සමහරවිට ඔබට මේ වනතෙක් රුධිරයේ සීනි පිළිබඳව කිසිදු සැකයක් නොමැති වීමට පුළුවන්. වෙනත් රෝග තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද රුධිර පරීක්ෂණ වාර්තා අනුව ඔබේ රුධිරයේ සීනි මට්ටම පැවැතිය යුතු අගයට වඩා වෙනස් වී තිබුණොත් ඒ අවස්ථාවේදී ලබන ප්රතිකාරවලින් පමණක් සෑහීමට පත් වෙන්න බැහැ…
රුධිරගත සීනි මටට්ම පරීක්ෂා කළ යුත්තේ ඇයි?
රුධිරයේ සීනි මට්ටම පැවැතිය යුතු මට්ටමට වඩා ඉහළ අගයක පවතින රෝගියෙක් නැවත නැවතත් රුධිරයේ සීනි අගය ගැන පරීක්ෂණ වාර්තා ලබාගැනීම වැදගත්. නමුත් ඔබ මුල්ම වතාවට ලබාගත් රුධිර පරීක්ෂණ වාර්තාවට වඩා එම අගය සමහර විට වැඩි වී තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලබාගත් ඖෂධ අනුව යහපත් අගයක පවතින්න පුළුවන්. නමුත් එක් රුධිර පරීක්ෂණ වාර්තාවක් අනුව, ලබාගන්නා ඖෂධ මත මෙම අගය පහළ ගියත් නැවතත් ඒ ගැන උනන්දුවෙන් රුධිරගත සීනි මටට්ම පාලනය කරගැනීම ඉතාම වැදගත්.
රුධිරගත සීනි මට්ටම වෙනුවෙන් ලබාගන්නා රුධිර පරීක්ෂණ වාර්තා
Fasting blood suger
නිරාහාරව ලබන මෙම රුධිර පරීක්ෂණ වාර්තාව අපට ඉතා හුරු පුරුදුයි. පැය 8-10 ක් වැනි කාලවේලාවක් නිරාහරව සිට ලබාගන්නා මෙම Fasting blood suger වාර්තාවෙන් රුධිරයේ සීනි මටට්ම යහපත් හෝ අයහපත් අගයක පවතින බැව් දැන ගන්න පුළුවන්.
PPBS blood suger
සමහර රෝගීන්ගේ නිරාහාරව ලබාගන්නා රුධිර පරීක්ෂණ වාර්තාව සාමාන්‍ය අගයක පැවැතිය හැකියි. නමුත් ඒ වාර්තාවෙන් පමණක් රෝගියාගේ රුධිරගත සීනි මටට්ම පාලනය වී තිබෙනවා දැයි නිගමනය කරන්න බැහැ. එවැනි අවස්ථාවල මේ රෝගියා ආහාරය ලබාගෙන පැය දෙකකින් පසුව නැවත PPBS blood suger රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නවා.රෝගියාගේ ආහාර පරිවෘත්තික ක්‍රියාවලියේ ගැටලු ඇති අවස්ථාවකදී මේ වාර්තාවේ රුධිරගත සීනි අගය හිතකර මටට්මක නැතිවීමට පුළුවන්.
HB1AC blood suger
සමහර රෝගීන් වෛද්‍යවරයා විසින් ලබාදෙන ඖෂධ නිර්දේශ කරන නිසි මාත්රාවකින ලබාගන්නේ නැහැ. නමුත් සායනයට යෑමට ආසන්න වූ විට ඖෂධ නිසි විදිහට ලබාගැනීම වගේම රුධිරගත සීනි අඩුවීම සඳහා විවිධ ආහාර ලබාගන්නවා. ඒ අනුව රෝගියාගේ වාර්තාවන් සාමාන්‍ය අගයක තිබුණත් මෙම රෝගියා විසින් ගෙවුණ මාස තුනක කාලයේදී රුධිරගත සීනි මටට්ම පාලනය කළ අන්දම ගැන හඳුනාගැනීම අවශ්‍යයි. HB1AC blood suger වාර්තාවකින් රෝගියාගේ ගෙවුණ මාස තුනක කාලයේදී රුධිරගත සීනි මට්ටමේ වෙනස් වීම් හොඳින් හඳුනාගැනීමට පුළුවන්.
රුධිරගත සීනි මට්ටම පාලනය කරන ආහාර තිබෙනවාද?
බොහෝ දෙනෙක් රුධිරයේ සීනි මටට්ම පහළ බැසීමේ හැකියාව තිබෙන විවිධ ආහාර ගැන සඳහන් කරනවා. මේවා තවම පරීක්ෂණ මගින් තහවුරු වී නැහැ. ඕනෑම දෙයක්, පලාවක්, ව්‍යංජනයක් ලෙසින් ආහාරයට එක්කර ගැනීම සුදුසු වුණත් අධි මාත්‍රාවකින් ලබාගැනීම නිසා රුධිරයේ සීනි මටට්ම පහළ බැසිමට පුළුවන්. එය ඉතාම අනතුරුදායක තත්ත්වයක් බවත් සඳහන් කිරීමට අවශ්‍යයි.
CGM WmlrKh’’
මෙම තාක්ෂණය අප් රටේ තවම භාවිත වෙන්නේ නැහැ. නමුත් විදේශ රටවල මෙම සන්නිවේදන උපාංගය භාවිත කරනවා. මෙය ඉතා පහසුයි. සාමාන්‍ය මෙවලමක් විදිහට මේ CGM උපකරණය සවි කරගත්තාට පසුව සිරුරේ ග්ලූකෝස් මට්ටම ගැන සංවේදන ලබාදෙනවා. එයින් රෝගියාට රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාදීම හෝ එම වාර්තාව ලබාගැනීම වෙනුවෙන් කාලයක් බලා සිටීමට වැනි අපහසුතාවයන් නැහැ. රුධිරයේ සීනි මටට්ම ඉහළ යෑම වගේම අඩුවීමක් සිදු වුණොත් මේ උපාංගය මගින් ඒ බැව් රෝගියාටම හඳුනාගැනීමේ පහසුව තිබෙනවා.
ඇඟිල්ල විද ලේ ගැනීම
ඇඟිල්ලෙන් ලේ බින්දුවක් ගෙන රුධිරයේ ග්ලූකෝස් අගය ලබාගැනීම හදිසි අවස්ථාවලදී සිදුවනවා. ඒ වගේම ඉන්සියුලින් බාහිරව ලබාගන්නා රෝගීන්ට මේ පරීක්ෂණය තමන් විසින්ම කරගැනීමේ පහසුකම තිබෙනවා. මේ වාර්තාව 100% ක් නිවරැදි නැතිවුණත් දළ වශයෙන් අදහසක් ලබාගැනීමට පුළුවන්. ඒ වගේම ඇඟිල්ල විද රුධිරය ලබාගැනීමෙන් පසුව ඒ වාර්තාවේ යම් අඩු වැඩිවීමක් ඇත්නම් රෝගියාට නැවතත් නිරාහාර රුධිර පරීක්ෂණ වාර්තාව, PPBS blood suger ලබාගැනීමට යොමුවනවා.
■ ගැබිණි මව්වරුන්ට නිර්දේශ කරන රුධිරගත ග්ලූකෝස් වාර්තා
මෙය ගැබිණි මව්වරුන්ට නිර්දේශිත වාර්තාවක්. මෙහිදි මුලින්ම ගර්භණි මවගෙන් නිරාහාර රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නවා. ඊට පසුව වතුර මිලි ලීටර් 250 ක ග්ලුකෝස් ග්‍රෑම් 75 ක් ද්‍රාවණය කර එය පානය කිරීමට ලබාදෙනවා. එතැනින් පැයකට සහ පැය දෙකකට පසුව නැවතත් රුධිර සාම්පල ලබාගන්නවා. මෙම පරීක්ෂණය මගින් රුධිරගත සීනි නොතිබුණ කාන්තාවකට ගර්භණීත්වයේදී රුධිරගත සීනි තත්ත්වය ඇති වුනාදැයි හඳුනාගැනීමට පුළුවන්.
හැම දෙනාගේම වාර්තාවන් සමාන වෙන්නේ නැහැ
ඉහත දක්වන ලද වාර්තාවන් අනුව රුධිරයේ සීනි මටටම පැවැතිය යුතු සාමාන්‍ය අගයන් තිබෙනවා. එහෙත් හැම රෝගියකුගේම මේ තත්ත්වය සාමාන්‍ය අගයට වඩා අඩු හෝ වැඩිවීමට පුළුවන්. එය රෝගියාගේ රෝග තත්ත්වය, වෙනත් රෝග සංකුලතාවන් සහ දැනට භාවිත කරන ඖෂධ අනුව තීරණය වනවා.
රුධිර පරීක්ෂණ වාර්තා ලබාගත යුතු කාල පරතරයක් තිබෙනවාද?
රුධිරගත සීනි මටට්ම පිළිබඳ වාර්තාවන් ලබාගැනීමේ කාල අන්තරයත් එක් එක් රෝගියාට අනුව වෙනස් වෙනවා. වකුගඩු රෝග සංකුලතා ඇති රෝගියකු නම් මෙම වාර්තාවන් ලබාගන්නා කාල අන්තරය වෙනස්. එසේ නොමැතිව බාහිර ප්‍රතිකාර ලබාගන්නා රෝගියකු නම් මාස තුනකට වරක් මෙම් රුධිර පරීක්ෂණ වාර්තා ලබාගැනීම ප්‍රමාණවත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා