නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කවුරුත් යන බව කියන්න ලැජ්ජ 33 කාමර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කවුරුත් යන බව කියන්න ලැජ්ජ 33 කාමර

Published October 9, 2023

කොළඹ ජාතික රෝහලේ 33 කාමරයෙන් ප්‍රතිකාර ගන්නා බව කියන්න කිසිම කෙනෙක් කැමැති නැහැ. එය ලැජ්ජාවට වගේම තමා සමාජයෙන් ප්‍රතික්ෂේපවීමට හේතු වන කාරණාවක් විදිහට ඔවුන් හිතනවා

33 කාමරේ.

33 කාමරය කියන්නේ ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබා දීමට, ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන කොළඹ ප්‍රදේශය ආවරණය කරන සායනයක්. දැන් ලංකාව පුරා රෝහල්වලට අනුබද්ධව බොහෝ සායන තිබෙනවා. මහනුවර සායනය ලංකාවේ දෙවැනි විශාලතම සායනයයි. දිනකට රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා.

මේ තත්ත්වය දැන් ඉතාම අවාසනාවක් බවට පත්වෙලා. මහනුවර සායනයෙන් පමණක් දිනකට අලුත් රෝගීන් දෙදෙනෙක්වත් අඩුම වශයෙන් හමු වෙනවා.සෑම පුද්ගලයෙකුගේම රහස්‍ය බව ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා. මේ සායනයට පැමිණෙන සෑම රෝගියෙක්ම දැඩි මානසික පීඩනයක පසුවෙන නිසා ඔවුන් වෙනුවෙන් සුහදශීලී පරිසරයක් එහි තිබෙනවා.

ලිංගාශ්‍රිත රෝග කියන්නේ මොනවාද?

මේ වචනය ටිකක් අමිහිරියි. නමුත් හිතනවාට වඩා අද සමාජයේ සුලබ රෝග තත්ත්වයක්. ලිංගික සම්බන්ධතාවයන් හරහා මේ රෝගය බෝ වෙනවා. නිතර අසන්නට ලැබෙන නතු කරගත් ප්‍රතිශක්ති රෝගය හෙවත් ඒඩ්ස් (Acquired Immunodeficiency Syndrome) ගොනෝරියා (Gonorrhea) සිපිලිස් (Syphilis) ලිංගාශ්‍රිත ඉන්නන් (Genital Warts) ලිංගාශ්‍රිත උපදංශය (Herpes Simplex) සුලබව ඇති රෝගයි.

කුඩා දරුවන් සහ මහළු වයසේ පුද්ගලයන් අතර ලිංගාශ්‍රිත රෝග ඇති වන්නේ කොහොමද?

අද වනවිට සමාජය තුළ මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් බොහොම වෙනස්. සමහර ලිංගාශ්‍රිත රෝග මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ වගේම ලාබාල දුවා දරුවන්ට මේ රෝගය බෝ වෙන්නේ අතවරයන්ට හෝ අපහරණයන්ට ලක්වීම නිසා. තාත්තට දියණිය නොපෙනෙන, ගුරුවරයාට ශිෂ්‍යාව නොපෙනෙන, සීයාට මිනිබිරිය නොපෙනෙන සමාජයක් බිහි වෙලා. මෑතකදී සායනයට වයස අවුරුදු 13 ක දියණියක් පැමිණියා.

ඇය අපයෝජනයට පත් වීම නිසා ගැබ් ගෙන. ඒ වගේම අද සමාජයේ සමලිංගික සේවනය ඉතා බහුලයි. සමලිංගික සේවනය තරුණයන් අතර පමණක් නොවෙයි වැඩිහිටියන් අතරත් සුලබ බවත් ඒ නිසා වයස අවුරුදු 60 ඉක්ම වූ රෝගීන් අපේ සායනයේ ප්‍රතිකාර ගන්නවා.

33 කාමරයට රෝගියෙක් යොමු වෙන්නේ කොහොමද?

රෝග ලක්ෂණ ඇති වුණාම තමන්ගේ වැරදි ලිංගික ක්‍රියාකාරීත්වය ගැන ඔවුන් දන්නවා. එවැනි සැකයක් ඇති වූ රෝගීන්ට අපේ සායනයට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විටෙකදී සැකයක් ඇති වුණාම ඒ වෛද්‍යවරයා විසින් ලිංගික රෝග පිළිබඳ සායනයට යොමු කරනවා. ලිංගිකව අපයෝජනය වුණ දරුවන් උසාවිය මගින් යොමු කරන අවස්ථා තිබෙනවා.

පුද්ගලයෙක් ලිංගිකව අපයෝජනය වීමට තිබෙන අවස්ථාවන් මොනවාද?

බොහෝ විට එම දරුවන් ගැන විශේෂයෙන් සඳහන් කරනවා නම් මව මුදල් හොයන්න විදේශගත වෙනවා. දරුවන් වෙනුවෙන් රැකවරණය පියාගෙන් හෝ අත්තම්මා, සීයාගෙන් ලැබෙයි කියන උපකල්පනයෙන් විදේශගත වෙනවා. නමුත් ඇය අපේක්ෂා කළ රැකවරණය දරුවන්ට අහිමි වෙනවා.

ඔවුන් නිවසේදීම එහෙම නැත්නම් අසල්වැසියෙකුගෙන් අපයෝජනයට පත් වෙනවා. මෙතැන තවත් විශේෂත්වයක් තිබෙනවා. බොහෝ දරුවන් අපයොා්ජනයට පත් වන්නේ තමන් ඇසුරේ සිටින සමීපතම පුද්ගලයන්ගෙන් උදාහරණ විදිහට එකම වහලක් යට ජීවත්වන මාමා, බාප්පා හෝ සීයා වගේ පුද්ගලයෙක් එහෙම නැත්නම් ඉතාම සමීපව ඇසුරු කරන අසල්වැසියෙකුගෙන්.

විශේෂයෙන් දරුවන් අපයෝජනය වන්නේ ඔවුන්ට රැකවරණය අහිමිවීම නිසාද?

නිසි මව්පිය වැඩිහිටි රැකවරණය අහිමිවීම ප්‍රධාන කරුණ ලෙස දකිනවා. දරුවන්ගේ දැනුවත්බව අඩු වීමත් මෙයට බලපානවා.මුදල් අවශ්‍ය බව ඇත්ත. නමුත් මුදලින් මිල කරන්න බැරි විශේෂයෙන් ගැහැනු දරුවාගේ අනාගතය සම්පූර්ණයෙන්ම ඔවුන්ට අහිමි වෙනවා. මව අහිමි වුණ දියණියගේ ජීවිතය අකාලයේ විනාශ වෙනවා.

නිවසේදී හැර පුද්ගලයෙක් අපයෝජනයට වීමට වෙනත් අවස්ථාවන් නැතිද?

පාසල, නේවාසිකාගාර, වීදි දරුවන්, වෙරළ ආශ්‍රිතව ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදවන දරුවන්, බන්ධනාගාර රැඳවියන්, හාම්පුතුන් අතින් අපයෝජනයට ලක් වෙනවා. මේ සියලු සිද්ධීන් දිනපතා දකින සහ අපට යොමු වන සත්‍ය සිද්ධීන්.

සාමාන්‍යයෙන් වචනයටත් කියනවා ලිංගිකව ඇසුරක යෙදුන පිරිමි දරුවෙක් සෝදලා ගෙට ගන්න පුළුවන් කියලා.

ඒක සම්පූර්ණ වැරදි කතාවක් අපට වැඩිපුර යොමු වෙන්නේ වැඩිහිටි පිරිමි දරුවන්. අද සමාජයේ රහස්‍ය නමුත් සුලබ සමලිංගික ඇසුර නිසා ඒඩ්ස් තත්ත්වය දක්වා ගිය තරුණ පිරිමි දරුවන් දිනපතා වාර්තා වෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් ජීවිතාන්තය දක්වා බෙහෙත් ගත යුතු අය. නැත්නම් රෝගකාරකයෙක්.

සමාජ මාධ්‍ය නිසා දරුවන් අපයෝජනය වැඩිිවෙලාද?

සමාජ මාධ්‍ය ජාලා නිවැරදි ලෙසින් භාවිත කරන්නේ කොහොමද කියන දේ ගැන දරුවන්ට කියා දීම ඉතාම වැදගත්. දරුවාට ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබා දෙනවා නම් එය පාවිච්චි කිරීමේදී හුදෙකලා වීමට ඉඩ දෙන්න එපා. නිතරම ඔවුන් බලන්නේ මොනවාද යන්න ගැන විමසිල්ලෙන් සිටින්න. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල දරුවන්ගේ ජංගම දුරකථනවලට ඔවුන්ට අවශ්‍ය දේ පමණක් ලැබෙන විදිහට Password යොදා තිබෙනවා.

අපේ රටේ එහෙම තත්ත්වයක් නැති නිසා දරුවාගේ ජංගම දුරකථනයටත් අන්තර්ජාලයෙන් අවශ්‍ය දේ වගේම අනවශ්‍ය අන්දමේ කාමුක රූප තොරතුරු ලැබෙනවා. අද වනවිට Facebook ඔස්සේ ගොඩනගා ගත් ආදර සම්බන්ධතාවයන් නිසා විනාශයට පත් වුණ තරුණ දූ දරුවන් ගැන මාධ්‍ය වෙතින් අසන්න ලැබෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කිරීමේදී එහි වැරදි යොමු වීම් ගැනත් දරුවන් දැනුවත් කරන්න.

ඒ නිසා දරුවන්ට ආදර සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමේදී මව්පියන් විසින් ලබා දෙන දැනුවත් කිරීම් ඉතා වැදගත්. අද කාලයේ පාසල් දරුවන් තම පෙම්වතා සමග Roomවෙත යොමු වීම ආදරයේම එක් කොටසක් බව සිතන තැනට පත් වී තිබෙනවා. එවැනි අවස්ථාවන්හි සිදුවන ලිංගික අපයෝජනයන් නිසා ඔවුන්ගේ ජීවිත නිරපරාදේම විනාශ වෙනවා.

දරුවෙක් ලිංගිකව අපයෝජනයට පත් වීම නිසා නැවත ගුණාත්මක ජීවිතයක් ගත කළ හැකිද?

කිසිම ගැටලුවක් නැහැ. දැන් ඒඩ්ස්වලට පවා ප්‍රතිකාර ලබා දෙනවා. ඒඩ්ස් සම්පූර්ණයෙන්ම සුව වෙන්නේ නැහැ. නමුත් ජීවිතය ගැටලුවක් නොමැතිව පවත්වාගෙන යෑමට හැකියාවක් තිබෙනවා. සිපිලිස්, ගොනෝරියා වැනි රෝග වෙනුවෙනුත් ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ලිංගාශ්‍රිත රෝග ඇති වුණොත් එය සඟවා ගෙන සිටින්න එපා. ප්‍රතිකාර මගින් ඔබට හෝ ඔබේ දරුවන්ට කිසිම බාධාවකින් තොරව ගුණාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: 33 rooms, Acquired Immunodeficiency Syndrome, Gonorrhea, Syphilis
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad2
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?