නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොනවද මේ ඊ සිගරට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

මොනවද මේ ඊ සිගරට්

Published April 21, 2025

දුම්පානය ශරීරයට අහිතකරයි යන පණිවිඩය සමාජගත වීම සමග පුද්ගලයන් ඒ වෙනුවෙන් විකල්ප සොයන්න පටන් ගත්තා. ඒ නමුත් මේ අන්දමින් විකල්ප ක්‍රම භාවිත කළත් දුම්පානය ශරීරයට අහිතකර බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.ඊ සිගරට්ටුවක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවක් යනුවෙන් හඳුන්වන්නේ බැටරියක් ආධාරයෙන් ක්‍රියාත්මක වන ආශ්වාස කිරීම සඳහා වාෂ්පීකරණය කරන ලද ද්‍රාවණයක් ඇතුළත් කරන ලද යම් උපාංගයක්. මේවා විද්‍යුත් සිගරට්, සිගරට්, vape s, vape pes “ E hookas” JULL device fyda හෝ USB පෙන් ඩ්‍රයිව් එකක් වීමටත් පුළුවන්. මෙම උපාංගය ක්‍රියාත්මක වීමට චාර්ජ් කිරීම අවශ්‍ය වෙනවා. බොහෝ රටවල් මෙම නිෂ්පාදන වෙනුවෙන් වූ දුම්කොළ සඳහා බලපත්‍ර ලබා දී තිබෙන නිසා ඒ වෙනුවෙන් නීති රාමුවක්ද අදාළ වෙනවා.

ඊ සිගරට් සෞඛ්‍යාරක්ෂිතයිද?

නැහැ. මෙය සෞඛ්‍යාරක්ෂිත උපකරණයක් නොවෙයි. මෙම විද්‍යුත් සිගරට් කිසිම විටෙකදී සෞඛ්‍ය සම්පන්න ආදේශකයක් විදිහට සලකන්න බැහැ.

ඊ සිගරට්ටුවක අඩංගු වන්නේ මොනවාද?

ඊ සිගරට්ටුවක කොටස් ගැන කතා කරනවා නම් එහි කොටස් කීපයක් තිබෙනවා. නැවත ආරෝපණය කළ හැකි බැටරිය වෙනුවෙන් සිගරට්ටුවේ විශාල කොටසක් වෙන් වී තිබෙනවා. පසුව ද්‍රව උණුසුම් (තාපන මූලද්‍රව්‍ය ) කිරීමට ප්‍රදේශයක් තිබෙනවා. ඊට පසුව දියර අඩංගු විනිවිද පෙනෙන දියර ටැංකිය ඇති අතර මෙම දියර නැවත පිරවීමට පුළුවන්. තාපන මූලද්‍රව්‍යයෙන් ජනනය වන තාපය සමග මෙම ද්‍රවය වාෂ්ප වී යනවා. මෙම වාෂ්ප සිගරට්ටුවක් මෙන් මුඛය හරහා ආශ්වාස කිරීමට පුළුවන්.

ඒ නිසා අපේ දෙමව්පියන් මේ ගැන විමසිලිමත් වීම ඉතාම වැදගත්. බැලු බැල්මට මව්පියන් මෙය පෑනක් ලෙසින් දකිනවා. සමහර විට ඔබට නොපෙන්වා මෙම විද්‍යුත් සිගරට්ටුවක් පානය කිරීම දරුවන්ට ඉතා පහසු දෙයක්. මෙය ජංගම දුරකථනයක් වගේ නැවත චාර්ජ් (ආරෝපණය)කිරීමටත් පුළුවන්. ඒ නිසා දරුවන් අතර මෙවැනි මෙවලමක් ඇත්නම් ඒ ගැන නොසලකා සිටින්න එපා.

ඊ සිගරට්ටුවක ඇති දියර මොනවාද?

මෙම ඊ සිගරට්ටුවක ඇති දියර “ ඊ දියර ” (E liqued) හෝ ඊ යූෂ (E- Juice) යනුවෙන් හඳුන්වනවා. මෙම තරලය සාමාන්‍යයෙන් ප්‍රොපලින්, ග්ලයිකෝල් ( වාෂ්ප සෑදීමට භාවිත කරයි) සහ නිකොටින් සංයෝගයන් අඩංගුයි. තවද භාවිත කරන අය ආකර්ශනය කර ගැනීම සඳහා නිෂ්පාදකයන් විසින් මෙම දියරය විවිධ රස සංයෝගයන්ගෙන් යුක්තව හඳුන්වා දෙනවා. එහි යම් රසයක් තිබුණත් එය ඉතාම විෂ සහිතයි.

