නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: භින්නොන්මාදය  Schizophrenia
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

භින්නොන්මාදය  Schizophrenia

Published August 21, 2023

“ උමතු ” එහෙම නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදි සඳහන් කරන පිස්සු හැදුණු අයකු කී විට අපේ මනසේ මැවෙන්නේ තනියම කතාකරන, ඉබාගාතේ ඇවිදින, කිසිම පිළිවෙළක් නැති පුද්ගලයෙකුගේ චිත්‍රයක්. නමුත් හොඳින් ඇඳ පැළඳගෙන,සාමාන්‍ය අන්දමින් රැකියාවක නිරතව, දරුමල්ලන් හදා වඩාගෙන සිටින පුද්ගලයන් අතරත් මානසික රෝගීන් සිටින්න පුළුවන්. නමුත් බැලු බැල්මට මේ පුද්ගලයන් මානසික රෝගීන් විදිහට පෙනෙන්නේ නැහැ.

වෛද්‍යතුමනි, භින්නොන්මාද මානසික රෝග තත්ත්වය ගැන සරලව සඳහන් කළොත්

මනස කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයයි. මානසික ආබාධ කියන්නේ මොළයේ ආබාධයි. එහිදී මොළයේ රසායනික තත්ත්වයේ වගේම මොළයේ ව්‍යුහයේ වෙනස්කම් ඇතිවනවා. එවැනි වෙනස්වීම් නිසා විවිධ රෝග ලක්ෂණ ඇතිවනවා.

භින්නොන්මාද රෝගීන් හඳුනාගන්නේ කොහොමද?

භින්නෝන්මාදය කිව්වාම එකම පුද්ගල හැසිරීමේ වෙනස්කම් විවිධයි. එක් එක් පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ නිසා මනෝ වෛද්‍ය විද්‍යාව තුළ භින්නෝන්මාදය පුද්ගල හැසිරීම අනුව ප්‍රභේද පහකින් යුක්ත වනවා.

1- Schizophrenia Delusions ( මායාවන් )

භින්නෝන්මාද රෝගීන්ගේ හැසිරීම් රටාවෙන් අපිට ඒ බව පැහැදිලිව හඳුනාගන්න පුළුවන්. මේ බව හොඳින්ම දැනෙන්නේ ඔහු හෝ ඇය සමග සමීපව සම්බන්ධතාවන් පවත්වන කෙනෙකුටයි. සමීපයේ සිටින අය මේ තැනැත්තා ගැන දන්නවා. අපි මෙහෙම හිතමු. මෙවැනි මානසික තත්ත්වයක් ඇති වූ විට යථාර්ථයෙන් ඔබ්බට සිතන්න පටන් ගන්නවා. තමාට අධි බලයක් තිබෙනව එහෙමත් නැත්නම් මට නිතරම දෙවියෙක් එහෙම නැත්නම් භූතයෙන් කතා කරනවා. එවැනි අනාවැකි කියන මානසික තත්ත්වයකින් පසුවනවා.

එතැනින් නවතින්නේ නැහැ. තමන් ඇසුරේ සිටින පුද්ගලයන්ටත් තමාට තිබෙන මේ බලය ගැන කියනවා. ඔබ ඇසුරේ සිටින පුද්ගලයන් විසින් මේ විදිහට නොපවතින දේ ගැන තොරතුරු කියන විට අනේ එයාට පිස්සු යැයි ඔබත් කවදා හෝ දිනක කියා ඇති. සැබැවින්ම ඒ භින්නෝන්මාදයේ එක් අවස්ථාවක්. තවත් සමහර පුද්ගලයන් තමා ඇසුරු කරන අය ගැන අනවශ්‍ය සැක උපදවා ගන්නවා. විශේෂයෙන් තම බිරිඳට අනියම් සම්බන්ධතාවක් ඇතැයි සැක කරන මානසිකත්වයකින් පසුවනවා. සැබැවින්ම එවැනි සම්බන්ධතාවක් නොමැති වුවත් මෙම රෝගී තත්ත්වය නිසා ඔවුන් තමන්ට සාධාරණ වූ සැකයක් ගොඩනගා ගන්නවා.

තොරතුරු බෙදා හැරීම

මේ අන්දමින් විවිධ මායාවන් ගැන සහ ඉන්ද්‍රජාලික බලයන් ගැන විශ්වාස කරන පුද්ගලයින් ඒවා බෙදා හැරීමට උනන්දුයි. උදාහරණ වශයෙන් සඳහන් කළොත් අපේ රටේ වුණත් මෙවැනි සිදුවීම් කාලයෙන් කාලයට ඇතවනවා. උදාහරණ විදිහට ගස්වලින් විවිධ රූප දර්ශනය වීම, විවිධ ස්ථානවලින් ආලෝක ධාරා විහිදීම වගේම මෑතකදී අපේ මතකයේ ඇති දම්මික පැණිය ඊට හොඳම නිදර්ශන විදිහට පෙන්වන්න පුළුවන්.

