නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආඩම්බරේට මට ඩයබිටිස් කිව්වට හැදෙන්න කලින් හොද කරගත්තොත් නරකද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ආඩම්බරේට මට ඩයබිටිස් කිව්වට හැදෙන්න කලින් හොද කරගත්තොත් නරකද

Published August 14, 2023

අද සමාජයේ බොහෝ දෙනෙක් දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරු වී සිටිනවා. රුධිරගත සීනි හෙවත් දියවැඩියා තත්ත්වයට ගොදුරු වන තෙක්ම රෝගීන් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. වෙනත් රෝග තත්ත්වයකදී සිදුකරන පරීක්ෂණ හරහා තමයි මේ පුද්ගලයන් දියවැඩියා රෝගී තත්ත්වයට පත්ව සිටින බැව් හඳුනාගන්නෙ. නමුත් දියවැඩියාව වැළඳීමට පෙරාතුව දියවැඩියාව ඇතිවීමේ අවදානමක් තිබෙන බවත් දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරු නොවී සිටින්නේ කොහොමද කියන කාරණාව ගැනත් හැම කෙනෙක්ම අවධානය යොමු කළ යුතුයි…

ඔබේ සිරුරේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක පැවතීම බරපතළ තත්ත්වයක්. ඔබේ ශරීරය විසින් ඉන්සියුලින් නිපදවීමක් සිදුනොවන විට සහ ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමක් සිදුනොවන විට මෙම රෝග තත්ත්වය ඇති වෙනවා. එහෙම නම් අපි නිතරම කතාකරන පූර්ව දියවැඩියා තත්ත්වය කියන්නේ කුමක්ද?

පූර්ව දියවැඩියා තත්ත්වයේදී රුධිරයේ සීනි මටට්ම සාමාන්‍ය මටට්මට වඩා ඉහළ අගයක තිබුණත් එය දියවැඩියාව යැයි හඳුනාගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැහැ. ඒ නිසාම මේ තත්ත්වයත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක්.

දියවැඩියාවේ ප්‍රභේද ගැන සඳහනක් කළොත්?

දියවැඩියාවේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. පළමු වර්ගය සහ දෙවන වර්ගය.
ඔබ පළමු වර්ගයේ දියවැඩියාවෙන් පසු වෙනවා නම් ඔබට ඉන්සියුලින් නිපදවීම අපහසුයි. ඒ වගේම දෙවන වර්ගයේ දියවැඩියාව තිබෙනවා නම් එය තරමක් වෙනස්. ඔබ නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙසින් ක්‍රියා කරන්නේ නැහැ. වෙනත් විදිහකට කිවහොත් ඔබට ප්‍රමාණවත් ලෙසින් ඉන්සියුලින් නිපදවීමේ හැකියාවක් නැහැ.

අනෙකුත් වර්ගයේ දියවැඩියාව අතරට ගර්භණි කාලයේ දියවැඩියාව ඇතුළත් වෙනවාද?

ඔව්. අනෙකුත් වර්ග අතරට ගර්භණී කාලයේ දියවැඩියාව ඇතුළත් වෙනවා. මෙය ගර්භණී කාලයේදී වර්ධනය වෙනවා. ඊට අමතරව වැඩිහිටියන් තුළ සැඟවුණු ස්වයංක්‍රිය ප්‍රතිශක්තිකරණ දියවැඩියාව (LADA) දුර්ලභ දියවැඩියා විශේෂයක්. ගමේ සෑම දියවැඩියා රෝග තත්ත්වයකදී ඔබේ සෛල තුළට ග්ලූකෝස් නිසි ලෙස ලබාගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා ආරම්භයේදීම විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා.

දියවැඩියා රෝග ලක්ෂණ මොනවාද?

දියවැඩියා රෝග තත්ත්වයට පොදු රෝග ලක්ෂණ ගැන කතා කළොත් පහත දැක්වෙන රෝග ලක්ෂණ සඳහන් කරන්න පුළුවන්.

විශේෂයෙන් රාත්‍රි කාලයේදී මුත්‍රා කිරීමේ වාර ගණණ වැඩිවීම
පිපාසය වැඩිවීම
කුසගින්න වැඩිවීම
ශරීරයේ බර අඩුවීම
වෙනදා නැති මහන්සි ගතියක් දැනීම
ලිංගික අවයව කැසීම
කැපුම් තුවාල සුවවීමට බොහෝ කල් යෑම
ඇස් පෙනීමේ අඩුවීම

හඳුනාගන්නා පරීක්ෂණ…

Hb A1C‍ පරීක්ෂණය

මෙහිදී පසුගිය මාස තුනක් තුළ ඔබේ සාමාන්‍ය රුධිර සීනි මට්ටම මනිනවා. එට 5.7%  ට අඩු නම් එය සාමාන්‍ය තත්වයක්. 5.7% සහ 6.4% අතර අගයක නම් ඔබ පූර්ව දියවැඩියා තත්ත්වයේ පසුවන පුද්ගලයෙක්. මෙම අගය ඉහත පරාසයට වඩා වැඩි නම් ඔබ දියවැඩියා රෝග තත්ත්වයෙන් පසවන බැව් පෙන්නුම් කරනවා. නිරාහාර රුධිර පරීක්ෂාව ත් ‍Fasting blood suger (FBS) මගින් ඔබේ සිරුරේ රුධිර මට්ටම මැනීම සිදුවෙනවා. එහි අගය 99 mg/dL හෝ ඊට අඩු නම් සාමාන්‍යයි.

රාත්‍රි ආහාරය නොගෙන නිරාහාරව සිටිමින් ඔබේ රුධිරයේ සීනි මට්ටම මැනීම සිදු වෙනවා. මේ අගය 99 mg/dL හෝ ඊට වඩා අඩු නම් එය සාමාන්‍ය තත්ත්වයක්. 100 – 125 mg/dL නම් ඔබට පූර්ව දියවැඩියා තත්ත්වයක් ඇති බැව් පෙන්නුම් කරනවා. 126 mg/dL හෝ ඊට වඩා වැඩි නම් ඔබ දියවැඩියා රෝගියෙක් බැව් පෙන්නුම් කරනවා.

අහඹු රුධිර සීනි පරීක්ෂාව

Random blood suger (RBS) ඔබට ඕනෑම වේලාවක මෙම පරීක්ෂණය සිදු කරන්න පුළුවන්. නිරාහාරව සිටීමට අවශ්‍ය නැහැ. ඒ අවස්ථාවේදී රුධිරයේ සීනි මට්ටම 200 mg/dL හෝ Vg වැඩි නම් දියවැඩියා තත්ත්වයෙන් පසුවෙන බැව් පෙන්නුම් කරයි.

දියවැඩියා සංකුලතා වර්ග දෙකකි

හදිසි සංකුලතා
නිදන්ගත සංකුලතා


මේවා දිගුකාලීන ගැටලු වන අතර ඒවා ක්‍රමයෙන් වර්ධනය විය හැකි අතර පාලනය නොකළහොත් සහ ප්‍රතිකාර නොකළහොත් බරපතළ තත්ත්වයන් ඇති වේ.

අක්ෂි ගැටලු (රෙටිනෝපති)

සමහර දියවැඩියා රෝගීන්ගේ “රෙටිනෝපති” අක්ෂි රෝග තත්ත්වයන් ඇතිවේ. සාමන්‍ය ඇස් පරීක්ෂාවක් හරහා ප්‍රතිකාර මගින් සුවය ලබා ගත හැකියි.

පාදයේ ගැටලු

දියවැඩියා රෝගීන්ට පාද ආශ්‍රිතව ඇතිවන ගැටලුවලට ප්‍රතිකාර නොකර නොසලකා හැරීම නිසා පාද කපා ඉවත් කිරීමට පවා සිදුවේ. ස්නායු හානිය ඔබේ පාදවල දැනීමට බලපාන අතර රුධිරයේ සීනි වැඩි වීම, රුධිර සංසරණයට හානි කළ හැකි අතර තුවාල සහ කැපුම් සුව කිරීම ප්‍රමාද කරයි. ඒ නිසා ඔබේ පාද ආශ්‍රිතව දැනෙන හෝ පෙනෙන වෙනසක් ඇත්නම් ඒ බැව් එබේ වෛද්‍යවරයාට දන්වන්න

හෘදයාබාධ සහ ආඝාතය

ඔබ දියවැඩියා රෝග තත්ත්වයෙන් පසුවනවා නම් යම් කාලයකදී රුධිරගත සීනි ඔබේ රුධිරනාලවල අවහිරතාවන් ඇති කරන නිසා හෘදයාබාධයන් සඳහාත් හේතු වීමට පුළුවන්.

වකුගඩු ආබාධ (නෙප්රොපති)

දියවැඩියා රෝගයෙන් දිගු කාලයක් පසුවන විට වකුගඩුවලට හානි සිදුවන අතර එමගින් ඔබේ ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම අපහසු වේ. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම සහ අධිරුධිර පීඩන තත්ත්වයන් ඇතිවනවා. සමහර දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම ඉහළ යෑමේ සංකුලතා හේතුවෙන් ස්නායු ආබාධ ඇති විය හැකියි. මෙය ස්නායුවලට, මොළයට සහ අපගේ සිරුරේ සෑම කොටසක් අතරම පණිවිඩ රැගෙන යෑමේ ක්‍රියාවලියට බාදා ඇතිවනවා. ඒ නිසා අප දකින, අපිට ඇසෙන, දැනෙන සහ චලනය වන සෑම ආකාරයකම කටයුතු සඳහ බලපෑම් ඇතිකරනවා.

විදුරුමස් රෝග සහ මුඛ ගැටලු

ඔබේ රුධිරයේ අධික සීනි මට්ටම ඔබේ කෙළවලත් සීනි මටට්ම වැඩි කරනවා. මෙය ඔබේ දත්වල එනමලයට පහර දී ඔබේ විදුරුමසට හානි කරන බැක්ටීරියා නිපදවනු ලබනවා. මේ නිසා විදුරුමස ආශ්‍රිත රුධිරවාහිනීවලටත් හානි විය හැකි අතර විදුරුමස් ආසාදනය වීමද වෙනවා.

