වකුගඩු රෝග තත්වය නිසා අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. වෙනත් රෝග තත්ත්වයන් මෙන් නොව පවුලක යම් අයෙකු වකුගඩු රෝග තත්ත්වයට පත්වුණොත් ඒ පවුල දැඩි අසරණ බවට පත්වනවා.වකුගඩු අකර්මන්‍ය තත්ත්වයට පත්වුණොත් එම රෝගියා රුධිර කාන්දු පෙරණය, වකුගඩු බද්ධ කිරීම දක්වා වූ ඉතා අසීරු සහ වියදම් අධික තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසාම වකුගඩු රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම ඉතාම වැදගත්.
වකුගඩු රෝග ගැන කතාකරන විට අපට එය කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.
■ CKD හෙවත් : Chronic kidney disease) දිගුකාලීනව වකුගඩු නරක් වීමේ රෝගය – මෙම රෝගය ඉතා සෙමින් කාලාන්තරයක් පුරා ක්‍රමයෙන් වකුගඩු දුර්වල කරන රෝගී තත්වයක්.
■ තීව්ර වකුගඩු රෝගී තත්වය – Acute (chronic kidney disease) මෙම වකුගඩු රෝග තත්ත්වයේදී ඉතා වේගයෙන් වකුගඩු අකර්මන්‍ය කිරීමක් සිදුවනවා.
තීව්ර වකුගඩු රෝගය ඇතිවීමට හේතු
මෙම රෝග තත්ත්වය ඇතිවීමට බලපාන බාහිර හේතු කීපයක් තිබෙන අතර ඒවා බොහෝ දුරට තමන් විසින්ම පාලනය කරගැනීමට හැකියාව තිබෙනවා.
සර්ප විෂ
සර්පයන් දෂ්ට කිරීම නිසා යම් පුද්ගලයෙකුගේ වකුගඩ, හෘදය සහ පෙනහලු අකර්මන්‍ය වීමට පුළුවන්. නමුත් මෙවැනි සර්ප දෂ්ටනයන්ගෙන් ආරක්ෂා වීම (එම ස්ථානවලට යෑමේදී ප්‍රවේසම් වීම, බූට්ස් සපත්තු දැමීම, රාත්රීි කාලයේදී විදුලි පන්දමක් රැගෙන යෑම) වගේම හදිසියේවත් එවැනි දෂ්ටනයකට ලක් වුණොත් කාලවේලාව නොඉක්මවා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත්.
මී උණ රෝගය
මී උණ රෝගය වැළඳිම නිසාත් වකුගඩු අකර්මන්‍ය වීමට පුළුවන්. නමුත් එයින් ආරක්ෂා වීමේ හැකියාව ඔබට තිබෙනවා. මීයන් ගැවසෙන ස්ථාන ආශ්‍රිතව කටයුතුවල නිරත වෙනවා නම් ඊට සතියකට පෙරාතුව පටන් Doxycycline ඖෂධය ලබාගැනීම. ඒ වගේම අදාළ කාර්යය අවසන් වෙනතුරු අඛණ්ඩව මෙම ඖෂධය ලබාගැනීම මගින් මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා.
විෂබීජ ආසාදන
■ අධික විජලනය- හොඳින් ජලය පානය කිරීම මගින් මෙලෙස රෝගීවීම වළක්වා ගතහැක.
CKD හෙවත් : Chronic kidney disease) වකුගඩු රෝගය-
මෙම රෝග තත්ත්වය ඇතිවීමට විවිධ බාහිර හේතු බලපානවා.
■ දියවැඩියාව
දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීම. ශ්රිී ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව 23% ක් පමණ අධික ප්‍රතිශතයක් වාර්තා වෙනවා. ලෝකයේ වෙනත් රටවල් සමග සංසන්දනාත්මකව බලන විට මේ තත්ත්වය ඉතාම අහිතකර තත්ත්වයක්. මේ අනුව වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයි.
■ ආහාර පාලනය, තරබාරුව, ව්‍යායාම මදිවීම වැනි කරුණු නිසා දියවැඩියාව ඇති වෙනවා. ඒ නිසා කාබෝහයිඩ්රේට සහ සීනි සහිත ආහාර හැකිතාක් සීමා කරන්න. සතියකට විනාඩි 150 ක වත් ව්‍යායාම කිරීමෙන් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්.
■ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම- Nephrotic syndrome
■ අධික රුධිර පීඩනය- මේ තත්ත්වය පාලනය කිරීම
■ වකුගඩු ගල්- දිනකට අවම වශයෙන් දියර ලීටර් 3 ක් පමණ පානය කිරීම.
