නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එක එක හේතු නිසා ඇතිවන අසාත්මිකතා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

එක එක හේතු නිසා ඇතිවන අසාත්මිකතා

Published October 28, 2024
ආසාත්මිකතාව එහෙම නැත්නම් අප අතර හුරු පුරුදු ඉංග්‍රිසි වචනයෙන් කියනවා නම් Allergy ඇතිවන්නේ විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙනුවෙන් දක්වන එක්තරා ප්‍රතිචාරයක් නිසා කිව්වොත් නිවරැදියි.


ආසාත්මිකතාවන් ඇතිකරන ප්‍රධාන හේතු

■ ආහාර ■ ඖෂධ ■ කෘමින් ■ පරිසරය

ආසාත්මිකතාව ඇතිවන්නේ…

අපේ සිරුර බාහිර ආසාත්මික හේතුකාරක හෙවත් Allergen වලට ප්‍රතිශක්ති පද්ධතිය නිරාවරණය වුණාම ඊට විරුද්ධව ප්‍රතිශක්තිය පද්ධතිය මගින් ඉමියුග්ලෝබින් ‘B’ ( IgE) ප්‍රතිදේහ සිරුරේ නිපදවනවා. මෙම ප්‍රතිදේහ රෝග ලක්ෂණ පහළ කරන්නේ නැතුව Basophil හා Mast සෛල සමග සම්බන්ධ වී තිබෙන්න පුළුවන්.

මේ සෛල ඇතුළත ගබඩා වී හිස්ටමින් Preformed mediator මුදාහරින විට ආසාත්මික රෝග ලක්ෂණ පහළ වනවා. මීට අමතරව Basophil හා Mast සෛලවලට අලුතින් ක්‍රියාකාරී වුණ Preformmediators රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කර රෝග තත්ත්වය උත්සන්න කරන්නත් පුළුවන්.

ප්‍රතිජීවක පිළිබඳ සමාජය දැනුවත් වීම 1940 වැනි ඈත යුගයක් දක්වා දිවෙනවා. යුද්ධ කාලයේදී සංග්‍රාම භුමියේ සිටි සෙබළුන් බොහෝ දෙනෙක් තුවාල ආසාදනය වී මරණයට පත්වුණා. ඒ වගේම විවිධ ආසාදනයන් නිසා සමාජය තුළ මරණ වැඩිවෙත්ම ඊට විකල්ප විසඳුම් වශයෙන් ප්‍රතිජීවක භාවිතය වෙනුවෙන් සමාජය තුළ නැඹුරුතාවක් ඇතිවුණා.

ප්‍රතිජීවක කියන්නේ මොනවාද?

බැක්ටීරියා ආසාදනයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ඖෂධ ප්‍රතිජීවක යනුවෙන් හැඳින්වෙනවා. බැක්ටීරියා විනාශ කිරීමට වගේම එහි වර්ධනය අකර්මන්‍ය කිරීමේ හැකියාවත් ප්‍රතිජීවකවල අන්තර්ගතව තිබෙනවා.

ප්‍රතිජීවක ගැන සඳහන් කරනවිට ඒවා විවිධ කාණ්ඩවලට අයත් වනවා. ඒ වගේම එක් එක් බැක්ටීරියාවන්ට මෙම ප්‍රතිජීවක ඖෂධයන්හි ක්‍රියාකාරීත්වය වෙනස්. දැනට අපේ දත්ත අනුව රෝගීන්ගෙන් 90% ක් පමණ දෙනෙක් ඇමොක්සිලින්, පෙනිසිලින් සහ Cephalaexin වැනි ඖෂධවලට ආසාතමිකතාවක් දක්වන බවට ඔවුන් සිතා ගෙන සිටියත් ඒ ඇත්තටම මෙම ඖෂධවලට ආසාත්මිකතාවක් දක්වන්නේ නැහැ.

මෙම ඖෂධ ඉතාම ආරක්ෂිතයි. මෙම ඖෂධවලට ආසාත්මිකතාව දක්වන රෝගීන් ප්‍රතිශතයක් විදිහට 1% ක් පමණ සුළු පිරිසක් කිව්වොත් නිවරැදියි. නමුත් බොහෝ දෙනක් තමන්ට ඉහත කාණ්ඩයේ ප්‍රතිජීවක් ආසාත්මිකතාවක් දක්වන බවට සිතනවා.

