නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බය වෙන්න එපා එයාට විතරක් නෙවෙයි ඔයාටත් Condom
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

බය වෙන්න එපා එයාට විතරක් නෙවෙයි ඔයාටත් Condom

Published March 10, 2025

කොන්ඩම් යන වචනය බොහෝ දෙනෙකුට හුරු වචනයක් වුවද කාන්තා කොන්ඩම් පිළිබඳව පළමු වරට අසන පිරිසක්ද මේ වෙන විට මේ ලිපිය කියවන්නන් අතර ඇති. කාලාන්තරයක් තිස්සේ මේවා සුළුතරයක් අතර භාවිත වුවද අද වන විට මේ කාන්තා කොන්ඩම් භාවිතය වැඩි වශයෙන් සිදුවන අතර, සමාජය තුළ ඒ පිළිබඳව දැනුවත් බවද වැඩි මටට්මක පවතිනවා…

කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙන්ම හා ලිංගාශ්‍රිත රෝගවලින් සහ අනපේක්ෂිත ගැබ්ගැනීම් වළක්වා ගැනීම වෙනුවෙන් වූ ආරක්ෂාකාරී විකල්පයක් ලෙස කාන්තා කොන්ඩම් හැඳින්විය හැක.තමන්ගේ සහකරු හෝ ලිංගික සම්බන්ධතාවයන් පවත්වන පුද්ගලයා කොන්ඩමයක් පාවිච්චි කිරීමට අකමැති නම් කාන්තාවන්ට තමන්ගේ ලිංගික සෞඛ්‍ය වෙනුවෙන් වූ ආරක්ෂිත ක්‍රමයක් ලෙසින් කොන්ඩමයක් භාවිත කිරීමට පුළුවන්…

විටෙක උපත් පාලනය සඳහාද,තවත් අවස්ථාවක ලිංගික එක්වීමකින් සමාජ රෝග බෝ වීමට තිබෙන අවස්ථාවන්ගෙන් ආරක්ෂා වීම සඳහාද කොන්ඩම් භාවිත වෙනවා. මේ අරමුණු දෙකම සාක්ෂාත් කරගැනීම සඳහා දැනට ප්‍රචලිත පුරුෂ කොන්ඩම් භාවිතය ඉතා සුලබව සිදුකරන අතර එය පැළඳගැනීමේ ක්‍රියාවලිය, මිලදී ගත හැකි හෝ නොමිලේ ලබාගත හැකි ස්ථාන පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත්.

කාන්තා කොන්ඩමයක් කියන්නේ…

පුරුෂ කොන්ඩමය මෙන්ම ඒ අරමුණු වෙනුවෙන් භාවිත කළ හැකි කාන්තා කොන්ඩම් රබර් මිශ්‍ර අමුද්‍රව්‍යවලින් නිපදවා ඇති අතර මේවායේ බාහිර පෙනුම හා පළඳින ආකාරය, ආරක්ෂිත බව, මිල සහ පාවිච්චි කරන්නන්ගේ කැමැත්ත විවිධ අන්දමින් තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා.මෙම කාන්තා කොන්ඩමයක් ඇතුළත හා පිටත රවුමක් සහිතයි. යෝනියට ඇතුළු කරන පැත්තේ ස්පොන්ජ් කොටසක් තිබෙනවා.

පිරිමි කොන්ඩමයක හා කාන්තා කොන්ඩමයක ඇති වාසි සහ අවාසි මොනවාද?

පිරිමි කොන්ඩමයක් යොදාගෙන ලිංගිකව එක්වීමකින් කාන්තාවක් ගැබ් ගැනීමේ අවදානම පිරිමි කොන්ඩමයකට වඩා කාන්තා කොන්ඩමයක අඩු මටට්මක් ගන්නවා. පිරිමි කොන්ඩමයක් යොදාගත් අවස්ථාවකදී ගැබ්ගැනීමේ අවදානම 14% ක් වණත් කාන්තා කොන්ඩමයක මෙම අවදානම 21% ක් පමණ වෙනවා.සමාජ රෝග වැළඳීමේ අවදානම ගැන සැලකීමේදී කාන්තා කොන්ඩමයකින් මෙන්ම පිරිමි කොන්ඩමයකින් ලැබෙන ආරක්ෂාව එක හා සමානයි. ඒ නිසා ලිංගික එක්වීමකදී කාන්තාවක් වුවත් කොන්ඩමයක් භාවිතකිරීම සුදුසුයි.

පිරිමි කොන්ඩම් ගැන සඳහන් කරන විට ඒවා ඉතා සුලබයි. ඒ වගේම පහසුවෙන් මිල දී ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් කාන්තා කොන්ඩම් ගැන සමාජයේ දැනවත් බවක් නැති නිසාම මිලදී ගැනීමේ පහසුකම් නැහැ. ඒ වගේම පිරිමි කොන්ඩමයකට සාපේක්ෂව කාන්තා කොන්ඩමයක මිල ඉහළයි. සමාජය මේ ගැන තවම දැනුවත් නොවුනද ඒඩ්ස් රෝග මර්ධන ඒකකවලින් මෙම පිරිමි කොන්ඩම් වගේම කාන්තා කොන්ඩම් යන වර්ග දෙකම නොමිලයේම ලබා ගන්නත් පුළුවන්. මේ ගැන ජනතාව තුළ දැනුවත් බවක් ඇතිවුවොත් කාන්තාවන්ටත් කොන්ඩම් පහසුවෙන් ලබාගැනීමට හැකියාවක් තිබෙනවා.

ඒ වගේම කාන්තා කොන්ඩම භාවිතය ගැන නොදැනුවත් බව නිසාම එය භාවිත කිරීම අපහසුයි. පිරිමි කොන්ඩමය ඉරීම සහ කැඩී යෑම අඩුයි. නමුත් කාන්තා කොන්ඩමයක් පහසුවෙන් ඉරෙන්න වගේම කැඩෙන්න පුළුවන්. ඒ නිසාම ලිංගිකව එක්වීමකින් ලැබෙන ආරක්ෂාව ගැනත් යම් සැකයක් තිබෙනවා. මෙම ඉරුණ ස්ථානයකින් පුරුෂ ශුක්‍රාණු ඇතුළු වීමේ අවස්ථාවන්ද නැතුවාම නොවෙයි.

කාන්තා කොන්ඩමයක් පළඳින ආකාරය

ලිංගික එක්වීමකදී කාන්තාවක් කොන්ඩමයක් පැළඳීම ගැන පිරිමින් කැමැත්තක් දක්වන බවත් දැන් හඳුනාගෙන තිබෙනවා. කාන්තා කොන්ඩමය නියමිතව පැළඳීම වැදගත්. පැකට්ටුවේ ඇති කොන්ඩමය ඉවතට ගෙන එහි ස්පොන්ජ් කොටස ඇති පැත්තෙන් අල්ලා තරමක් ඇදීමට බඳුන් කර යෝනි මාර්ගයට ඇතුළු කළ යුතුයි. එය ඇතුළු කිරීමේදී ඇඹරෙන්නට නොදී ප්‍රවේසම් විය යුතු අතර පිටත රවුම යෝනි විවරයට සවි වන සේ ඇතුළු කිරීම කළ යුතුයි. එය ඉවත් කිරීමේදී පිටත රවුමෙන් අල්ලා ප්‍රවේසමෙන් අඹරා ඉවතට ගෙන සුදුසු පරිදි මුදා හැරීම කළ යුතුයි. විවිධ ප්‍රමාණවලින් යුතු කොන්ඩම් ලබාගත හැකි අතර අද වන විට අප සමාජය තුළද එය භාවිතයට ගැනීම අරඹා ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?