නිකොටින් කියන්නේ ප්‍රබල ඇබ්බැහි කාරකයක්. යම් කෙනෙක් සිගරට්වලට ඇබ්බැහි වන්නේ යම් සේද මෙම උපකරණවලටත් ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා. ඒ වගේම වෙනත් ඇබ්බැහි කාරකයන්ද මෙයට ඇතළත් කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි නිකල්, ටින්, ඊයම්, තඹ සහ කැඩ්මියම් වැනි බැර ලෝහ වර්ගත් මේ ද්‍රවයේ ඇතුළත් වෙනවා.

ඊ සිගරට් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මොනවාද?

■ ඊ සිගරට්වල ඇති අන්තරායකර සංයෝග නිසා පෙනහලු සහ අනෙකුත් ඉන්ද්‍රියන්ට හානි සිදුවනවා. හුස්ම ගැනීමේ ගැටලු, ඇබ්බැහි වීම් සහ තවත් බොහෝ දේ ඇතුළත් වෙනවා. සමහර විට මිනිසුන් දුම්පානයට වඩා ඊ සිගරට්ටුව ආරක්ෂිත යැයි සිතුවත් මෙය කිසිම ලෙසකින් ආරක්ෂිත නැහැ.

■ කැස්ස, හුස්ම හිරවීම, අක්ෂි වේදනාව, හිසරදය, වියළි හා වේදනාකාරී මුඛය සහ උගුර ඔක්කාරය ඉතා සුලබ රෝග ලක්ෂණ ලෙස සැලකෙනවා.

■ ඒ වගේම ඇදුම වැනි පෙනහලු රෝග ඇති වෙනවා. ඇදුම තිබෙනවා නම් එය තවත් උග්‍ර තත්ත්වයට හැරෙනවා.

■ ඊ සිගරට්ටුව රස ගැන්වීම වෙනුවෙන් භාවිත කරන “ ඩයසිටබල් ” නමැති රසායනිකය බ්‍රොන්කයිටිස් සහ පොප්කෝන් පෙනහලු ( Brochiolitis obliterans ) තත්ත්වය ඇති කරනවා. Brochiolitis obliterans නිසා පෙනහලුවල ස්ථිර කැලැල් ඇතිවෙනවා.

■ ඊ සිගරට්ටුවේ ඇති ඊ ද්‍රවයේ නිකොටින් සහ අනෙකුත් ද්‍රව්‍ය ඔබේ හදවතට සහ මොළයට හානි කරනවා. ඒ වගේම රුධිර පීඩනය වැඩි වී ඔබේ ධමනි පටු වීමටත් ඉඩ තිබෙනවා.

■ මෙම ඇබ්බැහි කාරක සහ කෘතිම රස කාරක පෙනහලුවලට වගේම ශාරීරයට විෂ සහිත වියහැකි අතර ඒවා පිළිකා කාරක පවා වීමට ඉඩ තිබෙනවා.

■ නිකල්, ටින්, ඊයම්, තඹ සහ කැඩ්මියම් වැනි බැර ලෝහ මෙම ද්‍රවයේ ඇති නිසා අපේ අවයවවලට බලපානවා.

■ EVALI  ( ඊ සිගරට් හෝ වාෂ්ප කිරීම, නිෂ්පාදනය භාවිතය ආශ්‍රිත පෙනහලු තුවාල) EVALI යනුවෙන් හඳුන්වන්නේ බරපතළ පෙනහලු රෝග තත්ත්වයක්. එය ඔබේ පෙනහලුවලට පුළුල් විදිහට හානි කරනවා. කැස්ස, හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ ඇති කරන EVALI ඉතා භයානක රෝග තත්ත්වයක්.

ඊ සිගරට් යනු සිගරට්වල නව අනුවාදයක් වන අතර නවීන මුහුණුවරකින් යුක්ත යක්ෂයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය කිසි සේත්ම සෞඛ්‍ය සම්පන්න නොවන අතර බොහෝ අතුරු ආබාධ සහ සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇතිකරනවා. යෞවනයන් මෙයට ඇබ්බැහි වීමට වැඩි අවදානමක් පවතිනවා. ඒ නිසා මෙම උපාංගයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සමාජයේ අවධානය යොමුවීම වැදගත්. ඒ වගේම දැන් විද්‍යුත් සිගරට් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවනතාවක් ඇති බැවින් මෙම උපාය මාර්ගයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?