නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ක්‍රම කිහිපයකින් සෞඛ්‍යය රැකදෙන Treadmill
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ක්‍රම කිහිපයකින් සෞඛ්‍යය රැකදෙන Treadmill

Published May 8, 2023

පවතින සමාජ ආර්ථික රටාව නිසා හුඟදෙනෙක් කාර්ය බහුලයි. මේ නිසා සමහර අයට ජිම් එකකට යන්න වෙලාවක් නෑ. ඉතින් එහෙම හිතලා ඒ අයම නිවසටම ගෙන්ව ගන්නවා ව්‍යායාම උපකරණ. නාගරික ජන සමාජය තුළ මෙහෙම ව්‍යායාම උපකරණ නොමැති නිවසක් බොහෝ විට නැති තරම්. හැබැයි ඒ හැම උපකරණයක්ම නිවැරැදිව ප්‍රයෝජනයට ගන්නවාද යන්න ප්‍රශ්නයක්. මොකද බෝ නොවන රෝගවල ව්‍යාප්තිය අතින් බැලුවහම ( කොලෙස්ට්‍රෝල් Low – High මදුමේහය – දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාත, විශාදය, ඉතා අඩු වයස් මට්ටම් දක්වා මේ රෝග වැළඳීමේ ප්‍රවණතාව එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. ඉතින් Treadmill උපකරණය ඇතැම් නිවෙස්වල රෙදි වනන උපකරණයක් පමණක් වෙලා. නැත්නම් ඔහේ මුල්ලකට දාලා තියනවා. අද අපි බලමු මෙවැනි උපකරණ කොහොමද පළදායීව භාවිත කරන්නේ සහ ඔබගේ ශාරීරික සෞඛ්‍ය මට්ටම ඉහළ තත්ත්වයකට රැගෙන එන්න, නැත්නම් සෞඛ්‍ය සම්පන්න ඉලක්කයන්ට කොහොමද ගෙදර තියෙන ව්‍යායාම උපකරණ භාවිත කරන්නේ කියලා.

Treadmill එක භාවිතයේ දී ඔබට ක්‍රම කීපයක් මගින් මෙය පලදායීව හා කර්යක්‍ෂමව භාවිත කළ හැකියි. ඔබගේ උපකරණය සතුව Incline කිරීමේ පහසුකම ඇත්නම් ඔබට කන්දක් නගින ආකාරයෙන් මාංශපේශි සඳහා තිව්‍රතාවක් ලබාදිය හැකියි. එසේ නොමැති නම් තැනිතලා පොළොවක ඔබ ඇවිද යන ලෙස ඔබට මේ මත පහසුවෙන් ඇවිදිය හැකියි. මේ ආකාර දෙකෙන් කුමක් ඔබ භාවිත කළත් එය අඩු හා වැඩි වේගයෙන් භාවිත කිරීම මගින් වැඩි ප්‍රතිඵල ලබාගත හැක. ඔබ මෙම ව්‍යායාම උපකරණයට ආදුනිකයෙක් නම්, එනම් ඔබ විනාඩි 3 ක් සාමාන්‍ය වේගයෙන් මේ මත ඇවිදින අතර 4 වන මිනිත්තුව තරමක් වේගය වැඩිකර ඇවිදින්න. නැවතත් හෙමින්/සාමාන්‍ය පරිදි ඇවිදින අතර 8 වන මිනිත්තුව නැවත වේගයෙන් ඇවිදින්න.

නැවතත් සෙමින් ඇවිදින අතර 12 වන මිනිත්තුව වේගය වැඩිකර ඇවිදින්න. මේ ආකාරයට චක්‍රීයව විනාඩි 20ක් හෝ 30ක් පමණ ඇවිදින්න. පසුව එළඹෙන විනාඩි 20 තුළ මිනිත්තු 4 කට වරක් සෙමින් දුවන්න. මේ ආකාරයට ඔබට Treadmill Machine එක සඳහා ආරම්භයක් ලබාගත හැකියි. දින කීපයකින් ඔබට මෙය භාවිතයට ඉතා පහසු උපකරණයක් වනවා නොඅනුමානයි. ඊට පසුව ඔබට පුළුවන් මෙම උපකරණය භාවිත කරමින් HIIT – High Intensity Interval Training ක්‍රමයට සෙමින් ඇවිදීම, දිවීම, වේගවත්ව දිවීම වැනි ක්‍රියාකාරකම් කිරීමට. ඇතැම් Treadmill උපකරණවල පුවරුව මත තිබෙනවා

