නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලිංගික උත්තේජන පෙති ගහලා සතුට හොයන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ලිංගික උත්තේජන පෙති ගහලා සතුට හොයන්න එපා

Published November 20, 2023

ලිංගික අප්‍රාණිකත්වය වයසත් සමග ඇතිවුණත් අද වනවිට තරුණ කොටස් අතරත් මේ තත්ත්වය දක්නට ලැබෙනවා.ලෝක ජනගහනයෙන් වයස අවුරුදු 40 ට වැඩි පිරිමි පුද්ගලයන්ගෙන් 40% ක් පමණ වගේම වයස අවුරුදු 70 ට වැඩි පිරිමි පුද්ගලයන්ගෙන් 70% ක් පමණ ලිංගික අප්‍රාණිකත්වය නමැති රෝග තත්ත්වයෙන් පෙළෙනවා.

ලිංගික අප්‍රාණිකත්වයේ විවිධ ස්වරූප තිබෙනවා.

සංසර්ග කටයුතු වෙනුවෙන් පුරුෂ ලිංගයේ ප්‍රාණවත් බව නොමැති වීම

පුරුෂ ලිංගයේ ප්‍රාණවත් බව සංසර්ග කටයුතු අතරමගදී නැතිවීම

පුරුෂ ලිංගය කිසිසේත්ම ප්‍රාණවත් නොවීම

ලිංගික අප්‍රාණිකත්වයක් ගැන දැනගත් විට බොහෝ දෙනෙක් සංසර්ග කටයුතුවලදී වෙනදා නොමැති අපහසුවක් දැනුණ විට ඔසුසලකින් ලිංගික උත්තේජන ඖෂධ ලබා ගන්නවා. සමහර විට ඔවුන් මෙම ඖෂධ නිසා තාවකාලික උත්තේජනයක් ලැබුවත් කාලය සමග ඒ පුද්ගලයා ලබාගත් ලිංගික උත්තේජන ඖෂධ වෙනුවෙන් ප්‍රතිචාර නොදක්වන්න පුළුවන්. ඊට හේතුව ලිංගික අප්‍රාණිකත්වයක් ඇතිවීමේදී යම් පුද්ගලයකුගේ කායික වගේම මානසික රෝග තත්ත්වයන්ද බලපානවා.

සමහර විට මේ අන්දමින් ලිංගික අප්‍රාණිකත්වයක් ඇතිවන්නේ වෙනත් රෝගයක අතුරු සංකූලතාවන් නිසා වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා කිසිම දිනක ලිංගික අප්‍රාණිකත්වයක් ඇතිවිට ඒ වෙනුවෙන් හිතුමනාපයට ලිංගික උත්තේජන ඖෂධ ලබා ගැනීම සුදුසු නැහැ. එවැනි අපහසුතාවක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත්.පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමට යහපත් රුධිර සංසරණයක් අවශ්‍යයි. විවිධ කායික රෝග තත්ත්වයන් නිසා පුරුෂ ලිංගයට යහපත් ලෙසින් රුධිර සංසරණයක් නොලැබෙන විට ලිංගික බෙලහීනතාවන් ඇතිවනවා.

හෘදය වස්තුවේ ඇතිවන විවිධ සංකලතාවන්

හෘදය වස්තුවට රුධිරය සපයන රුධිරනාලවල විෂ්කම්භය පුරුෂ ලිංගයට රුධිරය සපයන රුධිරනාලවල විෂ්කම්භයට වඩා අඩුයි. ඒ නිසාම හදවත් ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇතිවිට පුරුෂ ලිංගයට රුධිරය සැපයීම නිසි පරිදි සිදුනොවන නිසා පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමට බාධාවන් ඇති වෙනවා. ඒ නිසා ඔබට ලිංගිකව ඇතිවන මේ ගැටලුව සමහර විට හෘදය වස්තුවේ රෝග තත්ත්වයන් ගැන පෙර නිමිත්තක් වීමට හැකියාව තිබෙනවා.