පිළිකා තත්ත්වයන්

ඔබට දියවැඩියාව ඇත්නම් ඇතැම් පිළිකා තත්ත්වයන් ඇති වීමේ වැඩි අවදානමක් ඇත. පිළිකා ප්‍රතිකාර ඔබේ දියවැඩියා රෝග තත්ත්වයට බලපාන අතර ඔබේ රුධිරයේ සීනි පාලනය කිරීම අපහසු විය හැක.

කාන්තාවන්ගේ ලිංගික ගැටලු

රුධිරවාහිනී සහ ස්නායුවලට හානි වීමෙන් ඔබේ ලිංගික අවයවයන්ට රුධිර සැපයුම අඩු වන නිසා එම අවයවයන්හි සංවේදීතාව නැති විය හැක. අධි රුධිර සීනි මටට්ම නිසා මුත්‍රා ආශ්‍රිත ආසාදන තත්ත්වයන්ද ඇති වීමේ අවදානමක් තිබේ.

පිරිමින්ගේ ලිංගික ගැටලු

ඔබේ ලිංගික අවයවවලට ගලා එන රුධිර ප්‍රමාණය සීමා කළ එකක් වන අතර ඒ නිසා ලිංගික උද්දීපනය වීමට අපහසු විය හැක.

සංකූලතා…

දියවැඩියාව නිසා සංකුලතාවන් ඕනෑම අවස්ථාවක ඇති විය හැකිය.

එවැනි සංකුලතාවයන් මොනවාද?

හයිපෝස් ඔබේ රුධිරයේ සීනි ඉතා අඩු වූ විට

හයිපර්ස් ඔබේ රුධිරයේ සීිනි වැඩි වූ විට Hyperosmolar Hyperglycaemic State (HHS) දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයන් තුළ පමණක් ඇතිවන මෙම රෝග තත්ත්වය ජීවිතයට තර්ජනයක් වන හදිසි අවස්ථාවකි. එය විජලන තත්ත්වය සමග අධික රුධිර සීනි නිසා ඇති වේ.


දියවැඩියා කීටෝසයිඩෝසිස් Diabetic Ketoacidosis (DKA)

ඉන්සියුලින් නොමැතිකම සහ අධික රුධිර සීනි නිසා කීටෝන ගොඩ නැගීමට තුඩු දෙන ජීවිතයට තර්ජනයක් ඇති කරන හදිසි අවස්ථාවකි.

සංකුලතාවන් වැළැක්වීම හෝ ප්‍රමාද කිරීම

සංකුලතාවන් වළක්වා ගැනීම හෝ ප්‍රමාද කිරීම කළ නොහැක්කක් නොවේ.රුධිර සීනි, රුධිර පීඩනය සහ රුධිර මේද පාලනය යටතේ තබා ගැනීම සංකුලතාවන් අඩු කිරීමට බෙහෙවින් උපකාරී වේ.

ඔබේ දියවැඩියාව පාලනය කරගන්න

අගය HbA1 7 ට වඩා අඩුවෙන් තබා ගැනීම මගින් සංකුලතාවන් ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා වැදගත් වේ.‘බේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන ලකුණු ඇත්නම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. අධි රුධිර සීනිවල සංකුලතාවන් වළක්වා ගැනීම සඳහා ඔබේ HbA1c අගය නැවත ඉලක්කයට තබා ගැනීමට නම් අධි රුධිර සීනිවල සංකුලතාවන් වළක්වා ගැනීම සඳහා ඔබේ ප්‍රතිකාර වෙනස් කිරීමට අවශ්‍ය විය හැකිය.

දුම්පානය නතර කරන්න

දුම්පානය නිසා හෘදය සහ පාද වැනි ස්ථානයන් වෙත රුධිරය ගලා යෑමේ දුෂ්කරතාවන් ඇති වීම නිසා ඔබ දුම්පානය නතර කරන්නේ නම් සංකුලතාවන් ඇති වීමේ අවදානමත් අවම කර ගත හැකියි.

සෞඛ්‍ය සම්පන්න ආහාර

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් මගින් ඔබට වාසි බොහොමයක් ලැබෙනවා.

  • HbA1c අගය අඩු කර ගැනීම
  • රුධිර පීඩනය කළමනාකරණය
  • රුධිරයේ අහිතකර
  • කොලෙස්ටරෝල් මටට්ම අඩු වීම
  • කඩින් කඩ නිරාහාරව සිටීම

දිනකට පැය අටක් ආහාර ගෙන ඉතිරි පැය 16 නිරාහාරව සිටීම මෙයින් අදහස් කරනවා. කඩින් කඩ ආහාර ගැනීමේ විවිධ ක්‍රම පවතිනවා. ඔබට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සකසා ගැනීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ වෙනුවෙන් පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබා ගන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Autoimmune diabetes, Diabetes, Retinopathy, දියවැඩියාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?