නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මරණයේ රතු එළිය පෙන්වන පපුවේ වේදනාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

මරණයේ රතු එළිය පෙන්වන පපුවේ වේදනාව

Published August 7, 2023

හෘදයාබාධයක් යනු මරණය ගැන රතු එළියක් කිව්වත් වරදක් නැහැ. ලෝකයේ මරණ අතරින් වැඩි ප්‍රතිශතයක් හදවත් ආශ්‍රිත රෝග නිසා මරණයට පත් වෙනවා. අපේ පපුව ප්‍රදේශයේ ඇතිවන වේදනාවක් හෘදයාබාධයක පෙර නිමිත්තක් ලෙසින් සලකන්න පුළුවන්ද එසේ සැලකිය යුතුද? මේ ඒ ගැනයි.

විවිධ හේතු බලපානවා

උදරයේ ඇති වෙන ආම්ලිකතාව එහෙමත් නැත්නම් අපට හොඳින් අසා හුරුපුරුදු ගැස්ට්‍රයිටිස්

පපුවේ බිත්තියේ ඇතිවන මාංශ පේශි වේදනාව

පෙනහලු ආස්තරණයේ හෙවත් ප්ලූරාවේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්

පපුව ඉදිරිපස තිබෙන අස්ථි හා සම්බන්ධිත කාටිලේජ අතර පවතින සන්ධි ආශ්‍රිත වේදනාවක් පපුවේ වේදනාවක් ලෙස සැලකෙනවා.

ඒ වගේම මේ අන්දමේ පපුව ආශ්‍රිත වේදනාවකදී ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී වේදනාවක් ඇතිවනවා. කැස්සක්, කිවිසුමක් යනවිට වේදනාව ඇතිවනවා. එවැනි වේදනාවක් බොහෝ විට මාංශ පේශි ආශ්‍රයෙන් ඇතවන වේදනාවක් විදිහට සැලකෙනවා. මීට අමතරව පපුව ආශ්‍රිතව ඇතිවන වේදනාවන් කොටස් දෙකක්ට බෙදන්න පුළුවන්.

හෘදයාබාධයක් නිසා ඇති වෙන දරුණු වේදනාව

ඇන්ජයිනා රෝග තත්ත්වය නිසා ඇතිවන පපුවේ වේදනාව

හෘදයාබාධක් නිසා ඇතිවන වේදනාව අපට දැනෙන්නේ මෙහෙමයි

මුලින් මා සඳහන් කළ වේදනාවන්ට වඩා මේ අවස්ථාව වෙනස්. පුද්ගලයෙක් විවේකීව සිටින විට වගේම නින්දේදී පවා පපුව මැදින් තද වේදනාවක් ඇතිවනවා. මේ වේදනාව බෙල්ල, හකු ප්‍රදේශයට විහිදෙන අතරම අධික ලෙස දහඩිය දැමීම, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිවනවා. මේ වගේ අවස්ථාවක ඉක්මනින් රෝහල්ගත වීම වැදගත්. මේ අන්දමේ වේදනාවක් ඇතිවනවා නම් හැකි ඉක්මනින් රෝහල්ගත වීම අවශ්‍යයි. එහිදී සිදුකරන ECG ( Electrocardiogram ) සහ Troponin රුධිර පරීක්ෂණ මගින් හෘදයාබාධ තත්ත්වයක්ද යන්න හඳුනාගත හැකියි. එසේ හඳුනාගැනීමත් සමග ඉක්මනින් ලබාදෙන ප්‍රතිකාර තිබෙනවා. රුධිර කැටිති හිරවීම වැනි රෝග තත්ත්වයක් නිසා හෘදය වස්තුවට රුධිර සැපයුම් නොලැබෙනවා නම් රුධිර කැටිති දිය කිරීමේ ඖෂධීය ප්‍රතිකාර මගින් රෝගියා සුවපත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා රෝගියාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.

ඇන්ජයිනා වේදනාව

අපි කුස පිළිසිඳගෙන සති 7 – 8 කදී පමණ ආරම්භ වෙන හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය මරණය දක්වාම සිදුවනවා. හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය නවතින්නේ අපේ මරණයත් සමගයි. ඒ වගේම ඕනෑම ඉන්ද්‍රියක ක්‍රියාකාරීත්ව සඳහා ඔක්සිජන් සහ ග්ලූකෝස් අවශ්‍යයි. හෘදය වස්තුව මතුපිට පිහිටි වම් සහ දකුණු කිරීටක ධමනීන් මගින් හෘද ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලූකෝස් පරිවහණය සිදුවනවා. නමුත් යම් ලෙසකින් මේ කිරීටක ධමනීන් අවහිර වුණොත් හෘදය වස්තුවට අවශ්‍ය රුධිරය සැපයුම සිද්ධ වෙන්නේ නැහැ.

කිරීටක ධමනීන් අවහිර වෙන්නේ ඇයි?

අධික රුධිර පීඩනය, ජානමය හේතු, දියවැඩියාව, කොලස්ටරෝල් තැන්පත් වීම, දුම්පානය, ජානමය හේතු වැනි විවධ හේතු නිසා කිරීටක ධමනි බිත්ති අවහිර වෙනවා. නමුත් කිරීටක ධමනීන්හි 80% ක් 90% ක් පමණ අවහිර වුණත් අපට විවේකීව සිටින විට හෘදය වස්තුවට රුධිර සැපයුමේ බාධාවක් නැහැ. ඊට හේතුව 10% ක් ප්‍රමාණයෙන් අවශ්‍ය රුධිර සැපයුම හෘදය වස්තුවට ලැබෙනවා. නමුත් යම් වෙහෙසකර කාර්යක යෙදෙන විට එහෙම නැත්නම් ඇවිදින විට, බරක් ඔසවන, පියගැට පෙළක් නගින විට හෘදය වේගයෙන් ස්පන්දනය වී හෘදයට රුධිරය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ අවස්ථාවකදී මුලින් සඳහන් කළ 20% හෝ 10% මගින් අවශ්‍ය රුධිර සැපුයම් ලබා දෙන්න අපහසුයි. ධමනි අවහිරතාවක් ඇති විට හෘදය වස්තුවට ප්‍රමාණවත් පරිදි රුධිරය සැපයුමට බාධාවක් ඇතිවනවා.

එවිට පපුවේ වේදනාව, දැවිල්ල, බෙල්ල සහ හකු ප්‍රදේශය තදවීම වැනි අපහසුතාවන් ඇතිවනවා. අපි මේ රෝග තත්ත්වය “ ඇන්ජයිනා ” යනුවෙන් හඳුන්වනවා. සමහර විට අපි වැඩක් නොකරන අවස්ථාවක වුණත් මේ වේදනාව ඇති වෙන්න පුළුවන්. බයක් ඇති වුණොත්, කලබලයට පත් වුණොත් මුලින් සඳහන් කළ අන්දමේ ඇන්ජයිනා වේදනාව ඇතිවන්න ඉඩ තිබෙනවා. මේ වේදනාව ඇති වුණාම අපි කරන කාර්යය නවත්වනවා. එවිට ඇන්ජයිනා වේදනාව ක්‍රමයෙන් අඩු වී ගෙන යනවා.

වැඩක් කරන විට වේදනාව දැනිම සහ ඒ කාර්යය නැවැත්වීම සමග වේදනාව අඩු වෙනවා නම්?

අනිවාර්යෙන්ම ඔව්. විශේෂයෙන් මේ ඇන්ජයිනා වේදනාව කියන්නේ අනාගතයේදී හෘදයාබාධයක් ඇති වීමට තිබෙන රතු එළියක් කිවහොත් නිවරැදියි. ඒ නිසා ඇන්ජයිනා වේදනාව ඇත්නම් ඒ ගැන පරීක්ෂා කිරීම හෙටට කල් තබන්නත් එපා. ඇන්ජයිනා රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔබේ රෝග තත්ත්වය හඳුනාගැනීම පිළිබඳ පරීක්ෂණ කීපයක් සිදුකරනවා.

ECG ( Electrocardiogram )

සමහර අවස්ථාවලදී දරුණු හෘදයාබාධ තත්ත්වයක් පවා පරීක්ෂණයකින් හඳුනා ගැනීම අපහසයි. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී ECG පරීක්ෂණයකින් නොනැවතී තව දුරටත් පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනවා.

Eco ( Eco -crdiogram )

මේ පරීක්ෂණය මගින් හෘදය වස්තුවේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව පරීක්ෂාවක් සිදුවනවා.

Exercise ECG

මෙය ඉතා වැදගත් පරීක්ෂණයක්. මේ පරීක්ෂණයේදී පාලිත තත්ත්වයක් යටතේ රෝගියා යන්ත්‍රයක් මත ව්‍යායාම කරන අතරවාරයේදී ECG පටි ලබාගන්නවා. ව්‍යායාම කිරීමේදී රෝගියාගේ හෘදය ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාර ECG වාර්තාව පෙන්නුම් කරනවා. ඒ අනුව ධමනීන්ගේ අවහිරතාවයන් හඳුනාගැනීමට පුළුවන්.

Angiogram Test

මෙහිදී රෝගියාට වර්ණකයක් එන්නත් කරනවා. ඒ වර්ණකයේ ගමන්මග අනුව හෘදයේ පවතින අවහිරතාවන්, ඒ අවහිරතාවන් පවතින ස්ථාන සහ අවහිරතාවන්ගේ සංඛ්‍යාව සහ අවහිරතාවයේ ප්‍රතිශතය හඳුනාගැනීමට හැකියාවක් ලැබෙනවා.

හෘදයේ අවහිරතාවන් හඳුනාගැනීමෙන් පසුව

ඉහත පරීක්ෂණ මගින් ධමනීන්හි අවහිරතාවන් හඳුනාගැනීමෙන් පසුව ලබා දෙන ප්‍රතිකාර විධි කීපයක් තිබෙනවා. ඖෂධීය ප්‍රතිකාර මගින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සිදුවනවා. ඖෂධ ප්‍රතිකාර අඛණ්ඩව ලබා ගැනීම අවශ්‍යයි. තදබල ලෙසින් අවහිරතාවක් ඇත්නම් Angio plast ( stent ) ප්‍රතිකාර ලබා දෙනවා. මෙහිදී බැලුනයක් යවා ධමනීන්ගේ අවහිරතාව ඉවත් කිරීමක් සිදුවනවා. නවීන තාක්ෂණය මගින් සිදුකරන නිසා රෝගියා දින දෙකකින් පමණ රෝහලෙන් පිටව යන අතරම තුවාල කැළැල් ඇති වීමත් සිදුවන්නේ නැහැ.

ධමනීන්ගේ අවහිරතාව රෝගියාගේ ජීවිතයට පවා ප්‍රබල ලෙසින් බලපෑමක් කරනවා නම් BYPASS හෙවත් සිරුරෙන් ලබා ගන්නා ධමනියක් මගින් හෘදය වස්තුවට රුධිරය සපයන විකල්ප මාර්ගයක් ගොඩනගනවා. ඒ නිසා ඔබට යම් ආකරයක පපුවේ වේදනාවක් ඇත්නම් ඒ ගැන නොසලකා සිටින්න එපා. ඒ වේදනාව හෘදය වස්තුවට සම්බන්ධ කිරීටක ධමණීන්ගෙ අවහිරතාවයක් දැයි සොයා ගැනීමට දියුණු වෛද්‍ය තාක්ෂණ ක්‍රම තිබෙනවා. ඒ අනුව ඔබේ රෝග තත්ත්වය හඳුනාගෙන ඊට අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මගින් ජීවිතයේ කටයුතු සාර්ථක ලෙසින් පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ නිසා ඔබේ වයස අවුරුදු 40 ක් ඉක්මවා ඇත්නම් අධිරුධිර පීඩනය, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළින් තිබීම, දුම්පානය, දියවැඩියාව, පවුලේ හෘදයාබාධ ඉතිහාසය වැනි අවදානම් සාධක තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් අනුව ඔබේ හදවතේ නීරෝගිතාව පිළිබඳ පරීක්ෂාවන් සිදුකර ගැනීම වැදගත්. සමහර විට හෘදයාබාධයක් පිළිබඳ පෙරනිමිති නොපෙන්වාම දරුණු අන්දමේ හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Angiogram Test, ECG, Electrocardiogram, ඇන්ජයිනා වේදනාව, පපුවේ වේදනාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad1
Happy0
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?