නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හරි ප්‍රතිඵල ලබාගන්න පිළිකා නාශක ඖෂධ ආරක්ෂාකාරීව රෝගීන්ට ලබාදෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හරි ප්‍රතිඵල ලබාගන්න පිළිකා නාශක ඖෂධ ආරක්ෂාකාරීව රෝගීන්ට ලබාදෙන්න

Published October 2, 2023

කාලයක් සමග අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ප්‍රමාණය ඉතා වේගයෙන් වැඩි වෙනවා. මේ නිසාම බොහොමයක් පිළිකා සුව කිරීමට හෝ ඒවාගේ පැතිරීම සීමා කිරීමට පිළිකා නාශක ඖෂධ ඉතා බහුලව යොදාගැනීමට සිදුවනවා. පිළිකා නාශක ඖෂධ නියම කිරීම ( Prescribing), නිකුත් කිරීම ( Dispensing) සහ ශරීරගත කිරීම ( Administration ) යන ඉතා වැදගත් ක්‍රියාවලියන් සිදු කිරීමේදී කිසියම් වරදක් සිදු වුවහොත් එමගින් රෝගියාට ඇතිවිය හැකි හානිය ඉතා විශාල විය හැකියි. මේ නිසාම ඉතා නිවැරදි ලෙසටත් ආරක්ෂාකාරී ලෙසටත් මෙම ඖෂධ ලබාදීම සිදුකළ යුතු වෙනවා. පිළිකා නාශක ඖෂධ භාවිතය පිළිබඳව නිසි පුහුණුවක් ලද සෞඛ්‍ය නිලධාරීන් විසින් පමණක් මෙම ඖෂධ ලබාදීම සිදුකළ යුතු වනවා..

පිළිකා නාශක ඖෂධ ලබාදීමට ප්‍රථමයෙන් කළ යුතු වැදගත් දේ

පිළිකා රෝගියා සහ පවුලේ අය දැනුවත් කිරීම ( Patient and family education )

පිළිකා නාශක ඖෂධ පිළිකා රෝගියාට ලබාදීමට ප්‍රථම අනිවාර්යෙන්ම රෝගියාට සහ රෝගියාව රැකබලා ගන්නා අයවලුන්ට ප්‍රතිකාර සම්බන්ධයෙන් පූර්ණ දැනුවත් කිරීමක් කළයුතු වෙනවා. මෙහිදී ලිඛිතව සහ වාචිකව යන දෙයාකාරයෙන්ම තොරතුරු ලබාදීම ඉතාම වැදගත්.

ඇතැම් අවස්ථාවන්වලදී මෙලෙස ලබාදෙන තොරතුරු රෝගියාගේ පාර්ශ්වයට තම ජංගම දුරකතනයෙන් පටිගත කර කරගැනීමට පවා ඉඩ ලබාදෙනවා. එහෙත් කණගාටුවකට ඇති කාරණය නම් ඇතැම් උගත් යැයි සලකන අයවලුන් පවා මෙලෙස රෝගීන් සහ පවුල්වල අය දැනුවත් කිරීමට දැඩි මැළිකමක් දැක්වීමයි.

“ලෙඩ්ඩුන්ට මොකටද බෙහෙත් ගැන විස්තර අපි කියන විදිහට ප්‍රතිකාර ගත්තාම ඉවරනේ” මෙලෙස පවසන ඔවුන්ට තමන් විදේශ පුහුණුව ලබද්දී ඒ ඒ රටවල රෝගීන්ට ප්‍රතිකාර කරන ලද ආකාරය අමතක වී ඇති හැඩයි.

ලෝකයේ ශිෂ්ඨ සම්පන්න යැයි සම්මත රටවල රෝගී අයිතිවාසිකම් ගැන දැඩි සැලකිල්ලක් දක්වනවා. මෙම රටවල්වල දී නම් රෝගීන් සහ රෝගීන්ව රැකබලාගන්නා පවුලේ සාමාජිකයන්, ලබාදෙන පිළිකා ප්‍රතිකාරය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පූර්ණ ලෙස දැනුවත් කළ යුතු වෙනවා. එවිට ප්‍රතිකාරයේ ආරක්ෂාකාරී බව තහවුරු කරගත හැකි වෙනවා.

මෙහිදී දැනුවත් කළ යුතු ප්‍රධාන අංශයන්

1. ප්‍රතිකාර ක්‍රියාවලිය

පිළිකා ප්‍රතිකාර සැලැස්ම ( Treatment Protocol )

එහි අන්තර්ගත පිළිකා නාශක ඖෂධ සහ ප්‍රතිකාරයට සහයව ලබා දෙන අතිරේක සහයක ඖෂධ ගැන දැනගත යුතු දෑ

ඖෂධ ශරීරගත කරන මාර්ගයන් පිළිබඳ විස්තර ( Route of Administration )

ශිරා රුධිර නාල ඔස්සේ ඖෂධ එන්නත් ලෙස ලබා දීමේදී මේ සඳහා යොදා ගත හැකි ක්‍රමවේදයන් පිළිබඳ විස්තර ( Venous Access Requirments )

ප්‍රතිකාර ලබාදීමට ප්‍රථම කළ යුතු රුධිර පරීක්ෂාවන් සහ අනිකුත් පරීක්ෂාවන්

( හෘදයේ යෝග්‍යතාව බලන ද්වීමාන එකෝ පරීක්ෂාව හෙවත් 2D ECHO පරීක්ෂාව සහ පෙනහලුවල යෝග්‍යතාව බලන පෙනහලු ක්‍රියාකාරිත්වය පරික්ෂාව හෙවත් Lung function test ආදී පරීක්ෂාවන් )

ප්‍රතිකාරය කිරීමෙන් පසුව කළ යුතු පරීක්ෂාවන් සහ සායනික පසු විපරුම සිදුවිය යුතු ආකාරය ගැන දැනුවත් කිරීම.

2. පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරයේදී රෝගියාට ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳ දැනුවත් කිරීම

මෙහිදී සඳහන් කරනු ලබන සියලුම අතුරු ආබාධ රෝගියාට බොහෝ විට අත්විඳීමට සිදු නොවිය හැකි බව ද රෝගියාට කියා දිය යුතුයි. බොහෝමයක් අතුරු ආබාධ වළක්වා ගැනීමටත් අනෙක් ඒවා පිළිබදව මනාව දැනුවත් වී කල් තබාම හඳුනාගෙන ඒවාට කළ යුතු නිසි පිළියම් කිරීම මගින් ඒවායේ දරුණු බව අඩු කරගත හැකි අයුරුත් කියා දිය යුතුයි.

3. පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරයේ අතුරු ආබාධ ඇතිවුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරදීම.

සුළු සුළු අතුරු ආබාධ සඳහා තමාටම තනිවම කරගත හැකි පිළියම් ගැන දැනුවත් කළ යුතුයි. ඇතැම්විට ජීවිත තර්ජනයක් විය හැකි දරුණු අතුරු ආබාධ ඇති වුවහොත් ඒවා නිසි ලෙස හඳුනාගෙන ඉතා ඉක්මනින්, ප්‍රමාද නොවී නිසි පිළියම්වලට යොමුවිය යුතු ආකාරය පිළිබඳවත් දැනුවත් කළ යුතුයි.

4. නිවසට ගොස් ලබාගැනීමට නියමිත  පිළිකා නාශක ඖෂධ නිවැරදි ලෙස ලබාගන්නා ආකාරය ගැනත් ඒවායේ අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස බැහැර කරන ආකාරය ගැනත් දැනුවත් කළ යුතු වෙනවා.

පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර සඳහා රෝගියා දැනුවත් කර කැමති ප්‍රකාශය ලබාගැනීම ( Informed Consent )

මෙය කිසිසේත්ම කිසිදු දැනුවත් කිරීමකින් තොරව ලියවිල්ලකට ලබා ගන්නා තවත් කැමැත්ත ප්‍රකාශ කරන අත්සනක් නොවිය යුතුයි. පිළිකා නාශක ඖෂධ ලබාදීම වැනි විශේෂිත ප්‍රතිකාරයන් සඳහා එම ප්‍රතිකාරය ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කර රෝගියා සහ පවුලේ අය දැනුවත් කර එම ප්‍රතිකාරය සඳහා කැමැත්ත ප්‍රකාශයක් ලෙස ලබා ගැනීම නීතිමය අවශ්‍යතාවක් වෙනවා.

මෙහිදී සත්‍ය වශයෙන්ම බලාපොරොත්තු වන්නේ ප්‍රතිකාරය ලබාගන්නා රෝගියා, රෝගියා රැකබලා ගන්නා අයවලුන් සහ පවුලේ ඥාතීන් ලබාදීමට නියමිත ප්‍රතිකාරය කිරීමට හේතූන් එයින් රෝගියා සතුවන වාසි මොනවාද යන්නත් ප්‍රතිකාරය මගින් රෝගියාට ඇතිවිය හැකි අතුරු ආබාධ සහ අවදානම් තත්ත්වයන් ගැන ද ප්‍රතිකාරයට කැමැත්ත දීමට හෝ නොදීමට පෙර නිසි ආකාරව අවබෝධ කර ගැනීමයි.

ප්‍රතිකාරයට පෙර පිළිකා රෝගියාව පරීක්ෂාවට ලක් කිරීමය (Patient Assessment )

පිළිකා සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීමට ප්‍රථම සියලුම පිළිකා රෝගීන් මූලික සායනික, කායික සහ මානසික පරීක්ෂාවකට ලක්කළ යුතුයි. තවද ලබාදෙන ප්‍රතිකාරය සඳහා විශේෂිත වන පරීක්ෂණයන් ඇතොත් ඒවාද ප්‍රතිකාරය කිරීමට පෙර ප්‍රතිකාර සැලැස්මට අනුව සිදුකර තිබිය යුතුයි.

පිළිකා ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර මූලික අධ්‍යයනය සඳහා සිදුකළ යුතු දෑ

රෝගියාගේ උස සෙන්ටිමීටර් වලිනුත් බර කිලෝග්‍රෑම් වලිනුත් මැන එයට අනුකූලව රෝගියාගේ ශරීර පෘෂ්ඨ ක්ශේත්‍රඵලය ( Body Surface Area ) හෙවත් BSA අගය ගණනය කිරීම.

පිළිකා නාශක ඖෂධවල මාත්‍රාවන් නිර්ණය කිරීම බොහෝවිට සිදුවන්නේ රෝගියාගේ BSA අගය මතයි.

රෝගියාගේ කායික ක්‍රියාකාරීත්ව තත්ත්වය ( Performance Status ) අනුමත දර්ශක වලට අනුව නිර්ණය කිරීම. බොහෝ විට මේ සඳහා යොදාගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත දර්ශකය හෝ Eastern Cooperative Oncology Group හෙවත් ECOG මඟින් නිර්දේශිත  දර්ශකයයි. කායික ක්‍රියාකාරීත්වය ඉතා හොඳ තත්ත්වයක නොමැති නම් බොහෝ පිළිකා නාශක ප්‍රතිකාර ලබා දිය නොහැකියි.

ප්‍රතිකාර ක්‍රියාවලියට නියමිත රුධිර පරීක්ෂාවන් සිදු කර තිබිය යුතුයි.

රෝගියාගේ හෘද ස්පන්දන වේගය, ශ්වසන වේගය, රුධිර පීඩනය, ශරීර උෂ්ණත්වය ආදී දර්ශකයන් මැන ඒවා සාමාන්‍ය තත්ත්වයේ තිබේදැයි බැලිය යුතුයි.( Vital Signs)

රෝගියාගේ අසාත්මිකතා ( Allergy) සහ ඖෂධ ප්‍රතික්‍රියා ( Drug Reaction ) වල ඉතිහාසය දැනගත යුතුයි.

ඊට අමතරව ඉහත සඳහන් කළ දෑ ප්‍රතිකාරය ආරම්භ කර අවසන් වන තෙක් සෑම ප්‍රතිකාර වාරයක්  තුළදීම නැවත නැවතත් සිදුකර රෝගියා ප්‍රතිකාරය සඳහා  සුදුසු තත්ත්වයක සිටින්නේදැයි සහතික කරගත යුතුයි.

පිළිකා නාශක ඖෂධ පිළිකා රෝගියෙකුට ලබා දීමේදී නිවැරදි ඖෂධය නිවැරදි මාත්‍රාවෙන් නිවැරදි ආකාරයට ලබාදීම ඉතා වැදගත් වෙනවා. මේ සඳහා පුහුණුව ලැබූ සෞඛ්‍ය සේවකයන් මේ සඳහා යොදා ගත යුතු වන්නේ එය නියම ආකාරයෙන්ම විය යුතු නිසයි.

හරින්දී ලියනගේ



 

TAGGED: Administration, Dispensing, ECHO, Prescribing, Treatment
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?