නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අලුත් අම්මට ඇතිවන High Blood Pressure
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අලුත් අම්මට ඇතිවන High Blood Pressure

Published November 20, 2023

ගර්භණී කාලයේදී කාන්තාවන්ට ඇති වෙන අධි රුධිර පීඩනය අද සමාජයේ පවතින ඉතාම සුලබ රෝගී තත්ත්වයක්. ජීවන රටාව, ආහාර රටාව සමග ඇති වෙන වෙනස්කම් සහ මාතෘ වයස ඉහළ යෑම අධි රුධිර පීඩනයට ප්‍රධාන හේතු ලෙස සඳහන් කරන්න පුළුවන්. ගර්භණී කාලයේදී අධි රුධිර පීඩනය ඇති වුණොත් එය නොසලකා සිටින්න එපා. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සහ උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට අධි රුධිර පීඩනය පාලනය කර ගැනීම පමණක් නොව, සිදුවන සංකුලතාවයන් අවම කර ගනිමින් නීරෝගී මාතෘ සමයක් මෙන්ම නීරෝගී දරු උපතක් ලබා ගැනීමේ වාසනාව ලැබෙනවා.

ගර්භණී සමයේදී ඇති වෙන අධි රුධිර පීඩන තත්ත්වය කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්.

ප්‍රථම සති 20 තුළ ඇතිවන අධි රුධිර පීඩනය

ගර්භණීත්වයට පත් වූ පසුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. දැනට ලබා ගන්නා ඖෂධ ගර්භණී සමයට වගේම කලලයට යම් බලපෑමක් ඇත්නම් ඒවා ගර්භණී සමයට ගැළපෙන සේ වෙනස් කිරීමට සිදු වෙනවා.

සංකුලතාවයන් පාලනය සඳහා ඖෂධ ලබා දීම මගින් ගර්භණීත්වය තුළ ඇයට නීරෝගී දරු උපතක් වෙනුවෙන් අවශ්‍ය පසුබිම සූදානම් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව අධි රුධිර පීඩනය ඇති වීමට හේතු හඳුනා ගැනීම සඳහා ස්කෑන් සහ රුධිර පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට උපදෙස් ලබා දෙනවා.

සති 20 ක් ගත වූ පසු ඇතිවන අධි රුධිර පීඩනය

සාමාන්‍ය රුධිර පීඩන පරීක්ෂාවකදී හෝ රෝග තත්ත්වයක් වෙනුවෙන් සිදු කරන පරීක්ෂාවදී අධි රුධිර පීඩන තත්ත්වය හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මෙහිදී රුධිර පීඩනයේ අගය 140/ 90 ට ඉහළින් තිබීම ගර්භණී සමයේ අධි රුධිර පීඩනය ලෙස සැලකෙනවා.

අධි රුධිර පීඩනය කොටස් තුනට බෙදා දක්වන්න පුළුවන්

Mild Blood Pressure 150/90  මෙම අවස්ථාවේදී විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. අදාල රුධිර පරීක්ෂණ සිදු කර ගැනීම වැදගත්.

Moderate Blood Pressure 150/100 මෙම අවස්ථාවේදී ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම සහ අදාල රුධිර පරීක්ෂණ වලට යොමු වීම වැදගත්.

Severe Blood Pressure 160 /110 තුන්වැනි අධි රුධිර පීඩන තත්ත්වයේදී මව අනිවාර්යෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මෙහිදී මවගේ අධි රුධිර පීඩනය නිසා කලලයට යම් බලපෑමක් ඇති වීමට ඉඩ තිබෙන බැවින් රුධිර පීඩනය ක්‍රමානුකුලව පාලනය කරනවා. සමහර විට නියමිත කාලයට පෙරාතුව දරුවා ප්‍රසුත කිරීමට පවා සිදු වෙනවා.

ගර්භණී කාලයේදී අධි රුධිර පීඩනයේ සංකුලතාවයන් සමග Pre- eclampsia තත්ත්වයට පත්වීම

මේ අවස්ථාවේදී අධි රුධිර පීඩනය නිසා මවගේ ඉන්ද්‍රියන්ට හානි වීම සමග කලලයට රුධිරය ලැබීමේ සහ වර්ධනයේ අවදානමක් ඇති වෙනවා. මුත්‍රා සහ රුධිර පරීක්ෂණ මගින් අවයවයන්ට සිදු වෙන බලපෑම් හඳුනා ගත හැකියි. වකුගඩුවලට බලපෑම නිසා මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීමට ඉඩ තිබෙනවා. අක්මාව සම්බන්ධයෙන් ඇති රෝග තත්ත්වයන් නිසා උදර වේදනාව ඇති වෙනවා. ඒ වගේම මොළයට ඇති වෙන අධි රුධිර පීඩනය සම්බන්ධ තත්ත්වයන් හේතුවෙන් වමනය, තද හිසරදය, කැරකැවිල්ල පෙනීමේ දුර්වලතාවයන් ඇති වෙන්න පුළුවන්.