Schizophrenia Hallucnations (භ්‍රාන්ති දැකීම)

මේ අදියරේ පසුවෙන භින්නෝන්මාද රෝගීන්ට විවිධ ශබ්ද ඇසෙන බවට ඔවුන් පැමිණිලි කරනවා. නමුත් එය සැබෑවක් නොවෙයි. ඔයාට ඇහුනද මෙතැනින් ශබ්දයක් ආවා… නමුත් සැබැවින්ම එවැනි දෙයක් නොවුණත් මානසික දුර්වලතාව නිසා ඔවුන් විවිධ ශබ්ද ඇසුණ බව, තවත් කෙනෙකුගේ කටහඬ ඇසුණ බව කියන්න පුළුවන්. එයද මේ රෝග තත්ත්වයේ තවත් අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. සමහර විට ජීවිතයේදී සිදුවන හදිසි කම්පන තත්ත්වයකදී මේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. සමීපතම අයෙකුගේ වියෝව, වෙන්වීම නිසා ඒ පුද්ගලයා දකින්වා, කටහඬ ඇහෙනවා වැනි සිදුවීම් ගැන පැමිණිලි ලැබුණත් ඒවා තාවකාලිකයි.

කාලයත් සමග සුවය ලබනවා Disoraganized Thinking ( අසංවිධිත සිතුවිලි )

ඔබේ භාෂාවෙන් මේ විදිහට සඳහන් කරන අවස්ථාවන් ඇති. කොහෙද යන්නේ ඇහුවාම ලැබෙන්නේ මල්ලේ පොල් වගේ උත්තරයක්. නමුත් එය මේ පුද්ගලයාගේ වරදක් නොවේ. ඔහුගේ මොළයේ ස්නායු අවරෝධනය නිසා කතාවේ සංවිධානාත්මක බවක් නැහැ. ප්‍රශ්නය වෙනුවෙන් සංවිධානාත්මක පිළිතුරක් ලබාදීමට හැකියාවක් නැහැ. ඒ වගේම කලාතුරකින් කිසිදු ගැළපීමක් නැති වචන කතා කරන්න පුළුවන්. ඔවුන් අලුත් වචන හදනවා. මේ තත්ත්වය කුඩා දරුවන් විවිධ දේ වෙනුවෙන් තමන්ට පමණක් සීමා වුණ වචන භාවිත කිරීමට සමානයි. එය කුඩා දරුවකුට සාමාන්‍ය වුණත් වැඩිහිටි පුද්ගලයෙක් කිසිම ලෙසකින් ගැළපීමක් නැති වචන කතාකිරීම භින්නෝන්මාද මානසික තත්ත්වයේ තවත් අවස්ථාවක්.

Disoraganized Motar

සමහර විට මෙවැනි මානසික තත්ත්වයකදී ඒ පුද්ගලයාගේ හැසිරීම වයසට නොගළපෙන්න පුළුවන්. ඒ වගේම ආවේගශීලි වීමටත් පුළුවන්. එහෙම නැත්නම් කුඩා දරුවකු සේ හැසිරෙන්න පුළුවන්. අමුතු ඉරියව් පවත්වා ගැනිම, අමුතු ලෙස වාඩිවීමේ ඉරියව් අනුගමනය කරන්න පුළුවන්. ඇතැම් රටවල සාමිවරුන් අතර මේ අන්දමේ විවිධ ඉරියව් දකින්නට ලැබෙනවා.

Negative symptoms ජීවිතය දෙස සෘණාත්මකව දැකීම

බොහෝ දෙනෙක් කියන්නේ අපි ජීවිතය විඳින්න මිස විඳවන්න අවශ්‍ය නැහැ කියලයි. නමුත් සතුටු වීමට කැමැත්තක් නැහැ. භින්නෝන්මාද චරිත ජීවිතය දෙස බලන්නේ සෘණාත්මක ආකල්පයකින්. ඔවුන්ට ආහාරපාන, ඇඳුම් පැළඳුම් පමණක් නොව තමන්ගේ පෞද්ගලික සෞඛ්‍ය පිළිවෙත් පවා මගහැරෙනවා. දත් මැදීම, ස්නානය ගැන උනන්දු නැහැ. ඇඳුම් අපිරිසිදුයි. අපිළිවෙළයි.

