නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හුස්ම ගැනීම අපහසු කරන නිදන්ගත පෙනහලු රෝග
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හුස්ම ගැනීම අපහසු කරන නිදන්ගත පෙනහලු රෝග

Published March 3, 2025

නිධන්ගත බාධාකාරි පෙනහලු (Chronic Obstructive Pulmonary Disease (COPD) රෝගය යනු හුස්ම ගැනීමට අපහසුවන දිගුකාලීන පෙනහලු රෝගයකි. නිදන්ගත බ්‍රොන්කයිටිස් (Chronic Bronchiolitis) සහ එම්පිසීමාව (Emphysema) වැනි තත්ත්වයන්ද එයට ඇතුළත්ය. මෙයට ප්‍රධාන හේතුව දුම්පානය ලෙස සැලකුණත් වායු දූෂණය, රැකියා ස්ථානයන්හි දූවිලි සහ ජානමය සාධකත් හේතු වියහැක.

COPD  රෝග තත්ත්වයේදී සිදුවන්නේ කුමක්ද?

  • ශ්වසන මාර්ග (පෙනහලු තුළට සහ පිටතට වාතය ගෙන යන නාළ) පටු වී දැවිල්ල ඇති වේ.
  • පෙනහලුවල ඇති කුඩා වායු මලු (ඇල්වෙයෝලි) වලට හානිවන අතර ඔක්සිජන් රුධිරයට ඇතුළු වීමට අපහසු වේ.
  • ශ්ලේෂ්මල නිෂ්පාදනය වැඩි වෙන අතර වායු ප්‍රවාහය තව දුරටත් අවහිර කරයි.

COPD  රෝගය ඇතිවීමට හේතු

කාලයත් සමග පෙනහලුවල ශ්වසන මාර්ගයට හානි වී හුස්ම ගැනීම අපහසු වීම නිසා COPD රෝගය ඇති වේ.

මේ සඳහා බලපාන හේතු

  • මෙහි වඩාත් පොදු හේතුව ලෙස දුම්පානය සැලකේ. සිගරට් දුමෙහි පෙනහලු කුපිත කරවන සහ දැවිල්ල ඇතිකරන හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. කාලයත් සමග ශ්වසන මාර්ග සහ කුඩා වායු මලු (ඇල්වෙයෝලී)වලට ස්ථිර හානියක් සිදුකරයි.
  • දිගුකාලීනව දුම, රසායනික හෝ දුමාරයට නිරාවරණය වීම.
  • (ගල්අගුරු කැණීම්, ඉදිකිරීම් හෝ කර්මාන්තශාලාවල කම්කරුවන්ට වැඩි අවදානමක් ඇත.)
  • ජානමය හේතු (ඇල්ෆා- 1 ඇන්ට්‍රිප්සීන ඌනතාවය)
  • ජානමය ගැටලු නිසා සමහර පුද්ගලයන්ට COPD රෝග තත්ත්වය ඇතිවීමට වැඩි අවදානමක් තිබේ. ඔවුන් දුම්පානය නොකළත් COPD රෝග තතිත්වය ඇතිවීමට ඉඩ තිබෙනවා.
  • නිතර පෙනහලු ආසාදන තත්ත්වයන් ඇති වෙන දරුවන්-ළමා වියේදී දරුණු ශ්වසන ආසාදන දුර්වලතාවයන් නිසා පෙනහලු වර්ධනය දුර්වල වීම නිසා පසුකාලයේදී COPD රෝග තත්වය ඇතිවීමේ අවදානම වැඩි කරනවා.

COPD රෝග තත්ත්වය හුස්ම ගැනීමට බලපාන ආකාරය

අපේ පෙනහලු සාමාන්‍යයෙන් බැලුනයක් සේ ක්‍රියාකරයි. එය පහසුවෙන් පිම්බෙන ආකරයකින් යුක්තයි. නමුත් COPD රෝග තත්ත්වයේදී පෙනහලු පැරණි වී ගිය දිගු බැලුනයක් මෙන් දිස් වේ. ඒවා වාතයෙන් පිරවීමට හැකි වුණත් නිසි ලෙස හිස් කළ නොහැක. ඒ නිසා හුස්ම ගැනීම අපහසු, මන්දගාමී මෙන්ම වෙහෙසකර තත්ත්වයක් බවට පත් වේ.

COPD රෝග තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?

  • දුම්පානය සහ දුම්පානයට නිරාවරණය වීමෙන් වළකින්න.
  • වායු දූෂණය හා හානිකර රසායනික ද්‍රව්‍යන්ට නිරාවරණය නොවන්න. ඒවායින් ආරක්ෂා වෙන්න.
  • ක්‍රියාශීලිව සිටින්න.
  • ශක්තිය පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගන්න.
  • පෙනහලු ආසාදන වැළැක්වීම සඳහා උණ සහ නිව්මෝනියාවට එරෙහිව එන්නත් ලබාගන්න.
  • දුම්පානය නැවැත්වීම වඩාත්ම වැදගත් පියවරකි. ඔබ දුම්පානය කරන්නෙකු නම් COPD රෝගියෙකු වීමට ඉඩ නොදී වහාම දුම්පානය නවත්වන්න.
  • පෙනහලු හානියක් දැනට සිදු වී තිබුණත් ඔබ දුම්පානය නැවත්වීමෙන් රෝග තත්ත්වය මන්දගාමී වේ.
  • COPD රෝග තත්ත්වයට හේතු වෙන ප්‍රේරක වළක්වා ගන්න.
  • ඖෂධ ලබාගන්න. (බොහෝ විට මෙම ඖෂධ ඉන්හේලර් ආකාරයෙන් ලබාදීම සිදු වේ.) මෙම ඖෂධ ශ්වසන මාර්ග විවෘත කිරීමට උපකාරී වේ. බ්රොන්කොඩිලේටර් ඖෂධ (සහන) මගින් ශ්වසන මාංශ පේශි ලිහිල් කිරීම සහ හුස්ම ගැනීම පහසු කරයි. උදාහරණ ලෙස ඇල්බියුටෙරෝල් / සැල්බියුටමෝල් (හුස්ම ගැනීම පහසු කිරීමට භාවිතා වේ.

දිගුකාලීනව ක්‍රියාකරන ඉන්හේලර් වර්ගයන් පාවිච්චි කිරීම මගින් වායු නාළ විවෘතව තබාගත හැක. උදාහරණ Tiotropium (රෝග ලක්ෂණ වැළකීම සඳහා දිනපතා භාවිත කෙරේ. ස්ටෙයිරොයිඩ් අඩංගු ඉන්හේලර් වර්ග භාවිත කිරීම මගින් පෙනහලුවල ඉදිමීම සහ ශ්ලේෂ්මල අඩු කිරීම. (දරුණු අවස්ථා සඳහා භාවිත වේ) ඉන්හේලර් භාවිතය යනු අවහිර වුණ නාළයක් විවෘත කිරීමක් වැනි කටයුත්තක්. එවිට වඩා හොඳින් වාතය ප්‍රවාහය සිදු වේ.

පෙනහලු පුනරුත්ථාපනය

( Pulmonary Rehabilitation – පෙනහලු චිකිත්සාව සහ ව්‍යායාම) COPD රෝගීන් සඳහා වූ විශේෂ ව්‍යායාම සහ හුස්ම ගැනීමේ වැඩසටහනකි. මෙම ව්‍යායාම මගින් පෙනහලු ශක්තිය සහ ශක්තිය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර එමගින් රෝගියාට අඩු උත්සාහයකින් දෛනික ක්‍රියාකාකරම් කරගත හැක.

■ ඒ අතරම හුස්ම හිරවීම පාලනය කිරීමට හුස්ම ගැනීමේ ක්‍රම උගන්වයි. මෙය ඔබෙ පෙනහලු සඳහා භෞතික ප්‍රතිකාරයක් ලෙස සැලකීම වැදගත්.

■ දරුණු COPD රෝගීන් සඳහා ඔක්සිජන් ලබාදීම, පසුකාලීන COPD රෝග තත්ත්වය නිසා යම් අවස්ථාවල රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු විය හැක. ඔක්සිජන් චිකිත්සාව මගින් රෝගියාට වඩා හොඳින් හුස්ම ගැනීමේ පහසුව ඇතිකරන අතර රෝග සංකුලතා වළක්වා ගැනීමට උපකාරී වේ. මෙය කුඩා නළයක් (නාසික කැනියුල ) හෝ මාස්ක් එකකින් ලබාදීම සිදුකරනවා.

COPD  රෝගය සුව කළ හැකිද?

COPD සුවකළ නොහැක. නමුත් ප්‍රතිකාර මගින් හුස්ම ගැනීම වැඩිදියුණු කිරීමට, රෝග ලක්ෂණ අඩු කිරීමට සහ පෙනහලු හානිය මන්දගාමී කිරීම සිදුකළ හැක. ඒ අනුව රෝගියාට පහසුවෙන් හුස්ම ගැනීමට සහ ක්‍රියාශිලීව සිටීමට උපකාරී වීම වේ.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?