■ පරම්පරාගත වකුගඩු රෝග තත්ත්වය- Polcystic kidney disease
■ හඳුනා නොගත් වකුගඩු
රෝගය- මාත්‍රාව ඉක්මවා පලිබෝධ නාශක භාවිත කිරීම. මෙය කෘෂිකාර්මික වකුගඩු CINAC යනුවෙන් හැඳින්වෙනවා. ජලයේ අධික කඨිනත්වය, විජලනය වැනි හේතු නිසා CINAC රෝග තත්ත්වය ඇතිවීමට පුළුවන්.
වකුගඩු රෝගී තත්ත්වය කල්තබා හඳුනාගැනීම
වකුගඩු රෝග තත්ත්වය හඳුනාගැනීමට රෝගියාගේ රෝග ලක්ෂණ වගේම ඒ වෙනුවෙන් භාවිත කරන විවිධ පරීක්ෂණ තිබෙනවා.රෝග ලක්ෂණවලින් දැනගන්නා විට කාලය ගත වී අවසානයි. ඒ නිසා වෛද්‍ය පරීක්ෂණ මගින් කල්තබා හඳුනාගෙන ජීවන රටාව වෙනස් කිරීම මගින් ඔබේ වකුගඩුව නරක් නොවී ආරක්ෂා කරගන්න පුළුවන්.
රෝග ලක්ෂණ
- මුත්‍රා සමග පෙන හෙවත් ප්‍රෝටීන් පිටවීම.
- මුත්‍රා සමග ලේ පිටවීම.
- මුත්‍රා පිටවීම අඩුවීම.
- හතිය.
- මුහුණ, අතපය ඉදිමිම.
- ආහාර අරුචිය.
- නිරක්තිය.
වකුගඩු රෝග හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ
Micro ඇල්බියුමින් පරීක්ෂාව (Urine ACR)
මේ පරීක්ෂණය මගින් මුත්රාවල ඇල්බියුමින් තත්ත්වය බැලීම, මෙය දියවැඩියා වකුගඩු රෝගය මෙන්ම හඳුනා නොගත් වකුගඩු රෝග තත්ත්වය පිළිබඳව දැනගැනීමට කරන වැදගත් මුත්‍රා පරීක්ෂණයකි.
USS ස්කෑන් පරීක්ෂණය
Serum creatinine පරීක්ෂණය
මෙම පරීක්ෂණය මගින් වකුගඩු ක්‍රියාකාරීත්වය මැනීම සිදුවනවා. පිරිමියකුගේ නම් මෙහි අගය 1.3 වඩා වැඩිවීම සහ කාන්තාවකගේ නම් 1.0 ට වඩා වැඩිවීම ප්‍රතිකාර ගතයුතු තත්ත්වයකි.
GFR පරීක්ෂණය
වකුගඩුවේ මුත්‍රා පිටවීමේ වේගය ගණනය කිරීම සිදුකරන පරීක්ෂාවකි. මේ තත්ත්වය 60 ට වඩා අඩු නම් එය ක්යරදබසජ නසාබැහ ාසිැ්ිැ තත්ත්වය ලෙස හඳුනාගන්නවා.
UFR පරීක්ෂණය
මුත්‍රා සමග ඇල්බියුමින්, රුධිර සෛල හෝ ස්පටික පිටවෙනවාද සොයා බැලීම සිදුකරනවා. මේ පරීක්ෂණය මගින් ඔබට වකුගඩු ගල් තත්ත්වයක් ඇති වී තිබෙනවාද යන්න සොයාගක හැක.
Scan පරීක්ෂණ
වකුගඩුවේ ව්‍යුහාත්මක වෙනස්කම්, වකුගඩු සංඛ්‍යාව, වකුගඩුවේ හැඩය, Horse shoe kidney අශ්ව ලාඩමක හැඩයට වකුගඩු දෙකම ඒකාබද්ධ වී තනි වකුගඩුවක් සෑදීම වැනි අසාමාන්‍ය පිහිටීම වගේම පරම්පරාවෙන් ඇතිවන Polycystic kidney disease රෝග තත්ත්වය ගැන හඳුනාගත හැකිය.මේ අන්දමින් සිදුකරන පරීක්ෂණ මගින් ඔබගේ වකුගඩු නීරෝගිතාව හඳුනාගත හැකි අතර ඒ අනුව ඔබගේ වකුගඩු ක්රියාකාරීත්වයේ යම් රෝග සංකුලතාවක් වෙතොත් ඔබ රුධිර කාන්දුකරණය වැනි අසීරු අවස්ථාවකට පත් නොවී ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා