයුතු සිදුවනවා. ගර්භාෂයේ පිහිටි කලලය සති 30 සිට 37 ක් වන විට හිස පහළට සිටින ආකාරයට පිහිටනවා එය සාමාන්‍ය සිදුවීමක්. ඒ වගේම කලලය හිස පහළට සිටින සේ පිහිටීම Cephalic එහෙම නැත්නම් Vertex Presentation යනුවෙන් හඳුන්වනවා. බොහෝ අවස්ථාවලදී දරුවා හිස ප්‍රමුඛව හෙවත් “Cephalic Presentation (vertex presentation)”  අනුව පිහිටා සිටිනවා නම් අපට පහසුවෙන්ම සාමාන්‍ය දරු ප්‍රසුතියකින් දරුවා බිහි කරන්න පුළුවන්. මෙහිදී කලලයේ හිස, මවගේ ශ්‍රෝණි කුහරය තුළ කලලයේ මුහුණ මවගේ පිටුපසට සිටින සේ පිහිටනවා. එවිට ඉතා පහසුවෙන් සාමාන්‍ය දරු ප්‍රසුතියක් සිදු කරගන්න පුළුවන්.නමුත් සමහර විට සති 36 පසු වුණාම සති 3% ක් පමණ දෙනාගේ කලලය නිශ්චිත පිහිටීමක් නැතුව කලලාවර්ත තරලයේ කැරකැවෙමින් පවතිනවා.

හේතු කීපයක් සඳහන් කරන්න පුළුවන්

ගර්භණී සමයේදී ගර්භාෂය තුළ දරුවා වටා ඇති තරලය “ඇම්නියොටික්” තරලය යනුවෙන් හඳුන්වනවා. මෙම තරලය අධික ලෙස පිහිටීම Polyhydrannious යනුවෙන් හැඳින්වෙනවා. කලලාවර්ත තරලය අධිකව පිහිටීම නිසා කලලයේ සංකුලතාවන් ඇතිවීමට පුළුවන්.

දියවැඩියා තත්වය

දරුවාගේ මෞත්‍ර ලිංගික පද්ධතියේ ඇතිවන රෝගාබාධ

ගර්භාෂයේ වෙනස් පිහිටීම්

බහු කලල අවස්ථා

කලලයේ Breech පිහිටීම

මීට අමතරව Breech ආකාරයට පිහිටන කලල සඳහා අපි විශේෂ ක්‍රමවේදයක් භාවිත කර දරු පසූතිය සිදුකරනවා. කලලය හිස ප්‍රමුඛ නොවී තට්ටමෙන් පිහිටා සිටීම Breech පිහිටීම යනුවෙන් හැඳින්වෙනවා.

Breech ආකාර තුනකින් කලල ගර්භාෂයේ පිහිටා තිබෙන්න පුළුවන්.

Extended Breech

කකුල් දෙක උඩඅතට දිගුකරගෙන පිහිටන කලල

Flexed Breech

කකුල් උඩඅතට දිගුකරමින් දණහිස්වලින් නවාගෙන සිටින කලල

Footling Breech

කකුල් පහළට දිගුකරගෙන නැතහොත් කකුල්වලින් සිටගෙන සිටිනවා වැනි ආකාරයට පිහිටීම

External Cephalic Version (ECV) කියන්නේ මුලින් සඳහන් කරන ලද රෝග තත්ත්වයන් නොමැති නම් Breech ආකාරයට පිහිටි කලලය හිස පහළට සිටින ආකාරයට හැරවීමට පුළුවන්. අපි මෙය External Cephalic Version (ECV) යනුවෙන් හැඳින්වෙනවා.

ඒ වගේම සුදුසුකම් ලත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් මේ හැරවීම සිදුකරනවා. මෙහිදී සිසේරියන් සැත්කමකට සුදුසු පරිසරයක් අවශ්‍ය වෙනවා.කලලයේ හෘද ස්පන්දනය අධීක්ෂණය කොට අත් දෙකෙන් ගර්භාෂයට පීඩනය යොදමින් හිස පහළට සිටින ආකාරයට හැරවීමයි. මෙය බොහෝ විට සති 36 -37 අතර කාලයේදී සිදුවනවා. ඊට පෙරාතුව කලලය හැරවුවොත් කලලය නැවත හැරීමට පුළුවන්. නමුත් හැම ගර්භණී මවකටම External Cephalic Version (ECV) කරන්නත් බැහැ.

එහෙම බැරි වෙන්නේ ඇයි?

බහු කලල අවස්ථා නිවුන් සහ තුන් නිවුන් කලල ඇතිවිට ( Twins, Triplets වැනි )

කලලාවර්ත තරලය අඩුවෙන් ඇතිවිට ( oligohydramniosis)

වැදෑමහ පහළින් පිහිටන අවස්ථා ( Placenta previa )

ගර්භාෂයේ වෙනස්කම් – පිළිකා නොව ෆ්‍රයිබ්‍රොයිඩ් වැනි ගෙඩි ( uterine fibroid )

ගර්භාෂයේ විකෘතිතාවන් ( bicornuate uterus) ,septate uterus තත්වයන් )

භෘණයේ හදගැස්ම ඉතා වැඩි හෝ අඩු අවස්ථා

දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සහිත මව්වරුන්ට අපි මුලින් සඳහන් කළ අන්දමින් External Cephalic Version කරන්නේ නැහැ.external cephalic Version නිසා සංකුලතාවන් ඇතිවන්නත් පුළුවන්.

රුධිර වහනය

කලලයේ හෘද ස්පන්දනය අධික වීම හෝ අඩු වීම Placental abruption

නොමේරූ දරු උපත්

Preterm Rupture of Membrance

External Cephalic Version සිදුකරන විට මවට හෝ කලලයට සංකුලතාවයක් ඇතිවුණොත් ඉතා ඉක්මනින් සිසේරියන් සැත්කම සිදුකරනවා. External Cephalic Version කිරීමට පෙරාතුව මවට වේදනා නාශක ලබාදෙනවා. ඊට අමතරව ගර්භාෂයේ සංකෝචන තත්ත්වය අවම කිරීමටත් ඖෂධ ලබා දෙනවා. කොහොම වුණත් ඔබේ දරු කලලය Breech ඉරියව්වෙන් පිහිටා තිබෙනවා නම් External Cephalic Versoin සිදුකර සිසේරියන් සැත්කමක්ට යොමුවීම වඩාත් සුදුසුයි. එයින් දරුවාගේ වගේම මවගේ අවදානම වළක්වා ගැනීමට වැඩි ඉඩක් ලැබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Breech, Cephalic, childbirth, Vertex Presentation
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?