නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇවිද්ද පය දහස් වටින්න තියෙන පය පරිස්සම් කරගන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඇවිද්ද පය දහස් වටින්න තියෙන පය පරිස්සම් කරගන්න.

Published November 13, 2023

ඇවිද්ද පය දහස් වටී යන කියමන ඔබ අප ඕනෑ තරම් අසා තිබේ. හොඳින් ඇවිද තම වැඩ කටයුතු සාර්ථකව කරගන්නා කෙනෙකුට පාදයේ ඇති වටිනාකම අමුතුවෙන් කිව යුතු නොවේ. එහි වැදගත්කම වඩාත් දැනෙන්නෙ පාදයට යම් අනතුරක් හෝ රෝග තත්ත්වයක් නිසා යම් හෙයකින් ඇවිද ගැනීමට බැරී වූ විටය. එම නිසා පාදයට වන අනතුරු වළක්වා ගැනීමෙන් ඕනෑම කෙනෙකුට ගුණාත්මක ජීවිතයක් ගතකළ හැකිය.ගෙදර දොරේදී හා සේවා ස්ථානයේදී වන අනතුරු, ක්‍රීඩා අනතුරු මෙන්ම මගතොටේදී හදිසියේ සිදුවන රිය අනතුරු නිසාද දහසක් වටින පාදයට අනතුරු සිදුවේ…

පාදය ලෙස හඳුන්වන්නෙ…

සාමාන්‍යයෙන් මිනිසාගේ පාදය ලෙස අපි හඳුන්වන්නෙ ඉකිලි සන්ධියේ සිට පතුළේ ඇඟිලි දක්වා පවතින කොටසයි. මෙයට උකුල් සන්ධිය, දණහිස් සන්ධිය, වළලුකර සන්ධිය මෙන්ම පාදයේ ඇඟිලිවල තිබෙන කුඩා සන්ධිද අයත් වේ. පාදය නිර්මාණය වී ඇත්තේ අස්ථි ( Bones), අස්ථිය වටා ඇති මංශපේශි (Skeletal Muscules), රුධිර නාල සහ ස්නායූ (Blood Vessels And Nerves), සන්ධි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය මාංශපේශි සම්බන්ධ වී ඇති පේශි ඛණ්ඩරා (Tendons) වලිනි.

ඕනෑම අනතුරකදී සිදුවන්නේ මේවායින් එක කොටසකට හෝ කොටස් කිහිපයකට හානි සිදුවීමයි. මෙය අස්ථි බිඳීමක් දක්වා වර්ධනය විය හැකි තත්ත්වයකි. අද අපි මෙලෙස අවධානය යොමු කරන්නේ මිනිස් පාදයේ දණහිස් සන්ධියෙ සිට පාදයේ ඇඟිලි දක්වා සිදුවන අනතුරු පිළිබඳවයි.

පාදයට අනතුරු විය හැකි අවස්ථා

නිවසේදී සහ සේවාස්ථානයේදී

නිවසේදී හා සේවාස්ථානයේදී බහුලව සිදුවන අනතුරු ලෙස ගසකින් වැටීම, වහළයකින් හෝ වෙනත් උස් ස්ථානයකින් වැටීම, පොළොවේ පය ලිස්සා වැටීම්, වළකට වැටීම ආදීය පෙන්වා දියහැකිය.

මහා මාර්ගයේදී සිදුවන හදිසි රිය අනතුරු නිවසේදී සිදුවන අනතුරුවලට වඩා මේවා බරපතල වේ. එම නිසා ඒවා High Energy Injuries ලෙස හඳුන්වයි. මෙවැනි අනතුරකින් වියහැකි බරපතළ තත්ත්වය වන්නේ පාදය හෝ පාදයේ කොටසකට ඉදිරි පවැත්ම සඳහා බාධා ඇතිවීමයි. මන්ද එවැනි අනතුරකදී පාදයේ ලේ නහරවලට, ස්නායුවලට සහ අස්ථිවලට හානි සිදුවිය හැකි බැවිනි.

ක්‍රීඩා කටයුතුවලදී සිදුවන අනතුරු

මෙවැනී අවස්ථාවලදී වැඩිපුරම අනතුරට ලක්වන්නේ ක්‍රීඩකයන්ගේ දණහිස සහ වළලුකර සන්ධීන්ය. මේවා ඉහත සඳහන් කළ මාර්ග අනතුරු තරම් බරපතළ නොවුණද ක්‍රීඩකයෙක් හැටියට ඔවුන්ගෙ අනාගත යහපැවැත්ම සඳහා මෙවැනි අනතුරුද ප්‍රබල බාධා ඇති කරයි.

දණහිසට සිදුවන අනතුරු

දණහිස පැනීම ( Knee Joint Dislocation )

සාමාන්‍යයෙන් මිනිස් ශරිරයේ තිබෙන අනෙක් සන්ධි පැනීමකට භජනය වුණත් දණහිස් සන්ධියක් පැනීමකට ලක්වනනේ ඉතාමත් කලාතුරකිනි. එවැනි දෙයක් සිදුවන්නෙ බොහෝවිට අපි මුලින් සදහන් කළ High Energy Injuries හෙවත් වඩා වේගවත් චාලක ශක්තියක් ඇති මාර්ග අනතුරු නිසාය. මෙවැනි අවස්ථාවකදී ඇතිවන භායානක තත්ත්වය වන්නේ දණහිසෙන් පහළට ගමන් කරන රුධිරනාල අවහිරවීමයි. මෙය විකලාංග හදිසි අවස්ථාවක් ( Orthopedic Emergency ) ලෙස හඳුන්වයි.

මෙවැනි තත්ත්වයකදී රෝගියා රෝහලක් වෙත රැගෙන යෑම ප්‍රමාදවීමෙන් පාදයේ පහළ කොටසට රුධිර සැපයිම ඇනහිටීමක් සිදුවිය හැකි අතර එය රෝගියාගේ පාදය මියයෑමකට පවා හේතුවක් විය හැකිය. කෙනෙකුගේ පාදයේ පහළ කොටසට රුධිර සැපයුම නැවතීමෙන් එම පාදය සජීවීව තබාගත හැකි කාලය පැය 6 කට සීමාවේ. එවැනි කාලයක් ඇතුළත රෝගියා ළඟම ඇති රෝහලට රැගෙන නොගියහෙත් පාදයේ පහළ කොටස මියයා හැකිය.

දණහිස් සන්ධිය ඇඹරීම ( Knee Joint Twisting )

දණහිස් සන්ධිය සම්පූර්ණයෙන් පැනීමට අමතරව අර්ධ වශයෙන් පැනීමක් හෝ ඇඹරීමක් සිදුවිය හැකිය.( මෙවැනි ක්‍රීඩා අනතුරුවලට වඩාත් මුහුණ දෙන්නේ පාපන්දු ක්‍රීඩකයන් සහ රග්බි ක්‍රීඩකයන්ය. එවැනි අවස්ථාවකදී සන්ධිය තුළ තියෙන බන්ධනී ( Ligaments ) ඉරි යා හැකිය. එසේ බන්ධනී ඉරීයාමෙන් දණහිස් සන්ධියේ ස්ථායීතාව නැතිවී යා හැකිය. එවැනි රෝගියෙකුට පඩි නැගීම, පඩි බැසීම, තරගකාරී ක්‍රීඩාවල නිරත වීම කළ නොහැකි වේ.

මෙවැනි අවස්ථාවක් ක්‍රීඩායෙකුට හෝ පුද්ගලෙකුට දැනෙන්නෙ පාදය ඇඹරී යාමක් (Twist) ලෙසටය. ඇඹරී යෑමෙන් පසුව දණහිස් සන්ධියේ ඉදිමීමක්, චලන පරාසය අඩුවීමක්, අධික වේදනාවක්, පාදය සෘජුව තබාගෙන හොඳින් ඇවිදීමට නොහැකි වීමක් සිදුවේ. එවැනි අවස්ථාවකදී එම බන්ධනී ප්‍රතිනිර්මාණය කිරීම හෝ බන්ධනීයේ ක්‍රියාකරීත්වය වෙනත් මාංශපේශියකට යොමුකිරීමෙන් දණහිස් සන්ධියේ ස්ථායිතාව ඇති කළ හැකිය.

මෙය ශල්‍යකර්මයකින් හෝ භෞතචිකිත්සක ප්‍රතිකාරවලින් සිදුකරනු ලැබේ. එසේ ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාදවීම තුළින් සන්ධිය තුළ ඇති කාටිලේජවලට හානි සිදුවිය හැකි අතර තරුණ අයගෙ කාටිලේජවලට හානි සිදුවීමෙන් අඩුවයසේදීම Post Traumatic Osteoarthritis Of Knee තත්ත්වය ඇතිවේ. එසේ වීමෙන් අවුරුදු 60 ක් 65 ක් වැඩගත හැකි දණහිස් සන්ධිය අවුරුදු 45 ක් 50 ක් වනවිට ගෙවී යෑමකට ලක්වේ. එවැනි තත්ත්ව ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතුවලට මෙන්ම කාර්්‍යක්ෂමතාවටත් සෘජුව බලපායි.

පාදයේ අස්ථිය බිඳීම

පදයෙ අස්ථි බිඳීම විවෘත අස්ථි බිඳීමක් (Open Fractures) හෝ ඇතුළත අස්ථි බිඳීමක් ( Close Fractures ) ලෙස සිදුවිය හැකිය. විවෘත අස්ථි බිඳීමකදී එම අස්ථි කොටස සම හරහා එළියට පැමිණීම සිදුවේ. එසේ වූ විට එම අස්ථි කොටස්වල බාහිර පරිසරයේ තිබෙන සංඝටක ( කුණු, දූවිලි සහ බාහිර අපද්‍රව්‍ය ) ස්පර්ශ විය හැකිය. මෙය ඉතා ගැටලු සහගත තත්ත්වයකි. එවැනි රෝගියෙකු වහාම ශල්‍යකර්මයකට භාජන කරමින් බාහිර සංඝටක ඉවත් කරමින් අස්ථි පිරිසුදු කිරීමක් කරනු ලැබේ. එසේම රෝගියාගේ මෘදු පටකවලට හා සමට සිදුවී ඇති හානියේ ප්‍රමාණය අනුව එම අස්ථිය නැවත සවිකිරීමකට ලක් කරන ආකාරය පිළිබඳව වෛද්‍යවරු සැලකිලිමත් වනු ඇත.

    එවැනි රෝගියෙකු රෝහලකට රැගෙන යෑමේදී අස්ථි බිඳීමකින් රුධිර වහනයක් සිදුවනවා නම් එය වළක්වා ගැනීමට අයිස් හෝ පිරිසුදු රෙදි කඩක් තබා තදින් වෙළීම, තුවාලයට ඉහලින් රෙදි පටියක් යොදා ( Apply Tourniquet ) රුධිර වහනය අවහිර කිරීම සහ බිඳී ගිය අස්ථි කොටස යම් ආකාරයේ සෘජු ලීයක් හෝ කාඩ්බෝඩ් කැබැල්ලක් හෝ PVC බටයක් තබා ගනිමින් රෝගියාගේ වේදනාව අවම කරමින් සහ අවට මෘදු පටකවලට තවදුරටත් හානිවීම අවම කරමින් රෝහල වෙත රැගෙනයාම කළ යුතුය.

වළලුකර සන්ධිය පැනීම ( The Ankle Dislocated )

සන්ධිය ඇඹරීමෙන් සන්ධිය පැනීමකදී සන්ධි අස්ථි බිඳීමකට ලක්විය හැකිය. මෙසේ වීමෙන්ද වළලුකරෙන් පහළ පාදයේ ඇඟිලි දක්වා සිදුවන රුධිර සැපයීම ඇනහිටිය හැකියි. මෙවැනි තත්ත්වයක් හඳුනාගත හැකිවන්නේ එම ප්‍රදේශයේ අස්ථි ඇදවීමකට ( විකෘතිතාවයකට ) ලක්වීමෙනි. එවිට වහාම කළ යුත්තේ ළඟම ඇති රෝහලට රෝගියා රැගෙන යෑමයි.

වළලුකර අස්ථි බිඳීයාම ( The Ankle Fractures )

වළලුකර අස්ථි බිඳීයාම බහුලව සිදුවන අනතුරකි. කෙනෙක් ඇවිදින විට මුළු ශරීරයේම බර යොමුවන්නෙ පාදවල පිහිටි වළලුකර සන්ධි වෙතය. එම නිසා එම සන්ධි නිවැරදි පිළිවෙළට ( Joint Congruity ) තිබිය යුතුය. එසේ නොමැති වීමෙන් එම සන්ධි අනිසි ලෙස ගෙවීමකට භජන විය හැකිය. එබැවින් වළලුකර සන්ධියක් බිඳීමෙන් ඇතිවන විකෘතිතා ( Angular Deformities )  වළක්වා ගැනීම ඉතාම වැදගත් වේ. එබැවින් යම් ආකාරයකට වළලුකර සන්ධියේ අස්ථි බිඳීමක් ඇති රෝගියෙකු දුටුවොත් වහාම ළඟම ඇති රෝගලක් රැගෙන යෑම අත්‍යවශ්‍ය වේ.

ඕනෑම අස්ථියක් නිවැරදිව සවිනොවූ අවස්ථාවලදී ( Malunion )

ඕනෑම අස්ථියක් බිඳී යෑමකින් පසුව අස්ථිවල සෘජු බව ( Allingnment ) වෙනස් වී හෝ අස්ථි කොටවීම විය හැකිය. මෙම තත්ත්වය රෝගියාට විශාල ගැටලුවක් වේ. එබැවින් කුමන හෝ අස්ථියක් බිඳී යෑමෙන් පසු පෙර සඳහන් කළ ආකාරයේ බාහිර දෙයක් තබා එය වෙලා සෘජුව රෝහලක් වෙත රැගෙන යෑම අවශ්‍යම වේ. අනතුරට ලක්වූ පාදය නිසා හොඳින් වැඩකරන පාදයටත් විකාලංග තත්ත්වයක් ඇති වේ. එසේ වීමෙන් හොඳින් වැඩකරන පාදයෙ සන්ධිය සහ අස්ථි දුර්වල වීමට භජනය විය හැකියි.

පාදයේ පතුළට සිදුවන අනතුරු ( Foot Injuries )

පාදය ගත්විට උඩපතුළ, යටිපතුළ සහ ඇඟිලි පහ අයත් වේ. නිවසේදී සහ කාර්යාලයේදී බර සහිත ද්‍රව්‍යක් පාදය මත පතිත වීම, උඩකින් වැටීමේදි පාදය කෙලින්ම බිම වැදීමෙන් විලුඹේ අස්ථි බිඳීයෑම ( Calcaneus )  අස්ථිය බිඳී යෑම) බහුලව දැකිය හැකි ආබාධයකි. ඊට අමතරව පාදයේ කැපීම් තුවාල සහ තැලීම් තුවාල ඇතිවීමද අනතුරු නිසා සිදුවේ.

තවද පාදයෙ ඇඟිලි සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ඉවත්වීම හෝ තුවාල වීම, නියපොතු ගැලවී යෑම සිදුවිය හැකිය. මේ කුමන ආකාරයේ අනතුරකදී වුවත් අප ඉහත සඳහන් කළ ආකාරයට රුධිර වහනය වළක්වා ගැනීම සඳහා කටයුතු කරමින් තුවාලය තිබෙන පාදය හෘදය වස්තුවට වඩා ඉහළින් ඔසවා තබා ගනිමින් වහාම රෝගියා ළඟම රෝහලකට රැගෙන යා යුතුය. එසේ කිරීමෙන් ඔහුගේ පාදයේ සජීවී බව රැකෙන අතරම ඇවිදීමට අවශ්‍ය සවියද සපයනු ඇත.

එම නිසා පාදයේ ඇඟිලි ආරක්ෂා කරගැනීම සඳහා නිවසේදී, වැඩ බිමේදී මෙන්ම මහාමර්ගයේදීත් අප ආරක්ෂක පියවර අනුගමනය කිරීම කළ යුතුය. ඒ සඳහා ආරක්ෂක සපත්තු භාවිතය, බර උපකරණ එසවීමේදී අත්වැසුම් භාවිතය, පරිහරණයට නොසුදුසු උපකරණ භාවිතයෙන් වැළකීම කළ යුතුය. කුඩාම ඇඟිල්ල පවා රැකගත යුත්තේ ඒ සියල්ල ඇවිදීම සඳහාත් ශරීර බර දරාගැනීමට අත්‍යවශ්‍ය සාධක වන නිසාය.

හරින්දී ලියනගේ






 

TAGGED: Injuries, Knee Joint Dislocation, nerves, Skeletal Muscules, Tendons
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?