අධික රුධිර පීඩනය

දියවැඩියාව රෝග තත්ත්වය

දියවැඩියා රෝගී පුද්ගලයෙකුට ලිංගික බෙලහීනතාව ඇතිවීමේ අවදානම් තත්ත්වය සාමාන්‍ය පිරිමියකුට වඩා හතර ගුණයකින් ඉහළ බැව් විද්‍යාත්මක අධ්‍යනයන් මගින් පවා තහවුරු වී තිබෙනවා.ඒ වගේම දියවැඩියා රෝග තත්ත්වය උත්සන්න වූ විට එය ස්නායුවට බලපානවා. ඒ නිසාත් ඔවුන් ලිංගික බෙලහීනතාවට පත්වීමේ වැඩි අවධානමක් තිබෙනවා.ඊට අමතරව මෙම රෝගීන්ගේ පුරුෂ හෝමෝනය හෙවත් ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය අඩුවීමත් තවත් හේතුවක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

ඖෂධවලින් ඇතිවන බලපෑම

ශ්‍රෝණිය ආශ්‍රිතව සිදුකරන ශල්‍යකර්ම විශේෂයෙන් පුරස්ථිග්‍රන්ථි ආශ්‍රිත ශල්‍යකර්ම නිසා පුරුෂ ලිංගයට රුධිරය සැපයීමේ ගැටලු

ලිංගික අප්‍රාණිකත්වය හඳුනාගැනීමට සිදුකරන වෛද්‍ය පරීක්ෂණ

රුධිරනාල ආශ්‍රිතව ඇති අවහිරතාවන් හඳුනාගැනීම වෙනුවෙන් ස්කෑන් ( Scan ) පරීක්ෂණ

දියවැඩියාව,කොලෙස්ටරෝල් සහ හෝර්මෝන තත්ත්වයන් හඳුනාගැනීම සඳහා සිදුකරන රුධිර පරීක්ෂණ

ලිංගික අප්‍රාණිකත්වය සඳහා මානසික ගැටලු හේතු වී ඇත්දැයි හඳුනාගැනීමට සිදුකරන සාකච්ඡා

ලිංගික උත්තේජන ඖෂධ නිසා සංකුලතාවන් ඇතිවනවාද?

ලිංගික උත්තේජන ඖෂධ ලබාගැනීම නිසා ජීවිතයට යම් අවදානමක් ඇතිවීමට ඉඩ ඇතැයි බොහෝ දෙනා සිතනවා. එවැනි අවදානමක් ඇති වීමට බලපාන හේතු ඔබ විසින් දැනගෙන සිටීම ඉතාම වැදගත්.

ඖෂධ අතර ඇති අන්තර් ක්‍රියාකාරීත්වය

අපි විවිධ රෝගයන්ට ප්‍රතිකාර ලබනවා. එවැනි අවස්ථාවලදී ඖෂධ අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇතිවන්න ඉඩ තිබෙනවා. සරලව කිවහොත් ඔබ හෘදයාබාධ තත්ත්වයකට ඖෂධීය ප්‍රතිකාර ලබනවා නම් ඒ ඖෂධ ලිංගික උත්තේජන ඖෂධ සමග අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇති කරන්න ඉඩ තිබෙනවා.

උදාහරණයක් ලෙස රුධිර පීඩනය සඳහා ලබාදෙන නයිට්රේට් කාණ්ඩයේ ඖෂධ ලබාගන්නා රෝගියෙක් ලිංගික උත්තේජන ඖෂධ ලබාගැනීමේදී පැය හයකවත් විරාමයක් තබා ගැනීම වැදගත්. එසේ නොමැති වුණොත් මෙම ඖෂධ කාණ්ඩ අතර සිදුවන අන්තර් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙසින් රුධිර පීඩනය අඩු වී මරණයට පවා පත්වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ මේ වන විටත් ඖෂධීය ප්‍රතිකාර ලබන රෝගියෙක් නම් හිතුමතයේ මෙම ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.

