නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කම්මුල්ගාය හැදෙන හැම කෙනෙක්ම වදවෙන්නෙ නැ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කම්මුල්ගාය හැදෙන හැම කෙනෙක්ම වදවෙන්නෙ නැ

Published September 25, 2023

කම්මුල්ගාය දීර්ඝ ඉතිහාසයක් ඇති රෝග තත්ත්වයක්. ක්‍රි.පූ. 5 වන සියවසේදී හිපොක්‍රටිස් විසින් රචිත “පැරොටයිටිස්” නමැති කෘතියේ ඛේට ග්‍රන්ථි ඉදිමීම පිළිබඳ රෝගයක් ගැන සඳහන් වෙනවා.එය අද අප කම්මුල්ගාය යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වය බැව් පිළිගැනීමට පුළුවන්.ඇමරිකානු ජාතික වෛරසවේදියෙකු වූ අර්නස්ට් විලියම් තමාගේ සමකාලීනයෙකු වූ ජොන්සන් සමග එක් වී කම්මුල්ගාය වෛරසය හඳුනාගැනීමට අධ්‍යනයන් ආරම්භ කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෛරසය හඳුනාගෙන රෝගකාරක වෛරසය නීරෝගී වඳුරෙකුට එන්නත් කළා.එහිදී වෛරසය සම්ප්‍රේෂණය වන බැව් තහවුරු වුණා’ එයින් පසු 1955 වසරේදී හෙන්ලේ සහ වෙන්හාට් යන විද්‍යාඥයින් දෙදෙනා විසින් මෙම වෛරසය ගුණනය වන බැව් හඳුනාගත්තා කම්මුල්ගාය වෛරසයකින් ඇතිවන රෝග තත්ත්වයක්. මෙය RNA (Ribonucleic acid ) කාණ්ඩයට අයත් mumps වෛරසය ලෙස හැඳින්වෙනවා.

සාමාන්‍යයෙන් කම්මුල්ගාය රෝග තත්ත්වය ළමා වයසේදී ඇතිවනවා.ඒ වගේම වයස අවුරුදු 4 සිට 14 කාලයේදී රෝගය ඇතිවීමට වැඩි හැකියාවක් තිබෙනවා. නමුත් මේ වයස් කාණ්ඩයෙන් පසුව වැඩිහිටි කාලයේදී වුණත් කම්මුල්ගාය වැළඳීමට යම් අවස්ථාවක් ලැබෙනවා.

කම්මුල්ගාය වෛරසය පුද්ගලයෙකුට ආසාදනය වෙන්නේ කොහොමද?

කම්මුල්ගාය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවෙන රෝගයක්. වෛරස ආසාදනය වීම බිඳිති මගින් සිදුවනවා. විශේෂයෙන් කැස්ස, කිවිසුම ආශ්‍රිත බිඳිති මගින් වෛරසය සම්ප්‍රේෂණය වෙනවා. මේ තරල ගැටුණොත් රෝගය ඉක්මණින්ම බෝ වීමට හැකියාවක් තිබෙනවා.

ඒ වගේම ආසාදිත පුද්ගලයෙක් සමග සමීප සම්බන්ධතාවයන් පවත්වන විට වගේම ආහාරපාන බෙදා ගැනිම්, පරිහරණය කරන භාණ්ඩ ස්පර්ශ කිරීම නිසා නිරෝගී පුද්ගලයෙක් කම්මුල්ගාය වෛරසයෙන් ආසාදිත වීමට වැඩි ඉඩක් තිබෙනවා.

වෛරසය සම්ප්‍රේෂණය වුණ සෑම පුද්ගලයෙකුටම රෝග තත්ත්වය ඇතිවනවාද?

කම්මුල්ගාය රෝග තත්ත්වයේ අවධි දෙකක් තිබෙනවා. සමහර පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය වුණත් කිසිම රෝග ලක්ෂණයක් තදින් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ අතර තවත් සෑහෙන පිරිසක් වෛරසය ආසාදනය වීමෙන් පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

කම්මුල්ගාය වැළඳුණ රෝගියෙකුගේ රෝග ලක්ෂණ මොනවාද?

කම්මුල ඉදිමීමට පෙර උණ, ඇඟේ අමාරුව, සන්ධි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇතිවනවා. කම්මුල් ප්‍රදේශය ඉදිමීම අපි සාමාන්‍යයෙන් කම්මුල්ගාය වැළඳුන පුද්ගලයෙකු වෙතින් බාහිරව දකින්න ලැබෙන ලක්ෂණයක්. මුලින් කම්මුලේ එක් පැත්තක ඇති පැරටොයිඩ ඛේට ග්‍රන්ථි ඉදිමෙන අතර පසුව කම්මුල් දෙපස ඇති පැරටොයිඩ ග්‍රන්ථි ආසාදනය වී ඉදිමෙනවා. සමහර විට මෙය එක් පැතත්කට පමණක් සීමා වෙන්නත් පුළුවන්. ඒ වගේම හණු ප්‍රදේහයේ ඇති අනෙක් ඛේට ග්‍රන්ථිද ආසාදනය වී ඉදිමෙන්න පුළුවන්.

