නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෘමී දශ්ටනය භයානකයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කෘමී දශ්ටනය භයානකයි

Published February 3, 2025

දෙබරුන් හතක් දෂ්ට කළොත් නයි විෂට සමාන බවට සමාජයේ මතයක් තිබෙනවා. දෙබරුන් හතක් දෂ්ට කිරීම නිසා නයෙක් දෂ්ට කිරීමට සමාන අවදානමක් ඇති බවට වූ අදහසේ සත්‍යතාවයක් නැතැත් කෘමීන් දෂ්ට කිරීම නිසා දරුණු ආසාත්මිකතාවන්ට පත්වීමට පුළුවන්.

ඒ වගේම දෙබර දෂ්ටන ගැන අපට නිරන්තරව ඇසෙන්නත් ලැබෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්, සංචාරකයන් වගේම පාසල් දරුවන් මෙවැනි කෘමි දෂ්ටනයන්ට ලක්වුණ බවට සිදුවීම් වාර්තා වෙනවා. කෘමින්ගේ දෂ්ටනය හැම දෙනාටම එකම අන්දමින් බලපාන්නේ නැහැ. සමහර අයට එක් කෘමියෙක් දෂ්ට කළත් එය දරුණු විදිහට බලපාන්න පුළුවන්.

ඒ වගේම සමහර පුද්ගලයන් කෘමින් දෂ්ට කිරීම නිසා දරුණු ලෙසින් ආසාත්මිකතාවයන්ට පත් වී රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමට පවා සිදුවන අවස්ථාවන් තිබෙනවා. මෙවැනි දරුණු ආසාත්මිකතාවන් ‘ඇනෆිලැක්සිස’ යනුවෙන් හඳුන්වන අතර ඉක්මන් ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික තත්ත්වයට පවා පත්වීමට ඉඩ තිබෙනවා.

බරපතළ ප්‍රතික්‍රියා ඇතිකරන කෘමින්

■ මී මැස්සන්

■ දෙබරුන්

■ දැල කඩි

■ කලාඳුරුවන්

කෘමියා දෂ්ට කළ ස්ථානය අවට ප්‍රදේශය ඉදිමීම, රතු පැහැ ගැනීම, වේදනාව සහ උණුසුම් වීම, සමහර විට මේ තත්ත්වය පැයකට හෝ දෙකකට පසුව පහව යෑමට හැකියි.

තවත් සමහරුන්ට මේ ස්ථානයේ පවතින අපහසුතාව දින කීපයක් පැවැතිය හැකි අතර එය විශාල ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වනවා. මේ තත්ත්වයත් භයානක නොවන අතර එය ආසාත්මික ප්‍රතික්‍රියාවකට සමාන වන්නේ නැහැ. එනිසා මෙවැනි ලක්ෂණ භයානක නැහැ.

ආසාත්මික ප්‍රතික්‍රියාවක රෝග ලක්ෂණ මොනවාද?

ඔබ කෘමි සතෙකුගේ දෂ්ට කිරීම්වලට ආසාත්මිකතාවක් දක්වන්නේ නම් ඉහත දක්වන ලද සාමාන්‍ය ප්‍රතික්‍රියාවන් (වේදනාව, ඉදිමීම සහ දෂ්ට කළ තැන රතුවීම) සහ ඔබේ ශරීරය පුරා වෙනත් රෝග ලක්ෂණ ඇතිවීමට පුළුවන්.Flyshing- මෙහිදී ඔබේ සම රතු හෝ දම් පාටට හැරෙන අතර විශේෂයෙන් එබේ මුහුණේ උණුසුම් බවක් දැනේ.

■ පලු- මේවා කැසීම නිසා සමේ පැල්ලම් ඇතිවීම.

■ ඇන්ජියෝඩිමා- මුහුණ, ඇහිබැම, මුඛය, දිව, අත් සහ පාද ඉදිමීම.

■ කෘමි දෂ්ටනය නිසා බරපතළ හෙවත් ඇනෆිලැක්සිස් තත්ත්වයට පත්වීම.

■ හුස්ම ගැනීමේ අපහසුතාව, හුස්ම හිරවීම (හුස්ම ගන්නාවිට විස්ල් හඬක් ඇසීම)

■ විශේෂයෙන් උගුර හෝ මුහුණ අවට ඇසිපිය, මුඛය, අත් පාද ඉදිමීම.

■ බඩ කැක්කුම, ඔක්කාරය, වමනය හෝ පාචනය.

■ කරකැවිල්ල.

මෙවැනි රෝග ලක්ෂණ ඇතිවූයේ නම් ඉක්මණින්ම ළඟම ඇති රෝහලට යන්න. ඕනෑම රෝහලක මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. ඒ වගේම රෝගියා කලබල කිරීම වගේම වෙහෙස කිරීම සුදුසු නැහැ.

දරුණු කෘමි ආසාත්මිකතාවකට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

මෙවැනි තත්ත්වයකදී ලබාදෙන ප්‍රතිකාර කීපයක් ඇත.

■ Epinephrine- මෙම ඖෂධය මගින් ආසාත්මිකතා රෝග ලක්ෂණ නැවැත්වීමට හැකියාවක් තිබෙනවා.

■ ස්ටෙරොයිඩ් ඖෂධ

■ පිරිටන්

■ සේලයින්

ඒ නිසා යම් අවස්ථාවක ඔබට හෝ ඔබ සමීපයේ සිටින අයෙකුට කෘමින්ගේ දෂ්ටනයක් සිදුවුණොත්, ඉහතින් දැක්වෙන දරුණු ආසාත්මිකතාවන් ඇතිවුණොත් තව දුරටත් ප්‍රමාද නොවන්න. ඉක්මණින් ප්‍රතිකාර වෙත යොමුවීමෙන් දරුණු ආසාත්මිකතාවන් සඳහා පහසුවෙන් ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව ලැබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️







 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?