ඒ වගේම සමාජ සම්බන්ධතාවන් පවත්වා ගැනීමට කැමැත්තක් ඇත්තේ නැහැ. අපි තවත් පුද්ගලයෙක් සමග කතාබහ කරන විට සෘජු ලෙසම ඔවුන්ගෙ ඇස් සමග සම්බන්ධතාවක් ගොඩනැගෙනවා. එ වගේම Body language මගින් ඒ කාතාවට ප්‍රතිචාර දක්වනවා. දුකක් නම් අපිත් සංවේදී වෙනවා. සතුටක් නම් අපේ සතුට ප්‍රකාශ කරනවා. ඒත් භින්නෝන්මාද මානසික තත්ත්වයකදී තවත් පුද්ගලයෙක් සමග වූ කතාබහකදී කිසිදු ලෙසකින් අන්තර් ප්‍රතිචාර පවත්වන්නේ නැහැ. ගස් ගල් සේ බලා සිටීම හැරුණ විට කිසිදු ලෙසකින් සංවාදයට සම්බන්ධ වීමේ සළකුනක්වත් නැහැ.

භින්නෝන්මාද මානසික රෝග තත්ත්වය ඇතිවීමට වයසක් තිබෙනවාද?

මේ තත්ත්වය බොහෝ විට වැඩිහිටි වයසේදී එනම් වයස අවුරුදු 20-45 අතර කාලයේදී දකින්න ලැබෙනවා. ඒ වගේම තරුණ වයසේදී දරුවන් ගැනත් අපි සැලකිලිමත් වීම වැදගත්. භින්නෝන්මාදය පමණක් නොව වෙනත් මානසික රෝග තත්ත්වයකදී වුණත් දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාවේ වෙනස්කම් ගැන අවධානයක් දැක්වීම වැදගත්.

වෛද්‍යතුමනි, දරුවන් වෙතින් දකින වෙනස්කම් මව්පියන්ට හඳුනාගන්න පුළුවන්ද?

පැහැදිලිවම. ඒ ගැන මව්පියන් සහ දූ දරුවන් අතර සමීප සම්බන්ධතාවක් අවශ්‍ය වෙනවා. දරුවකුගේ පහත රෝග ලක්ෂණ තිබෙනවා නම් මව්පියන් සැලකිලිමත් වීම වැදගත්.

පවුලේ සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් දුරස් වී හුදෙකලාව ප්‍රිය කිරීම.

නින්ද පිළිබඳ ගැටලු.

පෙර පැවති ප්‍රබෝධය සහ උනන්දුව නැතිවීම.

මානසික අවපීඩන තත්ත්වයක් ඇතිවීම.

හිතේ ලෙඩට බේත් නැහැ කිව්වට භින්නෝන්මාදය නමැති මානසික රෝගය වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර තිබෙනවාද?

ඔව්. ඖෂධ මගින් මේ රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඊට හේතුව කාලයක් පුරා මෙම රෝගය සමග ජීවත්වන විට ඔහු හෝ ඇයගේ සමාජ සම්බන්ධතාවන් බිඳ වැටෙනවා. තමාගේ ජීවිතයේ අනාගත ඉලක්ක වෙත ගමන් කිරීමට තිබෙන ආත්මාභිමානය නැතිවනවා. ඒ නිසාම සියදිවි හානි කරගැනීමේ සිතුවිලි පවා ඇති වෙන්න පුළුවන්.

භින්නෝන්මාද මානසික රෝග ප්‍රතිකාර ගැනීමට නම් රෝගියා මනෝ වෛද්‍යවරයෙක් වෙතට යොමු කිරීම අවශ්‍යයි. ඒ වගේම මේ පුද්ගලයා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්නම් හෝ එවැනි සිතුවිලිවලින් පසුවන්නේ නම් කිසිම ලෙසකින් ඒ තැනැත්තා හුදෙකලා කිරීම සුදුසු නැහැ.ඒ වගේම භින්නොන්මාද රෝගීන් සදාකාලික මානසික රෝගීන් නොවන බවත් සැලකිය යුතුයි. මෙම මානසිකත්වය විවිධ මානසික රෝග තත්ත්වයන් නිසා ඇතිවීමට පුළුවන්. ඒ කෙසේ වෙතත් නිසි ප්‍රතිකාර ලබාගෙන සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට ඔවුන්ට කිසිම බාධාවක් නැහැ.

● පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Negative symptoms, Schizophrenia, Schizophrenia Delusions, Schizophrenia Hallucnations, භින්නොන්මාදය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy1
Sleepy1
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?