ඒ වගේම කම්මුල්ගාය රෝගය වැළඳුණ රෝගියෙකුගෙන් සතියකට පෙර මෙන්ම සතියකට පමණ පසුව නීරෝගී පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා රෝගියෙක් හුදෙකලා කිරීම වැදගත්.විශේෂයෙන් ළදරු පාසල් සහ පාසල් අධ්‍යාපනය තබන දරුවන් අතර කම්මුල්ගාය රෝග තත්ත්වය ඉතාම ඉක්මණින් බෝ වීමට පුළුවන්. ඊට හේතුව ආසාදිත දරුවෙක් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පළමුව පටන්

නීරෝගී දරුවන් සමග සමීප සම්බන්ධතාවයන් පවත්වනවා. ඒ වගේම සමූහ වශයෙන් ජීවත් වෙන පරිසර තත්ත්වයන් තුළත් වෛරස සම්ප්‍රේෂණය සෙසු තැන්වලට වඩා වේගවත්ව සිදු වෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ නිවසේ ආසාදිතයෙක් සිටිනවා නම්

රෝගියා හුදෙකලාව තබන්න
පරිහරණය කරන දේ ඔහු වෙනුවෙන්ම වෙන්කර තබන්න
හොඳින් අත් සෝදන්න
රෝගියා මෙන්ම ඇසුරු කරන අයත් මුව ආවරණ පළඳින්න

කම්මුල්ගාය වැළඳීම නිසා පිරිමි දරුවන්ගේ සරු බව පිළිබඳ ගැටලු ඇතිවීම සම්බන්ධයෙන් විද්‍යාත්මක සත්‍යතාවක් තිබෙනවාද?

කම්මුල්ගාය වැළඳුණ පිරිමි දරුවෙකුගේ වෘෂණ කෝෂ ප්‍රදාහයන් ඇතිවන්න පුළුවන්. එය 10 % ක් තරම් සුළු සංඛ්‍යාවකට සිදුවන්නක්. එයිනුත් මදසරු බව ඇති වෙන්නේ සුළු පිරිසකට පමණයි.

ඒ වගේම ගැහැනු දරුවන්ගෙන් 5% ක් පමණ ඩිම්බ කෝෂ ප්‍රදාහයන් ඇතිවනවා. ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ගැහැනු සහ පිරිමි දෙපාර්ශ්වයටම මේ තත්ත්වය බලපානවා.

රෝගයේ අතුරු සංකුලතාවන් මොනවාද?

මෙනින්ජයිටිස් පටල ප්‍රදාහය ඇතිවීමට ඉඩ තිබෙනවා.

කුඩා කාලයේදී කම්මුල්ගාය වැළඳීම නිසා දරුවන් බිහිරි බවට පත්වන්න පුළුවන්.

මෙම වෛරසය ස්නායු පද්ධතියට බලපාන නිසා ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ තත්ත්වයන් ඇතිවීමට පුළුවන්.

සමහර අවස්ථාවලදී අග්න්‍යාශ ප්‍රදාහයන් ඇතිවීමට ඉතා සුළු එනම් 4% ක් තරමේ අවස්ථාවන් තිබෙනවා.

මේ සඳහා ලබාදෙන ප්‍රතිකාර?

කම්මුල්ගාය රෝග තත්ත්වය ඇතිවුණාම විශේෂ ප්‍රතිකාර නැහැ. නමුත් උණ සහ වේදනාව කළමනාකරණය කරගැනීම සඳහා පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් භාවිත කරන්න පුළුවන්.

ඒ වගේම කම්මුල්ගාය රෝග තත්ත්වයකදී මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම ඉතාම වැදගත්. මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා නොගතහොත් බැක්ටීරියා ආසාදන තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. නිතරම උගුර ලුණු මිශ්‍ර වතුරෙන් සෝදන්න. ඒ වගේම පිරිසිදුව සිටීම වැනි පෞද්ගලික සනීපාරක්ෂාවත් පවත්වා ගැනීම අවශ්‍යයි.

මුඛය වියැළීම වළක්වා ගැනීම
හැකි තරම් දියර පානය කිරීම
විකීමට පහසු ආහාර ගන්න


කම්මුල සහ වෘෂණ කෝෂ වැනි ඉදිමුණ තැන් අයිස් හෝ “ Heat packs ” මගින් තවා ගැනීම. ඒ හැර විවිධ දේ (අලි හක්ක)  ආලේප කිරීම අවශ්‍ය නැහැ.

මේ කාලයේදී ඇසිඩ් අඩංගු ආහාරවලින් ඈත්වීම හිතකරයි.අම්ල ආහාර නිසා මුඛයේ කෙළ උත්තේජනය වීම වර්ධනය කරනවා.

වතාවක් හැදුණොත් නැවත හැදෙන්න නැද්ද?

නැහැ. කම්මුල්ගාය වතාවක් වැළඳුණ විට වෛරසයට එරෙහිව සිරුර තුළ ප්‍රතිදේහ ගොඩනැගී ගොඩනගාගන්නා අතිකරගත් ප්‍රතිශක්තිය ( Active Immunity) නිසා වතාවක් හැදුණ පුද්ගලයෙකුට නැවත වතාවක් කම්මුල්ගාය රෝග තත්ත්වය ඇතිවන්නේ නැහැ.

අද වන විට කම්මුල්ගාය රෝග තත්ත්වය ගැන වාර්තා විම් අඩුයි. ළදරු ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව දරුවන්ට කම්මුල්ගාය රෝගය වෙනුවෙන් MMR ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙනවා.

MMR ප්‍රතිශක්තිකරණ එන්නත

මාස නවයේදී ලබාදෙන එන්නත නිසා කම්මුල්ගාය, සරම්ප සහ රුබෙල්ලා යන රෝග තත්ත්වයන්ට එරෙහිව දරුවාගේ ශරීර ප්‍රතිශක්තිය ගොඩනගනවා. ඒ නිසා අද වනවිට දරුවන් අතර කම්මුල්ගාය රෝග තත්ත්වය ගැන වාර්තාවීම් අඩුයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: mumps, කම්මුල්ගාය, පැරොටයිටිස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love11
Sad3
Happy4
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?