ඔබට විවිධ පහසුකම් සපයන Digital තිරයක්. එමගින් ඔබ ඇවිදින විට දුවන විට ඔබගේ හෘද ස්පන්දන වේගය, ඇවිදීම හෝ දිවීම මගින් ඔබ දහනය කළ කැළරි ප්‍රමාණය, ඔබ ගමන් කළ මුළු දුර හා ඒ සඳහා ගත කළ වේලාව යන තොරතුරු  දිස්වෙනවා. එය පහසුවක් ඔබගේ ඉලක්කගත මේද ප්‍රතිශතය අඩුකර ගැනීමට අවශ්‍ය සැලසුමක් ඔබටම සකසා ගැනීමට. ඔබ සතුව ඇත්තේ Treadmill ව්‍යායාම උපකරණය පමණක් නම් මෙලෙස විනාඩි 45 – 60 දක්වා සාමාන්‍ය පරිදි ඇවිදීමෙන් හෝ විනාඩි 20 චක්‍රීය (HIIT) හිට් ට්‍රේනින් ක්‍රමයට ව්‍යායාම කිරීම මගින් ඔබට ඔබගේ මේද දහන ක්‍රියාවලිය සිදුකරගත හැකියි.

සෞඛ්‍ය සම්පන්න ඉලක්කයක් සඳහා ව්‍යායාම මාලාවක ආරම්භයක් ලෙස Treadmill උපකරණය ඔබට භාවිත කළ හැකි අතර ඔබගේ අනිකුත් දක්‍ෂතා වර්ධනය කර ගැනීම සඳහා නිසි ලෙස සැකසූ ව්‍යායාම මාලාවක් ඔබ විසින් අනුගමනය කළ යුතුය.

Cross Trainer ව්‍යායාම උපකරණය ඔබ සතුව ඇත්නම් එය ද සෙමින් හා වේගයෙන් යන ආකාර දෙකටම චක්‍රීයව භාවිත කිරීම තුළින් හෘදය පෙනහලු හා රුධිර නාළවලට (Cardio Vasculur System) වැඩි තිව්‍රරතාවක් ලබාදෙමින් එහි කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම තුළින් ඔබට සෞඛ්‍ය සම්පන්න ඉලක්කයකට ළඟාවිය හැකිය.

ABS – Machine– උදරය සඳහාම ව්‍යායාම කිරීමට සැකසුණු උපකරණ ඔබ සතුව ඇතිනම් ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම හා නම්‍යතා ව්‍යායාම සිදුකිරීමෙන් පසුව උදරය සඳහා අදාළ උපකරණය භාවිත කරමින් සතියට දින එකේ සිට ක්‍රමානුකූලව 2, 3, 4, 5 දක්වා ව්‍යායාම සිදු කරන දින ගණන වැඩි කරමින් වාර 1 සිට 12 දක්වා ව්‍යායාම සිදුකර, ඔබගේ දරාගැනීමේ හැකියාව අනුව ක්‍රම ක්‍රමයෙන් තිව්‍රතාව වැඩි කිරීම මගින් වාර ගණන 12 – 24 දක්වා වැඩි කර ව්‍යායාම කිරීම හා මේද දහන ආහාර රටාවක් අනුගමනය කිරීම මගින් කාලයත් සමග සාර්ථක ප්‍රතිඵල ළඟාකරගත හැක.

Vibration Machine ඇතැම් නිවෙස්වල අද මෙම උපකරණය දකින්න ලැබෙනවා. මේක Vibration Belt එකක් විදිහට ද අද වෙළෙඳපොළේ තියෙනවා. දිනකට විනාඩි 20 බැගින් දෙපාරක් භාවිත කිරීම සුදුසුයි. ඔබ මෙම උපකරණයට ආධුනිකයෙක් නම් මෙහිදී ආරම්භය අඩු වේගයක් ලබාගැනීම වැදගත්. ඔබ හර්නියා වැනි අසනීප තත්ත්වයකින් පෙළෙන කෙනෙක් නම් මෙම උපකරණය භාවිතය වෛද්‍ය උපදෙස් මත පමණක් කිරීමට වගබලා ගන්න.

එසේම ඉහත අපි කතාකළ සියලුම උපකරණ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක ඉන්න කෙනකුට භාවිත කළ හැකියි. නමුත් ඔස්ටියෝ ආතරයිටීස්, අධි රුධිර පීඩනය, අඩු රුධිර පීඩනය, හෘදය ආශ්‍රිත වෙනයම් රෝගාබාධ වැනි අසනීප තත්ත්වයක පසුවන අයෙක් නම් වෛද්‍ය නිර්දේශ අනුව මෙම ව්‍යායාම උපකරණ භාවිත කිරීම ඔබගේ දීර්ගකාලීන සෞඛ්‍ය සම්පන්න ඉලක්ක සඳහා ඉතා යෝග්‍ය වේ.

TAGGED: Maintaining health, Treadmill, Treadmill Machines, සෞඛ්‍යය රැක ගැනීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?