නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගුද මාර්ගයේ රෝග හෙළිකරන DRE  Test
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ගුද මාර්ගයේ රෝග හෙළිකරන DRE  Test

Published April 21, 2025
DRE  පරීක්ෂණය යනු Digital Rectal Examination  යනුවෙන් හැඳින්වෙන වෛද්‍ය පරීක්ෂණයක් බැව් ඉතාම සරල ලෙසින් සඳහන් කිරීමට පුළුවන්. ඒ වගේම මෙම පරීක්ෂණය Per Rectal Examination යනුවෙනුත් හඳුන්වනවා. සමහර විට DRE/PR යනුවෙන් හඳුන්වන්නේද මෙම පරීක්ෂණයයි.

DRE පරීක්ෂණය සිදුකරන්නේ කොහොමද?

මෙම පරීක්ෂණයේදී වෛද්‍යවරයාගේ දබරැගිල්ල රෝගියාගේ ගුද මාර්ගයට ඇතුළත් කරනවා. ඒ අනුව රෝගියාගේ ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වී තිබෙන වෙනස්කම් හඳුනාගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව මූලික වශයෙන් රෝගියාගේ ගුද මාර්ගය සහ ගුදය ආශ්‍රිතව ඇති ව්‍යුහයන්හි වෙනස්කම් තිබෙනවා දැයි සොයා බැලීම සිදුවනවා.

DRE පරීක්ෂණය මගින් හඳුනා ගතහැකි තත්ත්වයන් මොනවාද?

■ ගුද මාර්ගයේ බිත්තිවල ස්වභාවය.

■ ගුද මාර්ග චක්‍රපිධානවල වෙනස්කම්.

■ යම් කිසි ආකාරයක ගෙඩි වැනි වර්ධනයන්.

■ මලපහවල ස්වභාවය / වර්ණය.

■ පිරිමි පුද්ගලයන්ගේ නම් පුරස්ථි ග්‍රනිථි ආශ්‍රිත ස්වභාවයන්.

බඩවැල් සහ ගුද මාර්ග ආශ්‍රිත පිළිකා තත්ත්වයන් DRE පරීක්ෂණය මගින් හඳුනාගැනීමට හැකියාවක් තිබෙනවාද?

බඩවැල් සහ ගුද මාර්ග පිළිකාවන් හඳුනා ගැනීමට සිදුකරන මුල්ම පරීක්ෂණය මෙය වන අතර ඒ මගින් ඉක්මණින් සහ පහසුවෙන් රෝග තත්ත්වය ගැන යම් අනුමානයක් ගොඩනගා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගුද මාර්ගය ආශ්‍රිත ගෙඩි එහෙම නැත්නම් අසාමාන්‍ය වර්ධනය වීම් මෙම පරීක්ෂණයෙන් හඳුනා ගැනීමට පුළුවන්. නමුත් මේ හැම ගෙඩියක්ම පිළිකා නොවෙයි. ඒ බව වරදවා වටහා ගන්නත් එපා.

පිළිකා තත්ත්වයක රෝග ලක්ෂණ මොනවාද?

■ මලපහ සමග ලේ පිටවීම.

■ සාමාන්‍යයෙන් මලපහ කිරීම අපේ ජීවිතයේ එක් රටාවක්. නමුත් මෙම රටාව වෙනස් වී මලබද්ධය එහෙම නැත්නම් මල දියාරු ලෙස පිටවීමක් සිදුවනවා නම් එය සැලකිය යුතු තත්ත්වයක්.

■ බඩේ කැක්කුම.

අර්ශස් තත්ත්වයන්

අර්ශස් තත්ත්වයන්හිී මලපහ සමග රුධිරය පිටවෙනවා. ඒ වගේම ගුදය ආශ්‍රිත ගෙඩි (Lump at anus) තත්ත්වයකදීත් රුධිරය පිටවෙන්න පුළුවන්.එවැනි රෝගීන් සම්බන්ධයෙනුත් මෙම DRE පරීක්ෂණය මගින් හඳුනාගෙන පසුව තහවුරු කරගත හැකි වෙනවා.

බඩවැල් ආශ්‍රිත අවහිරතා ඇති රෝගීන් (Bowl Obstruction)

සමහර රෝගීන් වෛද්‍යවරයා වෙත ඇවිත් මේ විදිහට කියනවා. මට දවස් දෙක තුනකින් මලපහ පිටවුනේ නැහැ. වමනය, බඩ පුරවා දැමීම සිදුවනවා. සමහර වෙලාවට බඩ රිදෙනවා. මේ වගේ රෝගියා පැමිණිලි කරන රෝග ලක්ෂණ අනුව රෝග තත්ත්වය හඳුනාගැනීමටත් මේ DRE පරීක්ෂණය ඉතාම වැදගත් වෙනවා.

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත රෝග / පිළිකා

මෙය පිරිමි පුද්ගලයන්ට ඇතිවෙන රෝග තත්ත්වයක්. මුත්‍රා පිට කිරීමේදී ඇති වෙන ගැටලු රෝග ලක්ෂණය විදිහට සැලකෙනවා. DRE පරීක්ෂණය මගින් පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග සම්බන්ධව මූලික රෝග විනිශ්චයකට පහසුවෙන් එළැඹෙන්න පුළුවන්.

ස්නායු රෝග / හදිසි අනතුරුවලදී

විවිධ ස්නායු රෝගවලදී සහ හදිසි අනතුරුවලින් කශේරුකාවට හානි සිදු වූ විට අපේ ගුද මාර්ගයේ චක්‍ර පිධානවලට බලපාන්න පුළුවන්. ඒ ගැනත් DRE පරීක්ෂණය මගින් දැනගත හැකියි.මෙම DRE පරීක්ෂණය මගින් රෝග තත්ත්වයන් බොහොමයක් හඳුනාගැනීමට ඉඩ ලැබෙනවා. ඒ නිසා වෛද්‍යවරයා විසින් ඔබට මෙම පරීක්ෂණය සිදුකිරීමට සූදානම් වුණොත් ඔබ කලබල විය යුතු නැහැ. වෛද්‍යවරයාට ඒ වෙනුවෙන් සහයෝගය ලබාදෙන්න. එයින් ඔබේ රෝග තත්ත්වය හඳුනාගෙන ඒ වෙනුවෙන් නිසි ප්‍රතිකාර ලබාදීමේ හැකියාව වෛද්‍යවරයාට ලැබෙනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?