දැරියක් මල්වර වීම කියන්නේ කාන්තාවකගේ ඔසප් චක්‍රයේ ආරම්භ වීමයි. වෛද්‍ය විද්‍යාත්මකව නම් මෙම සංසිද්ධිිය මේ විදිහට හඳුන්වන්න පුළුවන්. වැඩිවියට පත්වීම යනුවෙන් හැඳින්වෙන්නේ කාන්තාවකගේ ලිංගික හෝර්මෝන චක්‍රයේ පටන්ගැන්ම සහ ස්ත්රීි ලිංගික ලක්ෂණයන්හි ආරම්භය. ඔසප්වීම සාමාන්‍යයෙන් දින 28 කට වරක් සිදුවනවා. සමහර විට දින 28 සාමාන්‍යයෙන් වෙනස් වීමට පුළුවන්.
මාසික ඔසප් වීමෙන් පසුව ඩිම්බ කෝෂවල ඇති හෝර්මෝනවල බලපෑමෙන් ගර්භාෂ බිත්තිය අලුත් රුධිරනාල ගොඩනගාගෙන පිළිසකර වෙනවා. ඉතිරි දින 14 තුළ ගර්භාෂය සංසේචනය වුණ ඩිම්බයක් පිළිගැනීමට සුදුසු තත්ත්වයකට පත්වෙනවා. නමුත් සංසේචනය වුණ ඩිම්බයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් නොවුණ විට හෝර්මෝන අඩු වී ගර්භාෂ බිත්තිය බිඳ වැටෙනවා. ඒ රුධිර වහනය අපි මාසික ඔසප් වීම ලෙස සලකනවා. ඔසප් වීම සිදුවන කාලසීමාවේදී කාන්තාවකට උදරයේ වේදනාවක් ඇතුළු විිවිධ ශාරීරික අපහසුතාවන් ඇතිවනවා. බොහෝ විට අපි මේ තත්ත්වය ස්වභාවික හේතුවක් යැයි සඳහන් කරමින් නොසලකා සිටියත් කාන්තාවකට ඔසප් කාලයේදී ඇතිවන මෙම අධික වේදනාව “එන්ඩොමෙට්රොසිස් ” (Endometriosis) රෝග තත්ත්වය නිසාත් ඇතිවීමට පුළුවන්.
එන්ඩොමෙට්‍රෝසියස් රෝග තත්ත්වය යනුවෙන් හඳුන්වන්නේ?
මාසික ඔසප් චක්‍රයේදී ගර්භාෂය අභ්‍යන්තර සෛල බිත්තිය බිඳ වැටීමක් සිදුවනවා. සමහර විට ගර්භාෂය ඇතුළත සෛල පිටත තැන්පත් වී තිබෙන විට මාසික ඔසප් චක්‍රයේදී සිදුවන හෝර්මෝන ක්‍රියාකාරීත්වය සමග පිටතින් පිහිටි සෛලවලින්ද රුධිර වහනය වීමක් සිදුවීමට පුළුවන්. මේ තත්ත්වය නිසා ගර්භාෂය අවට ප්‍රදාහය වී උදර කුහරය තුළ තුවාල වගේම ඩිම්බ කෝෂවල ගෙඩි ඇතිවීමටත් ඉඩ තිබෙනවා. මේ අන්දමින් හැදෙන රුධිරය සහිත ගෙඩි Chocalate syst යනුවෙන් හඳුන්වනවා. සමහර අවස්ථාවන්හිදී මෙම ගෙඩි සෙ.මි 10- 12 ක් වැනි විශාලත්වයක් දක්වා වර්ධනය විය හැක.
එන්ඩොමෙට්‍රෝසියස් රෝග තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද?
මෙම රෝග තත්ත්වය ඇතිවීමට පැහැදිළි හේතු මොනවාදැයි තවමත් නිශ්චිතව සඳහන් කිරීම අපහසුයි. කෙසේ හෝ වේවා ඔසප් වීම සිදුවන වයසේ කාන්තාවන් දහ දෙනෙකුගෙන් එක් අයකු මෙම රෝග තත්ත්වයෙන් පසුවන බව හඳුනාගෙන තිබෙනවා. ඒ තරමටම රෝගය සුලබයි. ඒ වගේම දරුවන් නොමැති කාන්තාවන්ට සාපේකෂව බලන විට කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයකු මෙම රෝග තත්ත්වයට පත්ව සිටින බවත් සඳහන් කරන්න පුළුවන්. පහත ක්‍රමවලින් මේ රෝගය ඇතිවන බව අප විශ්වාස කරනවා.
- සමහර විට මාසික ඔසප් වීමේදී පිටවෙන රුධිරය, නාළ හරහා ආපස්සට ගොස් උදරය තුළ තැන්පත් වීම.
- තරුණ අවධියේ පටන් මෙසේ උදරයේ රුධිරය තැන්පත් වී තිබීම.
- සමහරවිට උදරයේ සෛල කාලයත් සමග ඔසප් චක්‍රයට සම්බන්ධ හෝර්මෝනවලට සංවේදී වීම.
- දරුවකු වර්ධනය වීමේදී ගර්භාෂ බිත්තිය ඇතුළත සෛල වැරදි ලෙස වෙනත් ස්ථානවල පිහිටීම.
රෝග ලක්ෂණ මොනවාද?
ඔසප්වීම සමග ඇතිවන දරුණු වේදනාව මෙම රෝග තත්ත්වයේදී අපට දැනෙන ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස සඳහන් කරන්න පුළුවන්. ඔසප් චක්‍රයේ වේදනාවක් ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් වුණත් එන්ඩොමෙට්‍රෝසියස් රෝග තත්ත්වය ඇති කාන්තාවන්ට වේදනාව දරාගැනීම අපහසු විය හැකියි.
ඔවුන්ට ඔසප් වීමත් සමග වැඩි කාලයක් වේදනාව සමග ගතකිරීමට සිදුවනවා. සමහර විට ඔසප්දින කීපයේදීම ඇතිවන වේදනාව නිසා සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට පවා අපහසු විය හැකියි. එවැනි කාන්තාවන්ට ඖෂධ නොමැතිව තමන්ගේ දවසේ කටයුතු පවා කරගත නොහැකි තත්ත්වයක් ඇතිවනවා.
සමහර විට ඔසප් දින උදරයේ වේදනාවක් නොමැති වුණත් මළපහ කරන විට හෝ මුත්‍රා කිරීමේදී දැඩි වේදනාවක් දැනෙන්න පුළුවන්.ඒ වගේම උදරයේ ඇතිවන Cyst නිසා උදරය ඉදිමීම වැනි අපහසුතාවන් ඇතිවිය හැකියි.සමහර අවස්ථාවලදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන්නත් පුළුවන්. එවිට එය හඳුනාගැනීමට සිදුවන්නේ වෙනත් රෝග තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගිය විටයි.
විවාහයෙන් පසුව සිදුවන ලිංගික එක්වීමේදී ඇතිවන අපහසුතාවට හෝ විවාහයෙන් පසුව දරු පිළිසිඳ ගැනීමේ ප්‍රමාදයන් ගැන වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවන්හිදී වෛද්‍යවරයා විසින් සිදුකරන පරීක්ෂණ වාර්තාවන්ට අනුව එන්ඩොමෙට්‍රෝසියස් රෝග තතිත්වය බවට තහවුරු වන අවස්ථා තිබෙනවා.
එන්ඩොමෙට්‍රෝසියස් නිසා ඇතිවන සංකුලතාවන් මොනවාද?
මෙම රෝග තත්ත්වයේදී සෛල තැන්පත් වෙන ස්ථානය අනුව විවිධ රෝග සංකුලතාවන් පිළිබඳ ගැටලු ඇතිවීමට පුළුවන්.
- ඩිම්බ කෝෂවල තැන්පත් වී Cyst හැදෙන්න පුළුවන්.
- මුත්‍රාවාහිනී ආශ්‍රිතව අවහිරතාවන් ඇතිකොට වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධාකළ හැකියි.
- බඩවැල මත තැන්පත් වී එහි ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම.
රෝග තත්ත්වය හඳුනාගැනීම
රෝගියා විසින් ඉදිරිපත් කරන රෝග ලක්ෂණ අනුව එන්ඩොමෙට්‍රෝසියස් රෝග තත්ත්වය ගැන හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. එයින් අනතුරුව Utlra sound sound පරීක්ෂණයක් මගින් රෝගය නිවරැදි ලෙසින්ම තහවුරු කර ගැනීමට පුළුවන්. ස්නායු මාර්ගයට ආසන්නව නම් MRI Scan පරීක්ෂණයක් මගින් නිවරැදි ලෙසින් හඳුනාගැනීම සිදුවනවා.
එන්ඩොමෙට්‍රෝසියස් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම
එන්ඩොමෙට්‍රෝසියස් රෝගි කාන්තාව දරුවන් බලාපොරොත්තුවෙන් සිටීද නැතිද යන්න මත ප්‍රතිකාර තීරණය වෙනවා.තවම අවිවාහක හෝ විවාහ වී දරුවන් ලබා නොමැති නම් ඖෂධ මගින් රෝග තත්ත්වය පාලනය කරනවා.දරුවන් අපේක්ෂාවෙන් සිටින රෝගියෙකු Endoscopy ශල්‍යකර්ම මගින් මෙම එන්ඩොමෙට්‍රෝසියස් පටක සහ සිස්ට් ඉවත් කර උදර කුහරයේ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්කිරීම කළ යුතුයි. එසේ නොමැති නම් හෝර්මෝන ඖෂධ මගින් මේ තත්ත්වයට ප්‍රතිකාර කළ හැකියි.
ශල්‍යකර්මයකින් පසුව නැවත එන්ඩොමෙට්‍රෝසියස් රෝග තත්ත්වය ඇතිවිය හැකිද?
එන්ඩොමෙට්‍රෝසියස් රෝග තත්ත්වය හෝර්මෝන මත පදනම් වුණ රෝග තත්ත්වයක් නිසා නැවත ඇතිවීමේ ඉඩක් තිබෙනවා. කෙසේ නමුත් සාර්ථක ශල්‍යකර්මයකින් පසු රෝගය නැවත ඇතිවීමේ සම්භාවිතාව අවමයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා