නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කොහොම දුම් බිව්වත් පෙනහලු පිළිකා හැදෙනවාමයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කොහොම දුම් බිව්වත් පෙනහලු පිළිකා හැදෙනවාමයි

Published October 28, 2024

පෙනහලු යනු මිනිස් ශරීරයේ ඇති වැදගත්ම ඉන්ද්‍රියන්ගෙන් එකක්. මිනිසාගේ හුස්ම ගැනීම හෙවත් ඔක්සිජන් ලබාගැනීම හා කාබන්ඩයොක්සයිඩ් පිට කිරීම යන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා පෙනහලු දායක වෙනවා. එම නිසා නිරෝගී දිවි පැවැත්මකට පෙනහලුවලට වැළදෙන රෝග තත්ත්වයන් ගැන අවබෝධයක් තිබීම අප කාට වුණත් වැදගත්. යම්කිසි හෙයකින් පෙනහලුවලට පිළිකාවක් වැළඳුනොත් ඔබ මොකද කරන්නේ? මේ වනවිට ලෝකයේම බහුල පිළිකාවක් වන පෙනහලු පිළිකාව දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශ්වය අතර දෙවැනියට වැඩිම පිළිකාව ලෙස මෙය හඳුනාගෙන තිබෙනවා.

පෙනහලු පිළිකාවක් ඇති වන්නේ කෙසේද?

පෙනහලු පිළිකාවක් ඇති වෙන්නෙ පෙනහළුවල අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වීම නිසාය. ඒ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්.

පෙනහලු පිළිකාව සඳහා බලපාන සාධක මොනවාද?

අද වනවිට බොහෝ දෙනෙක් දුම් පානය කරනවා. පෙනහලු පිළිකාව සඳහා බලපාන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන ඇත්තේ දුම් පානයයි. මෙම දුම් පානය වක්‍රාකාරයෙනුත් සෘජු ආකාරයෙන්ම සිදුවිය හැකියි.

මීට අමතරව මත්පැන් පානයට හුරු වීමත් හේතුවක් ලෙස පෙන්වා දෙනවා. පිරිමින්ගේ දුම් පානය කාන්තාවන්ට වඩා වැඩි නිසා පෙනහලු පිළිකා අවදානම පුරුෂයන් අතර වැඩි බව තහවුරු කරගෙන තිබෙනවා. දිනපතා දුම්පානය කරන්නෙකුට පෙනහලු පිළිකා ඇති වීමට දැඩි අවදානමක් පවතිනවා.

එමෙන්ම වක්‍ර දුම් පානය නිසාද පෙනහලු පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බැවින් දුම්පානය කරන්නකුගේ දුම ආශ්වාස කිරීම හරහා වක්‍ර දුම්පානයට නිරන්තරයෙන් නිරාවරණය වන කෙනෙකුට පෙනහළු පිළිකාවක් ඇතිවීමේ අවධානම වැඩියි.

පවුලේ ජානමය තත්ත්වයන්ද මීට බලපානු ලබනවා. පවුලේ යම් කෙනෙකුට පෙනහලු පිළිකාවක් වැළඳී තිබේ නම් එවන් පවුලේ සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට පෙනහලු පිළිකාවක් ඇතිවීමේ අවදානම සාමාන්‍ය කෙනෙකුට වඩා ඉහළයි.

එමෙන්ම සමහර රසායනික ද්‍රව්‍ය සමඟ නිතර ගැටෙන අයටද පෙනහලු පිළිකා ඇතිවීමේ අවදානම වැඩියි. උදාහරණයක් විදිහට ඇස්බැස්ටස්, යුරේනියම්, ආසනික්, නිකල්, පෙට්‍රෝලියම් වැනි රසායන ද්‍රව්‍ය සමඟ රැකියා කරන මෙන්ම නිතර ගැටෙන අයටද පෙනහලු පිළිකා වැළදීමේ අවදානම වැඩියි.

රේඩෝන්වලට නිරාවරණය වීමද මීට හේතුවක්. රේඩෝන් යනු පසෙහි හා පාෂාණවල යුරේනියම් බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවිකව ඇතිවන විකිරණශීලී වායුවක්. ඔබට එය පියවි ඇසට දැකීමට හැකියාවක් නැහැ. වායූ දූෂණයද පෙනහලු පිළිකා ඇතිවීමට හේතු කාරකයක් වුවත් එය දුම් පානය තරම් ප්‍රබල නැහැ.

පෙනහලු පිළිකා වර්ග?

පෙනහලු පිළිකාවල වඩාත් සුලභ වර්ග වන්නේ කුඩා නොවන සෛල පිළිකා (NSCLC) හා කුඩා සෛල පිළිකා ScLC යනාදීන්. පෙනහලු පිළිකාවලින් 80% සිට 85% දක්වා ප්‍රමාණයක් NSCLC වර්ගයට අයත්. NSCLC හි ප්‍රධන උප වර්ගයන් වන්නේ ඇඩිනොකාර්සිනෝමා (Adenocarcinoma), ස්කොස්මස්ය.

