නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හිතකර මේදය වැඩි කරගන්න ඔබත් එදිනෙදා ව්‍යායාම කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හිතකර මේදය වැඩි කරගන්න ඔබත් එදිනෙදා ව්‍යායාම කරන්න

Published April 17, 2023

අපි දවස තිස්සේ මේ ගෙදර තියෙන වැඩ පොළ කළාම ආයේ ඉතිං හොඳටම හෙම්බත්. අපට නම් අමුතුවෙන් ව්‍යායාම කරන්න ඕන නැහැ. බොහෝ විට ඔබත් මේ මතයේ සිටිනවා ඇති. අපේ කාන්තාවන් අතර බොහෝ දෙනා විශ්වාස කරන්නේ උදේ අවදි වුණ වේලාවේ පටන් රාත්‍රී නින්දට යන තෙක් ඔවුන් විසින් කරන ඉවුම්, පිහුම්, රෙදි සේදීම් වැනි කටයුතු නිසා අමතර වශයෙන් ව්‍යායාම කිරීමක් අවශ්‍ය නොවනවා කියලයි. එසේ ඔබත් සිතනවා නම් සැබැවින්ම ඔබ සිටින්නේ වැරදි අදහස බැව් සඳහන් කළ යුතුයි.

■ ව්‍යායාම අවශ්‍ය ඇයි… ?

අතීතයේදී නම් ගෘහණියන් පවා හාල් කෙටිම, මිරිස් කුරහන් ඇඹරීම, රෙදි දියේ ගැසීම වැනි එදිනෙදා ගෘහ ජීවිතයේ කටයුතුවලින් ව්‍යායාම ඔවුන්ටත් නොදැනීම ලැබුණා. නමුත් අද වෙන විට වැඩපහසු කරන ග්‍රයින්ඩර්, බ්ලෙන්ඩර් වැනි මෙවලම් නිසා කාන්තාවන්ට වුණත් සිරුරට අවශ්‍ය ව්‍යායාම ලැබෙන්නේ නැහැ.

මේ නිසා අපට විවේකය වැඩියි. ලැබෙන විවේකය පවා අප යොදවන්නේ අත්‍යවශ්‍ය නොවන කාරණාවන්ටයි. අපේ ජීවන රටාවත් දැන් බෙහෙවින්ම තරඟකාරියි. අනිත් පුද්ගලයා පසු කරමින් ගොස් කැපී පෙනෙන්නට දරණ උත්සාහය නිසා තවත් පැත්තකින් ආතතිය ඇති වෙනවා.

ඊට විකල්ප ලෙසින් දුම්වැටි සහ මද්‍යසාර සඳහා යොමු වීමේ තවත් ආදීනවයක් විදිහට ඔවුන් ඉබේම රෝගීන් බවට පත් වෙනවා. මේ අන්දමින් අපේ ජීවන රටාවේ පවතින අපේම වැරදි නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙසින් ව්‍යායාම කිරිමේ අවශ්‍යතාවය දැන් පිළිගෙන තිබෙනවා.

■ ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම් අතර වෙනසක්..

පැහැදිලිවම… අපි කය වෙහෙසා වැඩ කරන විට දහඩිය දැමීම සිදු වෙනවා. ඒ වගේම පේශි ක්‍රියාකාරී වීම සමග යහපත් ලෙසින් රුධිර සංසරණයද සිදු වෙනවා. ඒ නිසා එක්තරා අන්දමකින් ශරීර සුවතාවයක් ලැබුණත් රෝග වලක්වා ගැනීමේ හැකියාවක් අපට ලැබෙන්නේ නැහැ.

■ ව්‍යායාමයක සැලසුම්…

අපි ව්‍යායාමයක් කරන්නේ යම් සැලසුමකට. ඒ වගේම ක්‍රමානාකුල පියවරකට අනුව. ව්‍යායාමයක් යම් කාලයක් තුළ අනුපිලිවෙලකට කිරීමත් අවශ්‍යයි. එවිට එකම පද්ධතිය නැවත නැවත රිද්මයකට, කාලසීමාවකට යටත්ව සිදු කරන නිසා එය ව්‍යායාමයක් ලෙසින් අපට වඩාත් හිතකර ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ නිසා යම් ව්‍යායාම සැසියකින් පසුව ක්ෂනික ප්‍රතිඵල වගේම දීර්ඝකාලීනවත් වැඩි වාසි ලැබෙනවා. ව්‍යායාම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇති වෙන වෙනස්කම් නිසා ලෙඩ රෝගවලින් අප ආරක්ෂා වෙනවා.