ආසාත්මිකතාව සඳහා වූ පරීක්ෂණ…

යම් රෝගියෙක් ඖෂධ වෙනුවෙන් ආසාත්මිකතාවක් දක්වනවා දැයි නිවරැදි බවට හඳුනාගැනීමට දැනට ලෝකයේ පිළිගත් පරික්ෂණ තුනක් තිබෙනවා.

• Skin prick Test
• Intradermal Test
• Oral graded challenge Test

මෙම පරීක්ෂණ අතරින් කුමන පරික්ෂණයක් ආසාත්මිකතා ඇති රෝගියාට සිදුකළ යුතුද යන්න මුලින්ම වෛද්‍යවරයා විසින් තීරණය කරනවා. ඒ සඳහා රෝගියාගේ ආසාත්මිකතාව සම්බන්ධ සායන ඉතිහාසය ඉතා ගැඹුරින් විශ්ලේෂණය කරනවා.

■ ආසාත්මිතාව ඇති වූ ඖෂධය

■ ආසාත්මිකතාව ඇතිවුණේ ඖෂධ මාත්‍රා කීයක් ලබාගත් විටද?

■ ආසාත්මිකතාව ඇතිවුණ කාල පරාසය (උදාහරණ ලෙස කිවහොත් ඖෂධ මාත්‍රාව ලබාගෙන පැයක් ඇතුළත, පැය හයක් ඇතුළත හෝ දින කීපයක් ඇතුළත)

■ ඇතිවුණ ආසාත්මිකතා රෝග ලක්ෂණ (උදාහරණ කැසීම, පලු, බිබිලි, ක්ලාන්තය, හුස්මගැනීමේ අපහසුතාව, හතිය, උදර වේදනාව ආදිය සලකා බලනවා.

රෝග ලක්ෂණ අනුව රෝගියා භජනය විය යුතු පරීක්ෂණය තීරණය කරනවා. මෙම සියලු පරීක්ෂණ සිදුකරන්නේ මනාව කළමනාකරණය කළහැකි සායනයක් හෝ රෝහල් වාට්ටුවකදීය.

Skin prick Test

මෙම පරීක්ෂණයේදී රෝගියාගේ සමට, විවිධ කාණ්ඩවල ප්‍රතිජීවක ඖෂධ, කුඩා තුඩක් ( Blood lancet ) මගින් ඇතුළු කරනවා. ( පෙනිසිලින්, ඇමොක්සිලින්, කොඇමොක්සික්ලැව් වැනි ඖෂධ ) ඉන්පසු විනාඩි 20 ක් සමේ විදුම් ස්ථානයේ යම් පලුවක් ඇති වේදැයි නිරීක්ෂණය කරනවා. එසේ ඇතිවන්නේ නම් එම රෝගියා ඒ ඖෂධයට ආසාත්මික බව තහවුරු වෙනවා.

Intradermal Test

මෙම පරීක්ෂණය Skin prick Test හි දිගුවක් වන අතර එහිදී සමේ Dermis කොටසට ඖෂධ ඇතුළු කිරීමක් සිදුවනවා. එහිදී තුඩක් වෙනුවට Injeaction syringe needle එකක් යොදාගන්නවා. මෙහිදීත් ඖෂධය ඇතුළු කළ ස්ථානවල රතුවීම්, පලු ඇතිවීම් නිරීක්ෂණය කරනවා. මෙහිදී කාල පරාසය පැය සහ දින දක්වා වෙනස් වනවා.

Oral graded challenge Test

මෙම පරීක්ෂණයේදී එක් ඖෂධ මාත්‍රාවක් උදාහරණ ලෙස ඇමොක්සලින් මිලිග්‍රෑම් 500 ක් ඉතා කුඩා මාත්‍රාවලට වෙන්කොට විනාඩි 10 ක පරතරවලින් පානය කරන්නට ලබාදෙනවා. ඒ අනුව රෝගියා යම්කිසි ආසාත්මිකතාවක් දක්වන්නේදැයි පරීක්ෂා කරනවා. මේ සඳහා තෝරාගන්නේ Skin prickTest සහ Intradermal Test negative රෝගීන් හෝ වසර 15 කට පෙරාතුව සමේ පමණක් ආසාත්මිකතාවන් ඇතිවුණ රෝගීන්.

මෙම පරීක්ෂණ මගින් යම් රෝගියකු ආසාත්මිකතාවක් දක්වන ඖෂධ හඳුනාගැනීමට පුළුවන්. ඒ වගේම තමන් විසින් යම් යම් ප්‍රතිජීවකවලට ආසාත්මිකතාවක් දක්වනවා යැයි ඔවුන් විසින්ම ගොඩනගා ගත් අනුමානවලිනුත් මේ පරීක්ෂණවලින් පසුව නැති කරගන්නත් පුළුවන්.

ඖෂධ වෙනුවෙන් ආසාත්මිකතාවයක් දක්වන රෝගීන් ගැනත්…

යම් රෝගියෙක් ඖෂධ වෙනුවෙන් ආසාත්මිකතාවක් දක්වනවා නම් එය වෛද්‍යවරයාට තරමක අපහසුතාවක් ඇතිකරනවා. මේ රෝගියාට යම් ආසාත්මිකතාවක් (Allergy) ඇතිවුණොත් වෛද්‍යවරයාට ඒ වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම අපහසු වෙනවා. මිල අධික ඖෂධ ඒ සඳහා නිර්ද්ශ කිරීමට සිදුවනවා.

ඒ වගේම නිවැරදි ඖෂධය ලබාගැනීමට අපහසු නිසා දිගු කාලයක් රෝහල්ගතව සිටීමට වීම, ඉතා ඉක්මනින් දරුණු විෂබිජවලට හසුවීම, තමන්ට ඖෂධ නිසා ආසාත්මිකතාවයක් ඇති වෙතැයි වූ සිතේ බිය ඇතිවනවා. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් පවා ඖෂධ වෙනුවෙන් යම් ආසාත්මිකතාවක් ඇතැයි සිතන රෝගියෙක් ඒ වෙනුවෙන් Allergy test එකක් කර ගැනීම වැදගත් බවට දැනුවත් කර තිබෙනවා.

ආසාත්මිකතාවයේ දරුණු තත්ත්වය – Anaphylaxis

දරුණු මාරාන්තික ආසාත්මිකතාව“Anaphylaxis” යනුවෙන් හැඳින්වෙනවා. මේ උග්‍ර තත්ත්වය මාරාන්තිකයි. සමේ ඇතිවන රෝග ලක්ෂණයන්ට අමතරව

  • හුස්ම ගැනීමේ අපහසුතාව, හතිය, ශබ්ද නගමින් හුස්ම ගැනීම.
  • දිව, තොල්, උගුර ඉදිමීම නිසා ඇතිවන ගිලීමේ සහ කතාකිරීමේ අපහසුතාව
  • රුධිර පීඩනය අඩු වීම
  • මොළයට ඔක්සිජන් පරිවහනය නොමැති වීම නිසා ක්ලාන්තය, කල්පනාව අඩුවීම
  • තද උදර වේදනාව -( Colics)
  • නොනවත්තාම ඇතිවන වමනය
  • මලපහ පිටවීම වැනි තත්ත්වයන් ඇතිවනවා.

මෙලෙස ශරීරයේ ඉන්ද්‍රියයන් දෙකක රෝග ලක්ෂණ එකවර ඇතිවුණොත් එය මාරාන්තික ආසාත්මිකතාව යනුවෙන් හැඳින්වෙනවා.ඒ නිසා ඔබ යම් ඖෂධ කාණ්ඩයක් වෙනුවෙන් ආසාත්මිකතාවක් දක්වනවා යැයි සිතනවා නම් ඒ පිළිබඳව නිසි පරීක්ෂණ වාර්තාවන් ලබාගෙන ඔබේ ආසාත්මිකතාවපිළිබඳ යම් තහවුරුවීමක් ලබාගැනීම ඉතාම වැදගත්. එසේ නොමැතිව ඔබ විසින්ම යම් යම් ඖෂධ වෙනුවෙන් ආසාත්මිකතාවක් දක්වන බවට වූ වැරදි අනුමාන ගොඩනගා ගැනීම නිසා යම් රෝග තත්ත්වයකදී ඔබට අවශ්‍ය ඖෂධ නිර්දේශ කිරීමේදී ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා.

දැනට මෙම පරීක්ෂණ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රතිශක්තිකරණ දෙපාර්තමේන්තුවේදී, රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීවි අංශයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ සායනයේදී හා ශ්‍රීි ජයවර්ධනපුර සායනික හා අනුක ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේදී සිදුකරනවා. පවුලේ වෛද්‍යවරයාගේ යොමුකිරීමත් සමග ඔබට මෙම සායනවලට සම්බන්ධ වී පරීක්ෂණවලට යොමුවිය හැකියි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?