මෙහිදී ගර්භණී මවට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදු වෙනවා. අධි රුධිර පීඩනය සඳහා ලබා දෙන ඖෂධ ප්‍රතිකාරවලට අමතරව ඇති ස්ථිර ප්‍රතිකාරය දරුවා ප්‍රසුත කිරීමයි. අනෙකුත් සාධක සලකා බලන අතර සුදුසුම අවස්ථාවේදී දරුවා ප්‍රසුත කිරීම සිදු කරනවා. දරු ප්‍රසුතියෙන් පසුව රැක බලා ගැනීම සඳහා විශේෂඥ ළමා වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්නවා.

මාතෘ සමයේදී අධි රුධිර පීඩනය නිසා සිදු වෙන බොහෝ සංකුලතාවයන් මෙම Pre- eclampsia ඇති වෙනවා. මේ තත්ත්වයේදී මවගේ අවයව දුර්වල වීම දක්නට ලැබෙනවා. Pre- eclampsia රෝග තත්ත්වය වෙනුවෙන් ලබා දෙන මැග්නීසිම් සල්ෆෙට් තුළින් බොහෝ සංකුලතාවයන් වළක්වා ගත හැකියි.

Pre- eclampsia සමග ඇති වෙන තත්ත්වය දරුණු වෙන අවස්ථාවේදී Eclampsia තත්ත්වය ඇති වීමට පුළුවන්. Eclampsia යනු සමාජයේ සුලබව හඳුන්වන වලිප්පු තත්ත්වයයි. මෙහිදී සිරුර නොදැනීම ගැහෙන්න පටන් ගන්නවා. එම අවස්ථාවේදී සිදු කරන විශේෂ ප්‍රතිකාර මගින් දරුවා ප්‍රසුත කිරීම අනිවාර්යෙන්ම සිදු වෙනවා.

අධි රුධිර පීඩනය වළක්වා ගැනීමේ ක්‍රම

මෙහිදී අපට ඇස්ප්‍රින් ඖෂධය ගැන යම් සැලකීමක් යොමු කිරීමට සිදු වෙනවා. අධි රුධිර පීඩනය මගින් ඇති වන සංකුලතාවයන් හඳුනා ගැනීම නිසා මුල් තුන් මාසය පසු වීමෙන් පසුව ඇස්ප්‍රින් ඖෂධය නිර්දේශ කරනවා. එය අධි රුධිර පීඩනය පාලනය කර ගැනීමට ලබා දෙන ඖෂධයක් නොවන නමුත් ඇස්ප්‍රින් ඖෂධය මගින් අධි රුධිර පීඩනය නිසා ඇති වන සංකුලතාවයන් එනම් Pre- eclampsia සහ Eclampsia තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය සති 12- 16 න් ආරම්භ කළ යුතු අතර සති 36 දක්වා දිගටම ලබා ගත යුතුයි. නවතම නිර්දේශ අනුව මෙම මාත්‍රාව මිලිග්‍රෑම් 150 ක් රාත්‍රි ආහාරයට පෙර ලබා ගැනීම අවශ්‍යයි. ක්‍රමානුකූලව ලබා ගන්නා ඇස්ප්‍රින් ඖෂධය මගින් Pre – eclampsia සහ Eclampsia වළක්වා ගත හැකියි.

අධි රුධිර පීඩනය ගර්භණී මවගේ  බොහෝ රෝග තත්ත්වයන්ට හේතු වුවත්

නිවරැදි වෛද්‍ය උපදෙස්

ආහාර රටාව

නියමිත ඖෂධ අදාල මාත්‍රාවෙන් අදාල කාල පරාසයේදී ලබා ගැනීම

අදාල රුධිර පරීක්ෂණ සිදු කළ යුතු දිනවලදී ලබා ගැනීම

මගින් නිරෝගී ගර්භණී සමයක් මෙන්ම නීරෝගී දරු උපතක් ලබා ගැනීමේ හිමිකම ලැබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා





 

TAGGED: Eclampsia, High Blood Pressure, Moderate Blood Pressure, Pre- eclampsia
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?