අභ්‍යන්තර අවයව ක්‍රියාකාරීත්වයට

සමහර විට ලිංගික උත්තේජන ඖෂධ ලබාගන්නා පුද්ගලයා විවිධ රෝගාබාධයන් සහිත අයකු නම් මෙම ලිංගික උත්තේජන ඖෂධ නිසා අභ්‍යන්තර අවයවයන්හි ක්‍රියාකාරීත්වයට විවිධ සංකුලතාවන් ඇතිවීමට පුළුවන්.අක්මාව දුර්වල වීම, වකුගඩු තත්ත්වය අක්‍රිය වීම නිසා ජීවිතයට පවා අවදානමක් ඇතිවීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අක්මාව සහ වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පසුවන රෝගීන්ද ලිංගික උත්තේජන ඖෂධ භාවිතයේදී සැලකිළිමත් වීම වැදගත්. එවැනි රෝගීන් වෙනුවෙන් මෙහි මාත්‍රාව වෙනස් කර ලබාගැනීම වැදගත්.

වෙනත් රෝග සංකූලතාවයන් නොසලකා හැරීම

ලිංගික බෙලහීනතාව බොහෝ විට වෙනත් රෝග තත්ත්වයක පෙර නිමිත්තක් විය හැකිය.ඒ නිසා ලිංගික කටයුතුවලදී ඇතිවන දුර්වලතාවට හේතු හඳුනාගැනීම ඉතාම වැදගත්. සමහර විට එය වකුගඩු හෝ හෘදයාබාධ එසේත් නැත්නම් දියවැඩියා රෝග තත්ත්වයක පෙර නිමිත්තක් විය හැකිය.

නමුත් ඔබ ඒ සියල්ල ලිංගික බෙලහීනතාව යැයි අනුමාන කරමින් උත්තේජක ඖෂධ පාවිච්චි කරමින් නිහඬ වුණොත් ඔබ නොදැනීම රෝග තත්ත්වය උත්සන්න වීමට පුළුවන්. ඒ නිසා එවැනි අපහසුතාවක් ඇතිවිට රෝග නිධානය හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත්.

මානසික රෝග තත්වයක් නම්

සමහර අවස්ථාවලදී මානසික රෝග තත්ත්වයන් නිසාත් ලිංගික බෙලහීනතාව ඇතිවීමට පුළුවන්. එවැනි රෝගීන් සමග සාකච්ඡා කොට ඒ දුර්වලතාවන් වෙනුවෙන් මනෝ ලිංගික ප්‍රතිකාර ලබාදීම වැදගත්.ලිංගික උත්තේජන ඖෂධ ලබාගැනීමේදී මේ ගැන සලකිළිමත් වීම වැදගත්.

ලිංගිකව සම්බන්ධ වීමට පැය බාගයකට පෙරාතුව ඖෂධ ලබාගැනීම

එම ඖෂධ හිස්බඩ ලබාගැනීම

ඒ විතරක් නොවෙයි මෙම ඖෂධ මගින් ඔබේ ලිංගික අප්‍රාණිකත්වය සුවවීමක් සිදුවන්නේ නැහැ. මද්‍යසාර සමග ගත්විට මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වයට උත්තේජයක් ලැබෙන්නේ නැහැ.මේ අනුව පෙනී යන්නේ ලිංගික උත්තේජන ඖෂධ පාවිච්චි කිරීමේදී අනුගමනය කරන වැරදි ක්‍රියාමාර්ග නිසා අවදානමක් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් මේ පිළිබඳව ඔබේ සැලකිළිමත් වීම ඉතාම වැදගත් බවයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: blood vessels, disorders of the heart, drugs, Sexual stimulation
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?