නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිපා අපට එපා Nipah Virus
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

නිපා අපට එපා Nipah Virus

Published October 2, 2023

කේරළයේ පැතිරෙන නිසා අපේ පරිස්සම වැදගත්

“ නිපා ” වෛරසය ගැන මුලින්ම වාර්තා වුණේ 1999 වසරේ මුල භාගයේදියි. මැලේසියාවේ ගෙවිපොළ සේවකයන් අතර වෛරස් තත්ත්වයක් පැතිර ගිය අතර ඌරන් ආශ්‍රිතව කටයුතු කළ මෙම සේවකයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකොට කටයුතු කිරීම නිසා ඌරන්ගේ පටක ශරීර තරල ස්පර්ශ වීමෙන් වෛරස ආසාදනයට පත්වන්නට ඇතැයි එහිදී උපකල්පනය කළා. නමුත් එයින් පසුව මැලේසියාවෙන් මෙම වෛරස ආසාදිතයන් ගැන වාර්තා වීමක් වුණේ නැහැ.එයින් පසුව බංගලාදේශයෙන් “නිපා” යැයි හඳුන්වන මෙම රෝගකාරක වෛරස ආසාදිතයන් හමුවුණා.

නැගෙනහිර ඉන්දියාවේ කලින් කලට මේ අන්දමින් වෛරස රෝගීන් ගැන වාර්තා වුවත් මේ දිනවල නිපා වෛරසය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන්. නමුත් ඔවුන්ට එය අලුත් තත්ත්වයක් නොවේ.පසුගිය වසර තුළ කේරළ ප්‍රාන්තයේ මෙම වෛරස ආසාදන නිසා හතර වතාවක් වසංගත තත්ත්වයකට මුහුණ දුන්නා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වීමක් නැහැ. නිපා වෛරසය ගැන මේ වනවිට සිදුකරන ලද විද්‍යාත්මක අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන අන්දමට මෙම වෛරසය මූලිකවම මිනිසාට බෝ වන්නේ සතුන්ගෙන් වුවත් රෝගී පුද්ගලයෙකුගේ කෙළ හෝ සෙම බිඳිති, මුත්‍රා,ලේ මගින් රෝගය බෝ වීමට පුළුවන්. මෙහිදී රෝගී ආසාදිතයාගේ සමීප ඇසුරේ සිටින්නන් ආසාදිතයන් වීමට වැඩි ඉඩක් තිබෙනවා…..

නිපා ආසාදිතයෙකුගේ රෝග ලක්ෂණ..

නිපා වෛරසය ආසාදනය වුණ පමණින්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. වෛරසය සිරුරට ඇතුළු වී දින 4 ක කාලයෙ පටන් දින 14 ක් අතර කාලයේදී රෝග ලක්ෂණ ඇතිවන්න පුළුවන්. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ගැන සඳහන් කරනවා නම්

උණ.
උගුරේ වේදනාව.
හිසරදය.
මස්පිඬු වේදනාව.

වෛරසය ආසාදිත වුණත් සමහර පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් සමහර පුද්ගලයන් වෛරසය ආසාදනය වීමෙන් ශ්වසන අපහසුතාවන් හෝ මොළයේ ආසාදන නිසා මාරාන්තික තත්ත්වයට පත් වීමටත් ඉඩ තිබෙනවා.

වෛරසය ආසාදිත නොවී සිටීමට…

අපේ රට අවදානම අඩු රටක් ලෙස නම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ වවුල් විශේෂවලත් රෝග කාරක වෛරසය දැනට වාර්තා වීමක් නැහැ.

සතුන් කෑ පලතුරු කෑමෙන්  වළකින්න.

පළතුරු හොඳින් සෝදා ආහාරයට ගන්න.

ආසාදන තත්ත්වය වළක්වා ගැනීමට කොවිඩ් කාලයේ වගේ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න.

මේ වනවිට අපේ රටෙන් “නිපා” ආසාදිතයන් ගැන වාර්තාවීම් තිබෙනවාද?

අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දැනට පවතින දත්ත අනුව තවම ලංකාවෙන් ‘නිපා’ වෛරස ආසාදියන් හමු වී නැහැ. නමුත් අපට ආසන්න රටක මෙම වෛරස ආසාදියින් සිටින නිසා අපටත් මෙහි අවදානමක් තිබෙනවා. ඒ නිසා හදිසියේ හෝ යම් ප්‍රදේශයක ‘නිපා’ වෛරස ආසාදිතයන් ගැන වාර්තා වුණොත් සෞඛ්‍ය අංශවලින් මහජනතාව වෙත ලබාදෙන උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත් වනවා.

නිපා වෛරසයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණ අවශ්‍ය වනවාද?

දැනට කොවිඩ් වසංගත තත්ත්වයක් ලංකාවේ නැති නිසා බොහෝ දෙනා මුඛ ආවරණ පළඳින්නේ නැහැ. රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය පැතිරීම අඩුකර ගැනීමට මුඛ ආවරණ පැළඳිය යුතු වනවා. කෙසේ වුවත් මේ දිනවල ශරීර ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් මුඛ ආවරණ පැළඳිය යුතු සේම දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීමත් වැදගත්.

මෙම වෛරසය මළපහ මගින් බෝවන තත්ත්වයක් ඇති නිසා පොදු වැසිකිළි භාවිතය අවදානම්ද?

මෙම වෛරසය ශරීරයකින් පිටත වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. එය පැය කීපයකින් වාතයේ පැවැතිය හැකියි. වෛරසය කාමර උෂ්ණත්වයයේ තබා ඇති පලතුරු හෝ පලතුරු යුෂවල පැවැතිය හැකි බව වාර්තා වෙනවා. ඒ නිසා වෛරසය ආසාදනය විය හැකි යැයි බිය විය යුතු නැහැ.

මරාන්තික තත්ත්වයට පත්නොවීමට අනුගමනය කළ යුතු දේ මොනවාද?

ඇත්තටම කියනවා නම් ‘නිපා’ වෛරසය වෙනුවෙන් වූ එන්නත් හා ඖෂධ පර්යේෂණ මටට්මේ පවතිනවා. ඖෂධ ලබාදෙන්නේ රෝග ලක්ෂණ සමනය කිරීමටයි. රෝගීන් වාර්තා වුණොත් ඒ රෝගියා හුදෙකලා කර ප්‍රතිකාර ලබාදීම අවශ්‍යයි. උත්සන්න තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් වෙතොත් ඔවුන් සඳහා දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබා දියයුතු වනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: india, Nipah Virus
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?