නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වෛරස් උණ එක්ක හන්දි අමාරුව ඔබටත් ආවාද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

වෛරස් උණ එක්ක හන්දි අමාරුව ඔබටත් ආවාද?

Published February 17, 2025
කාලෙන් කාලෙට වයිරස් උණ පැතිරෙන එක සාමාන්‍යය දෙයක්. බොහෝ විට වයිරස් උණ එක්ක උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, කෑම අරුචිය, හමේ Rash එකක් පවා එන්න පුළුවන්. ඊට අමතරව වයිරස් උණ එක්ක හන්දිපත් වේදනාව, ඉදිමීම සහ මස්පිඩු වේදනාව එක්ක එන ආතරයිටිස් තත්ත්වයක් පවා හටගන්න පුළුවන්.

ලෙඩේ හොඳ වෙනකොට ඔය ඔක්කොම රෝග ලක්ෂණ දින කිහිපයක් තුළ නැති වෙලා යනවා. නමුත් සමහර චිකුන්ගුන්යා වගේ වයිරස් රෝග එක්ක එන ආතරයිටිස් තත්ත්ව දිගටම තියෙන්න වුණත් පුළුවන්.මේ දිනවල වයිරස් උණ එක්ක එන හන්ඳිපත් සහ මස්පිඩු අමාරු සැලකියයුතු ලෙස තීව්‍රතාව වැඩි ගතියක් පෙන්නනවා. සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වයිරස් උණ හොඳවෙලා ඇගේ ඉතුරු වුණ හන්දිපත් අමාරුව නිසාම ප්‍රතිකාරවලට යොමුවෙන තත්ත්වයක් දකින්න පුළුවන්.චිකුන්ගුන්යා හැදෙන්නේ එම වයිරසය බෝවෙච්ච මදුරුවන් අපිට දශ්ට කළ විටයි. වයිරසය ඇඟේ පැතිරෙනකොට රෝගය හටගන්නවා.චිකුන්ගුන්යා රෝගය එක්ක ආතරයිටිස් විදි කිහිපයකින්ම එන්න පුළුවන්.

Acute arthritis (ලෙඩේ එක්කම එන කෙටිකාලීන ආතරයිටිස් තත්ත්වය

වයිරස් එක කෙලින්ම හන්ඳි (Synovium) සහ මස්පිඩුවලට කෙලින්ම බෝ වෙලා තමා මෙම තත්ත්වය එන්නේ. Arthralgia (හන්ඳිපත් රුදාව) Arthritis (හන්ඳි රුදාව සහ ඉදිමීම) එන්නෙ ඕක නිසා. හැබැයි සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට දින කිහිපයක් ඇතුළත ඔය තත්ත්වය විශේෂිත ප්‍රතිකාර නැතුව වුණත් මග හැරෙනවා. සාමාන්‍යයෙන් හන්ඳි දෙක තුනකින් පටන් අරගෙන දින දෙක තුනකින් හන්ඳි රැසකට පැතිරෙනවා.බහුතරයක් රෝගීන්ට අතේ හන්ඳි, වලලුකර සහ මැණික් කටුව වගේ හන්ඳි වලට වැඩිපුර ලෙඩේ එනවා. හන්ඳිවල වතුර පවා එන්න පුළුවන්. දැඩි වේදනාව සහ ඉදිමීම ආවොත් ආතරයිටිස්වලට සුළු කාලෙකට පවා බෙහෙත් ගන්න වෙන්න පුළුවන්.

ලෙඩේ හොඳ වෙනකොට සැලකිය යුතු

රෝගීන් ප්‍රමාණයකට හන්ඳි අමාරුවත් හොඳ වෙනවා. Chronic arthritis (දිගුකාලීන ආතරයිටිස්) චිකුන්ගුන්යා හැදෙන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට දිගුකාලින ආතරයිටිස් රෝගයක් (Chronic inflammatory arthritis) එන්න පුළුවන්.

මේකට හේතුව 100%ක් හොයාගෙන නෑ. නමුත් ඇඟ ඇතුළෙ ලෙඩේ හොඳ වුණාට ඉතුරුවෙන්න පුළුවන් වයිරසයේ RNA කොටස්වලින් ආතරයිටිස් ක්‍රියාවලිය ඇතිකිරීම සහ පවත්ගෙන යෑම හෝ Molecular mimicry ලෙස හැඳින්වෙන වයිරසයට විරුද්ධව හදපු ප්‍රතිදේහ හන්ඳිවලට සංඝටක වයිරස කොටස් ලෙස වැරදියට හදුනාගෙන ඒක විනාශ කරනවා යැයි සැක කරනවා.

සමහරුන්ට මේ ආතරයිටිස් එක දිගුකාලයත් තිස්සේ එනවා යනවා වගේ තත්ත්වයක් එනවා. සමහරුන්ට දිගටම ලෙඩේ ඇඟේ තිබිලා හන්ඳි ඇදවෙලා යන්න වුනත් පුළුවන්.චිකුන්ගුන්යා එක්ක එන දිගුකාලින ආතරයිටිස් රූමටොයිඩ්, ආතරයිටිස්, ස්පොන්ඩයිලො ආතරයිටිස් රෝගවලට සමාන ආකාරයට හැසිරෙන්න පුළුවන්.

දැනටම ආතරයිටිස් තියන රෝගීන්ට ආතරයිටිස් රෝග ලක්ෂණ වැඩිවීම

චිකුන්ගුන්යා වයිරසය ආසාදනය වීම නිසා දැනටම දිගුකාලීන ආතරයිටිස් (රූමටොයිඩ් ආතරයිටිස්, සොරයටික් ආතරයිටිස් වගේ) තියන රෝගීන්ට එම රෝග තත්ත්වය හොඳටම උත්සන්න වෙන්න පුළුවන්.

වෙනත් ආතරයිටිස් රෝගයක් වැලදීම

වයිරස ආසදනයකට පසුව ප්‍රතිශක්ති පද්ධතියේ එන වෙනස්කම් නිසා අලුතින්ම ආතරයිටිස් රෝග එන බව අපි දැනටමත් දන්නා දෙයක්. චිකුන්ගුන්යා ආසාදනය වුනහමත් එහෙම වෙන්න පුළුවන්. සරලව කිව්වොත් චිකුන්ගුන්යා ආසාදනයකට පස්සෙ රූමටොයිඩ් ආතරයිටිස් රෝගය හැදෙන්න පුළුවන්. චිකුන්ගුන්යා හොඳවෙලත් ආතරයිටිස් තත්ත්වය පහවුනේ නැත්තම් දිගුකාලින ආතරයිටිස් රෝග වලට කරන ESR, CRP, Rheumatoid factor, Anti CCP antibodies වගේ මූලික පරීක්ෂණ කරන්න ඕනේ.

අනෙක් ආතරයිටිස් රෝග වගේම අපි ප්‍රතිකාර කරන්නේ ලේ රිපෝර්ට්වල අගයන්වලට නොවේ. රෝග ලක්ෂණවලට. ඔක්කොම රිපෝර්ට් නෝමල් වෙලත් හන්ඳි ඉදිමීම කැක්කුම තියනවා නම් අනිවාර්යයයි ප්‍රතිකාර කරන්න ඕනේ. හන්දි ඇදවෙනකම් ලේ රිපෝර්ට්වල ආතරයිටිස් හොය හොය ඉන්නෙ නෑ. හැබැයි කෙටිකාලීන එකට බෙහෙත් කරන ක්‍රමයට නෙවෙයි දිගුකාලීන ආතරයිටිස් එකට බෙහෙත් කරන්නේ.

දිගුකාලින ආතරයිටිස් එක අවොත් DMARD ලෙස හැඳින්වෙන විශේෂිතා ආතරයිටිස් බෙහෙත් අවශය වෙනවා. මොන බෙහෙත කොච්චර කාලයක් කොච්චර මාත්‍රාවකින් දෙනවද කියල ගන්න තීරණය ගන්නේ කාරණා රැසක් සලකා බලලා. නිවැරදි ප්‍රතිකාර ලබා ගත්තොත් හතර හන්ඳි ඇදකරගන්නෙ නැතුව ගොඩයන්න පුළුවන්.

වයිරස ලෙඩේ හොඳ වෙලා හන්ඳි අමාරු දිගටම තියනවා නම් හන්ඳි රෝග වෛද්‍යවරයකු හමුවන්න.සැලකිය යුතු Inflammatory Arthritis කුලකයේ ලෙඩවලට වගේ කලින් ප්‍රතිකාර ගත්තොත් ලෙඩේ හොඳකරගන්න පුළුවන්. විද්‍යානුකූල ප්‍රතිකාර නොකළොත් ලෙඩේ දුරදිග යන්න පුළුවන්.



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?