■ ව්‍යායාම නිසා අපේ ශාරීරික යෝග්‍යතාවය වැඩිවීමක්…

ව්‍යායාම මගින් අපි අපේක්ෂා කරන මුල්ම ප්‍රතිලාභය වන්නේ අපේ ශාරීරික නිරෝගීතාවය ආරක්ෂා කර ගැනීමයි. එවිට අපේ ජීවිතයේ ගුණාත්මක බව ඉතාම පහසුවෙන් පවත්වාගෙන එදිනෙදා කටයුතු කිසිදු අපහසුවකින් තොරව සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

● හෘදය වස්තුව ආශ්‍රිත දරා ගැනීම් වැඩි කිරීමට අදාල ව්‍යායාම

● මාංශ පේශිවල ශක්තිය වැඩි කර ගැනීමට අවශ්‍ය ව්‍යායාම

● පේශිවල දරා ගැනීම සහ නම්‍යශීලීත්වය වැඩි කර ගැනීම

■ ව්‍යායාම කිරීමෙන් බලාපොරොත්තු වන්නේ …

● ව්‍යායම කිරීමෙන් අපේ සිරුරේ ඇති අනවශ්‍ය මේදය දහනය වීම

● හිතකර මේදය වර්ධනය කිරීම

● උසට සරිලන බර ( BMI – Body Mass Index) පවත්වා ගැනීම

● පේශි සමායෝජනය වැඩි කර ගැනීම සහ බලය වැඩි කර ගැනීම

● ක්ෂණිකව යම් දෙයකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ වේගය වැඩි කර ගැනීම

● යම් දෙයක් කිරීමේදී ක්ෂණිකව ඉරියව් මාරු කිරීමේ හැකියාව

■ ව්‍යායාම නිසා ලැබෙන ප්‍රතිලාභ…

මුලින් සඳහන් කළ අන්දමට ව්‍යායාමයකින් අපි බලාපොරොත්තු වෙන්නේ ලෙඩ රෝග අවම කර ගැනීමයි. ඒ නිසා පුද්ගලයෙකු ව්‍යායාම සඳහා යොමු වීමේදී ඒවා මධ්‍යම සහ වැඩි තීව්‍රතාවයකින් යුක්ත ව්‍යායාම විමත් වැදගත්. මෙවැනි ව්‍යායම නිසා බර අඩු වීම සහ බාහිරව පෙනූමේ ඇති වෙන වෙනස්කම් නිසා පුද්ගල පෞරෂයටත් ව්‍යායාම ඉතාම වැදගත්.

නිවරැදි ව්‍යායාම මගින් හෘදය වස්තුව සහ ශ්වසන පද්ධතියේ නිරෝගිතාවය ඇති වෙනවා. ඒ නිසා පේශිවල බලය, ශක්තිය, නම්‍යශීලීත්වය, දරා ගැනීම වගේම වෙහෙසට පත් වීම අවම වෙනවා. ප්‍රතිශක්ති පද්ධතිය වැඩි දියුණු වීමත් සමග මහා අන්ත්‍ර, කුඩා අන්ත්‍ර ආශ්‍රිත පිළිකා ඇති වීමේ අවදානම පවා අඩු වෙනවා.

රුධිරයේ ඝනත්වය අඩු වීම නිසා හදවත් රෝග තත්ත්වයන්, කොලස්ටරෝල්, අධි රුධිර පීඩනය, ඔස්ටියෝ පොරෝසිස් ඇති වීමේ අවදානම අඩු වීම පමණක් නොව රාත්‍රී කාලයේදී සුව නින්දක් ලබා ගැනීමටත් අවසර ලැබෙනවා. පිටකොන්ද ආශ්‍රිත ආබාධ, මානසික ආතතිය අඩු වීම මෙන්ම ලිංගික ක්‍රියාකාරීත්වය යහපත් වී පවුලේ සම්බන්ධතාවයන් පවා මනාව පවත්වා ගැනීමේ ශක්තිය ලැබෙනවා.

ව්‍යායාම කිරීමෙන් මානසික ආතතිය අඩු වෙන අතර වියපත් වීමේදී පවා තමන්ගේ කටයුතු ස්වාධීනව කර ගැනීමේ ශක්තිය ලැබෙනවා.ඒ නිසා ඔබ ව්‍යායාම කිරීමට මැලි විය යුතු නැහැ. අද දවසේ ඔබ විසින් සිදු කරන ව්‍යායාම සැසිය අනාගතය වෙනුවෙන් සැබෑම ආයෝජනයක් බවට පත් විය හැකි නිසා අප්‍රමාදව ව්‍යායාම් වෙනුවෙන් යොමු වීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Exercises, Exercising, Maintaining health, ව්‍යායාම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?