නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාගෙත් උගුර නිතර නිතර බැරැන්ඩි වෙනවාද – Hoarseness
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඔයාගෙත් උගුර නිතර නිතර බැරැන්ඩි වෙනවාද – Hoarseness

Published February 17, 2025

කටහඬ වෙනස් වීම (Hoarseness) එහෙම නැත්නම් අපි උගුර බැරැණ්ඩිය යනුවෙන් හඳුන්වන්නේ ඉතාම සුලබ තත්ත්වයක්. උගුරේ තිබෙන ස්වර තන්තු අප ආශ්වාස කරන විට දුරස්වී පෙනහලුවලට වාතය ගලා ඒම සිදුවෙනවා්. ප්‍රශ්වාස වාතය ස්වර තන්තු තුළින් ගලන විට ස්වර තන්තු එකිනෙකට ළංවීම සහ ඈත්වීම සිදුවෙනවා. ශබ්දය ඇතිවෙන්නේ ස්වරතන්තුවල ඇතිවෙන කම්පනය නිසයි. එම ශබ්දය දිව, තොල්, ග්‍රසනිකාව මගින් ශබ්දයේ ගුණාත්මකබව වැඩිකර “කටහඬ” බවට පත්වෙනවා. අපේ නියම කටහඬ විවිධ හේතු නිසා වෙනස් වෙන්න පුළුවන්. උගුර බැරැණ්ඩිවීමට හේතු කීපයක් බලපානවා.

උගුර බැරැණ්ඩිවීමට බලපාන හේතු

වෛරස තත්ත්වය

අපට හෙම්බිරිස්සාව වැනි ශ්වසන ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවෙනවා. මේ වෛරසය නිසා ස්වර තන්තුවලට බලපෑමක් ඇතිවුණොත් උගුරේ බැරැණ්ඩි තත්ත්වයක් එහෙමත් නැත්නම් කටහඬ වෙනස්වීමක් ඇතිවෙන්න පුළුවන්.

උදරයේ අම්ල (Reflux Laryngitis)

ගලනාලය ආමාශයට සම්බන්ධ වන ස්ථානයේ තිබෙන කපාටය සාමාන්‍යයෙන් වැසී තිබෙනවා. අප ගන්නා ආහාර ගලනාලයේ සිට ආමාශයට ඇතුළු වන විට මෙම කපාටය විවෘත වී ආමාශයික අම්ල කොටසක් විවෘත වූ තැනින් ඇතුළු වෙනවා. රාත්‍රි ආහාරය ගත් සැනින් නිදාගැනීම නිසා උදරයේ අම්ල (Reflux Laryngitis) උගුරට එන විට ස්වරනාල සහ ස්වර තන්තු තුවාල වී කටහඬ වෙනස් වෙනවා.

රැකියාවේ ස්වභාවය

අපි කරන ඇතැම් වෘත්තීන් නිසා වැඩියෙන් කතාකරන්න සිදුවෙනවා. විශේෂයෙන් නිවේදකයන්, පුජකයන්, ගුරුවරුන්, ගායන ශිල්පින් වැනි අය වැඩියෙන් කතාකිරීම නිසා ස්වර තන්තුවලට හානි වී කටහඬ වෙනස් වෙන්න ඉඩ තිබෙනවා. මෙහිදී මතක තබාගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. අපි කතාකරන විට හුස්ම නොගෙන එක දිගට කතාකිරීම වෙනුවට අතරමග හුස්ම ගනිමින් කතාකිරීම වැදගත්. මෙවැනි රෝගීන්ට උස් හඬින් කතා කිරීම අපහසු නැහැ. නමුත් සාමාන්‍ය ස්වරයෙන් කතාකිරීමේදී අපහසුතාවක් දැනෙනවා.

නීරෝගි කටහඬක් ඇතිවීමට නම් නීරෝගී පෙනහලු, නීරෝගී ස්වර තන්තු සහ මනා ලෙස ක්‍රියාකාරී වෙන ස්නායු පද්ධතියක් අවශ්‍යයි. එබැවින් පෙනහලු ප්‍රශ්න, ස්වර තන්තු ආශ්‍රිත ප්‍රශ්න නිසා කටහඬ වෙනස් වෙන්න පුළුවන්.

  • මාංශ පේශිවල ප්‍රශ්න – (Tension)
  • කථා කිරීමේ ස්වභාවය

උස් හඬින් දිගු වේලාවක් කතාකිරීම

උදාහරණ වශයෙන් චාරිකාවක් යනවිට ගීත ගායනා කිරීම, තරගවලදී ප්‍රිති ඝෝෂා පැවැත්වීම වැනි සිදුවීම්. මෙවැනි සිදුවීම් නිසා ස්වර තන්තුවල කරගැට වැනි තත්ත්වයන් ඇති වෙනවා.

■ පෙනහලුවල ප්‍රශ්න

විශේෂයෙන් ක්ෂය රෝගය

■ තයිරොක්සින් අඩුවීම

ස්වර තන්තු පිළිකා– දිගු කාලයක් පවතින කටහඬ වෙනස් වීම නොසලකා ඉන්න එපා. උගුර ආශ්‍රිත බැරැන්ඩි තත්ත්වයක් එහෙම නැත්නම් කටහඬ වෙනස් වීමක් ඇතිවුණොත් ඒ ගැන නොසලකා සිටින්න එපා. සාමාන්‍ය කටහඬ වෙනස්වීමක් නම් දින කීපයකින් පමණ හරියනවා. එසේ නොමැතිව දිගු කාලයක් පවතින කටහඬ වෙනස් වීමක් නම් උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම වැදගත්. ස්වර තන්තු පිළිකාවක් තිබෙන විට ස්වර තන්තු කම්පනය වීමේ අපහසුතාවක් ඇතිවෙනවා.

කටහඬ වෙනස්වීම වෙනුවෙන් සිදුකරන පරීක්ෂණ මොනවාද?

රෝගියා විසින් සඳහන් කරන රෝග ලක්ෂණ අනුව පරීක්ෂණ වාර්තා ලබාගැනීම සිදු වෙනවා.

■ රුධිර පරීක්ෂණ
■ Scan පරීක්ෂණ

සති දෙකකට වඩා කටහඬ වෙනසක් පවතිනවා නම් උගුර, කන සහ නාසය ආශ්‍රිත වෛද්‍යවරයකු හමුවෙන්න ඕන. Laryngoscope පරීක්ෂණ කැමරාවක ආධාරයෙන් ස්වාරලය, ස්වරතන්තු පරීක්ෂා කිරීම සිදුකරනවා. එවිට කටහඬ වෙනස්වීමේ හේතුව සොයා ගන්න පුළුවන්. ඊට පසුවරෝගියාගෙන් විස්තර දැනගන්නවා.

රෝගියාගෙන් ලැබෙන තොරතුරු අනුව කටහඬ වෙනස්වීමට හේතුව දැනගන්න පුළුවන්.ස්නායුවලට හානිවෙලා තිබෙනවා නම් විශේෂයෙන් පිළිකාවක්ද දැනගැනීමට නම් එක්ස්රේ, අල්ට්‍රාසවුන්ඩ් සහ සීටී ස්කෑන් මගින් සොයාගැනීමට පුළුවන්.කටහඬ වෙනස්වීමට ලබාදෙන ප්‍රතිකාර මේ විදිහට පෙන්වන්න පුළුවන්

රෝගියා වෙනුවෙන් හැසිරීමේ (Behavioral) – වෙනස්කම් ඇතිකිරීම.

සාමාන්‍යයෙන් දිගුවේලාවක් කතාකරන හෝ උච්ච ස්වරයෙන් ගායනයේ යෙදෙන අයෙකු නම් ටික කාලයක් විවේකයෙන් (Vocal rest ) සිටින්න උපදෙස් දෙනවා. ඒ අතර මාංශ පේශි ලිහිල් කිරීමේ (Speech theraphy ) ව්‍යායාම වෙනුවෙන් රෝගියා යොමුකරනවා.ඊට අමතරව විකල්ප විසඳුම් වෙනුවෙන් යොමුකිරීමත් සිදුවෙනවා. පාසලක ගුරුතුමියක් නම් කතාකිරීමේදී ඇතිවෙන අපහසුවට විකල්ප විසඳුමක් ලෙස මයික්‍රොෆෝනයක් භාවිත කිරීමට පුළුවන්.

රෝගියාගේ ආහාර රටාව වෙනස් කිරීම (Dietary)

උදරයේ අම්ල ගතිය නිසා කටහඬ වෙනස් වෙලා නම් ආහාර ගැන සීමාවක් පනවා ගැනීම, අහිතකර ආහාරවලින් දුරස් වීම, වෙලාවට ආහාර ගැනීම, ආහාර ගත් සැනින් නිදාගැනීමෙන් වැළකීම වගේම දුම්පානය සහ මත්පැන් පානයෙන් දුරස් වීමට උපදෙස් ලබා දෙනවා.වෛරස් ආසාදන නිසා ඇතිවෙන හඬ වෙනස්වීම වැනි තත්ත්වයකදී විවේකය සහ සීතල ආහාරවලින් දුරස් වීම වැනි උපදෙස් ලබාදෙනවා.

ඖෂධීය ප්‍රතිකාර

ඉහත රෝගීන්ට වගේම ආසාදන නිසා කටහඬ වෙනස්වීමක් නම් ඒ වෙනුවෙන් ප්‍රතිජීවක සහ වෙනත් ඖෂධ නිර්දේශ වෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?