නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Dry ඇස් ප්‍රශ්නයක්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

Dry ඇස් ප්‍රශ්නයක්

Published October 16, 2023

අපේ ඇස මතුපිට ස්ථර ආවරණය කරන කඳුළු ග්‍රන්ථිය මයික්‍රොමීටර් 3 සිට 5 ක් අතර ඝනකමකින් යුක්තයි. මෙය ශ්ලේෂ්මල පටලයකින්, ජලීය ස්ථරයකින් සහ මේද ස්ථරයකින් යුක්තයි.කඳුළු ග්‍රන්ථිය මතුපිටින් ඇත්තේ මේද ස්ථරයයි. ගැඹුරින්ම ඇත්තේ ශ්ලේෂ්මල පටලයයි. මෙම ස්ථරයන් අතර ජලීය ස්ථරය පිහිටා තිබෙනවා.

විවිධ කඳුළු ශ්‍රාවී ග්‍රන්ථි මගින්, විවිධ ස්ථරවලට අදාළ සංඝටක ශ්‍රාවය වෙනවා. ඇසේ මතුපිට පටකවලට අවශ්‍ය පෝෂණය, ඔක්සිජන් වගේම ප්‍රතිදේහ මෙම කඳුළු ග්‍රන්ථි මගින් ලබාදෙනවා. ඒ වගේම ඇස මතුපිට සුමට පෘෂ්ටයක් නිර්මාණය කරමින් ඇසට ඇතුළු වෙන කිරණ නාභිගත කරන කුණිතයටත් කඳුළු ස්ථරය මගින් විශාල සහයෝගයක් ලැබෙනවා

ඇසේ වියළි බව ( Dry eyes ) කියන්නේ මොකක්ද ඇත්තටම අපේ ඇස වියළි වුණොත් ඒ බව අපි අදැන ගන්නේ කොහොමද ?

ඇසේ වියළි බව ඇතිවීමට විවිධ හේතු බලපානවා. ඇසේ වියළි බව කියන තත්ත්වය ඇසේ කඳුළු ප්‍රමාණයේ අඩුවීම නිසා හෝ සංඝටකයන්හි ගුණාත්මක බවේ අඩුවීමක් නිසා ඇතිවිය හැක. මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ පෙන්වන්න පුළුවන්

ජලීය සථරයේ අඩුපාඩුවක් නිසා ඇති වෙන Dry eyes වියළි ඇස් තත්වය – Aqueous deficiency ජලීය ස්ථරය නිපදවන ග්‍රන්ථි අපේ වයසත් සමග එහෙම නැත්නම් නිදන්ගත රෝගාබාධ ( විශේෂයෙන් සන්ධි ආශ්‍රිත ) රෝග තත්ත්වයන් නිසා ඇති වෙනවා. ඒ වගේම ඇතැම් රෝගාබාධ වෙනුවෙන් අපි දිගුකාලීනව ඖෂධ භාවිත කරන විටත් ඇසට අවශ්‍ය තරම් කඳුළු නිපදවීමේ හැකියාව නැති වෙනවා.

එවැනි අවස්ථාවකදී මතුපිට ලිපිඩ ස්ථරයේ අඩුපාඩුවක් නිසා කඳුළු වැඩිපුර වාෂ්පීකරණයෙන් ඇතිවන වියළි ඇස් තත්ත්වය Evaporative Dry eyes යනුවෙන් හැඳින්වෙනවා. ඇසි පිය ආශ්‍රිත ප්‍රදාහයන්, හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් නිසාත් මෙම Dry eyes තත්ත්වය ඇතිවනවා.

සමහර විට රෝගියකු මේ තත්ත්වයන් දෙකේම මිශ්‍රණයක් විදිහට ප්‍රතිකාර සඳහා යොමුවනවා.

අපට දැනෙන රෝග ලක්ෂණ

ඇසේ වියළි බව නිසා අපට විවිධ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

ඇසේ කැවෙන ගතිය
ඇසේ වියළි ගතිය
ඇස රතු වීම
ඇසේ යමක් ඇතැයි සිතෙන අපහසුතාව
ඇසේ තෙහෙට්ටුව
ඇසේ බොඳ ගතිය

මේ සඳහන් ලක්ෂණ බොහෝ විට ඩිජිටල් තිර භාවිතයේ නිරත අයට වගේම වායු සමීකරණය ආශ්‍රිතව සිටින අයට සහ සැර සුළංවලට නිරන්තරව නිරාවරණය වන පුද්ගලයන්ටත් අපහසුතාවන් තිව්‍ර වනවා. ඉහත සඳහන් කළ මම රෝග ලක්ෂණ ඇසේ වෙනත් රෝග තත්ත්වයන් නිසා ඇතිවන්නත් පුළුවන්.

මේ වගේ අපහසුතාවක් ඇති වුණොත්?

ඔබට ඉහතින් සඳහන් කරන ලද අපහසුතාවන් ඇත්නම් සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙක් වෙත යොමුවීම අවශ්‍යයි. එවිට අක්ෂි වෛද්‍යවරයා විසින් ඔබේ ඇසේ කඳුළු ස්ථරයේ ප්‍රමාණය කඳුළු ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ඇසිපියවල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය ඔබට ඇති නිදන්ගත රෝග තත්ත්වය ඔබ විසින් දිගුකාලීනව භාවිත කරන ඖෂධ පිළිබඳව සලකා බලා ප්‍රතිකාර ආරම්භ කරනවා.

වියළි තත්ත්වයේ ඇස් සඳහා ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ තිබියදී ඒ ගැන නොසලකා සිටියොත්?

මම මුලින් සඳහන් කළ අන්දමේ රෝග ලක්ෂණ ඔබට තිබෙනවා නම් නොසලකා ඉන්න එපා. ඇසේ පෝෂණය හා අවශ්‍ය ඔක්සිජන් සැපයුම ලැබෙන්නේ කඳුළු ග්‍රන්ථියෙන් බැව් ඔබ දන්නවා. කඳුළු ස්ථරයේ මදකම නිසා මේ පටකවලට නිසි පෝෂණය ලැබෙන්නේ නැහැ.

පටකවලට නිසි පෝෂණය නොලැබුණොත් මොකද වෙන්නෙ?

කඳුළු ග්‍රන්ථිය වියළිලා, පටකවලට නිසි පෝෂණය නොලැබුණොත් ඇස ආශ්‍රිත විවිධ සංකුලතාවන් ඇතිවන්න පුළුවන්.

ඇස මතුපිට තුවාල වීම

කැළැල් ඇතිවීම

දීර්ඝකාලීනව ඇසේ පෙනුම සම්බන්ධයෙන් හා ඇස්වල වියළි බව නැතිකරගැනීමට කළ යුතු පිළියම් මොනවාද?

ඇසේ වියළි බව සුළුකොට සැලකිය යුතු රෝග තත්ත්වයක් නොවේ. මුලින්ම ඔබේ ජීවන රටාව වෙනස් කරගන්න.

දුම්පානයෙන් ඈත්වීම
වායු සමීකරණ සහ තීව්‍ර සුළං ධාරාවන්ට නිරාවරණය නොවීම
ඩිජිටල් තිර ආශ්‍රිතව කටයුතු කරන විට ඇසට විවේකයක් ලබාගැනීම
සජලනය වීම
ඔමේගා 3, ඔමේගා 6 මේද අම්ල අඩංගු ආහාර වැඩියෙන් ලබාගැනීම
ඇස් පිහාටු මද උණුසුම් ජලයෙන් සම්බාහනය කිරීම
නිධන්ගත රෝග නිසා කඳුළු නිෂ්පාදනය අඩු නම් එවැනි රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීම
ඇසේ වියළි බව දරුණු නම් කෘත්‍රිම කඳුළු දියර හෝ ජෙල් ආකාරයෙන් ලබා දීම

ඊට අමතරව වැඩි දියුණු කරන ලද ඖෂධ වර්ගත් දැන් තිබෙනවා. ඇසෙන් පිටතට කඳුළු ගලාගෙන එන මාර්ග තාවකාලිකව හෝ ස්ථීරව අවහිර කිරීමෙන් ඇස මතුපිට කඳුළු වැඩි වේලාවක් තබාගැනීමට හැකියාව තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: Aqueous deficiency, dry eyes, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දැක්ක ගමන් Room යන්න එපා

December 4, 2023

ඔබටත් නොදැනුවත්වම නින්දෙන් මුත්‍රා පිටවෙනවාද

December 4, 2023

Breech ආකාරයට පිහිටන කළලයක් දරු ප්‍රසූතියට සූදානම් කිරීම

December 4, 2023

පිළිකා රෝගීන්ගේ වේදනාව නැති කරන්න දැන් පුළුවන්

November 27, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?