(Squamous) එය එපිටිලියල් සෛල (Epithelial cells) ලෙස හඳුන්වනවා. NSCLC වඩාත් සුලභව වන අතර සෙමින් වර්ධනයවීම සිදු වෙනවා. SCLC සුලභ නොවන නමුත් බොහෝ විට ඉක්මනින් වර්ධනය වෙනවා. සියලුම පෙනහලු පිළිකාවලින් 10% සිට 15 % දක්වා මේ වර්ගයට අයත්ග SCLC පිළිකාව හඳුනාගන්නා විට පෙනහලුවලින් ඔබ්බට පිළිකාව පැතිරී තිබීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

04 වන අදියර පෙනහලු පිළිකාවක් කියන්නේ මොකක්ද ?

4 වන අදියරේ පෙනහලු පිළිකාවක් හඳුනාගන්නා විට එය පෙනහලුවලට අමතරව මොළය හෝ අක්මාව වැනි ශරීරයේ එක් ප්‍රදේශයකටව වඩා වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී අවසානයි. එය මෙටාස්ටැටික් පෙනහලු පිළිකාවක් ලෙසද හදුන්වනවා.

පෙනහලු පිළිකාවක රෝග ලක්ෂණ

පහව නොයන හෝ නරක අතට හැරෙන කැස්ස කැස්ස සමඟ රුධිරය පිටවීම හුස්ම ගැනීමේ අපහසුතාවන් කැස්ස සමඟ පපුවේ වේදනාවක් ඇති වීම ආහාර රුචිය නැති වීම වේගයෙන් බර අඩු වීම හුස්ම හිරවීම තෙහෙට්ටුවක් දුර්වල බවක් දැනීම උරහිස් වේදනාව මුහුණේ, බෙල්ලෙ, අත්වල හෝ ඉහළ පපුවේ ඉදිමීම ආහාර ගිලීමේ අපහසුතා

පෙනහලු පිළිකා සඳහා ප්‍රතිකාර කළ හැකිද?

ඔව් කළ හැකියි. එය පිළිකාවේ අවදිය අනුව වෙනස් වෙනවා. පෙනහලු පිළිකා සඳහා ප්‍රතිකාර පදනම් වන්නේ පිළිකා වර්ගය, එය පැතිරී ඇති ප්‍රමාණය සහ පුද්ගලයාගෙවෛද්‍ය ඉතිහාසය යනාදී කරුණු මතයි.

පෙනහළු පිළිකා කලින් හඳුනා ගැනීමෙන් වඩා හොඳ ප්‍රතිකාර සහ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වන අතර ලෝකයේ අද වනවිට දියුණු තාක්ෂණය භාවිතා කර පිළිකා සෛලවලට පමණක් ප්‍රතිකාර කරමින් විනාශ කළ හැකි ප්‍රතිකාර තිබෙනවාත ඒවා බොහෝමයක් සිංප්පූරුව වැනි රටවල අති සාර්ථකව රොබෝ තාක්ෂණය සහ AI තාක්ෂණය යොදාගෙන කරනු ලබනවා.

පෙනහලු පිළිකා සඳහා කරන ප්‍රතිකාර මොනවාද?

  • සැත්කම්
  • විකිරණ චිකිත්සාව
  • රසායනික චිකිත්සාව
  • ඉලක්කගත චිකිත්සාව
  • ප්‍රතිශක්තිකරණ චිකිත්සාව
  • ප්‍රෝටෝන තෙරපි

පිළිකාව ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරී නොමැති නම් පෙනහලු පිළිකාවේ මුල් අවධියේදී ශල්‍යකර්ම බොහෝ විට භාවිත වන අතර රසායනික චිකිත්සාව සහ විකිරණ චිකිත්සාව මගින් ගෙඩිය හැකිලීමට උපකාරී වීම සිදු වෙනවා.

පෙනහලු පිළිකා ඇති පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සහ රැකවරණය සැපයීම සඳහා විෂයයන් කිහිපයක වෛද්‍යවරු බොහෝ විට ලෝකය පුරා දියුණු ප්‍රතිකාර මධ්‍යස්ථානවල එකට වැඩ කරනවා.

පෙනහලු පිළිකා ඇති පුද්ගලයින් සඳහා උපකාරක සත්කාර වැදගත් වන අතර රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම, වේදනා සහන සැපයීම සහ චිත්තවේගීය සහය ලබා දීම එහි අරමුණක්. එය පෙනහළු පිළිකා ඇති පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වෙනවා.

පෙනහලු පිළිකා සඳහා වඩාත්ම සාර්ථක ප්‍රතිකාරය කුමක්ද?

කුඩා සෛල පෙනහලු පිළිකා ඇති පුද්ගලයින්ට සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරනු ලබන්නේ විකිරණ චිකිත්සාව සහ රසායනික චිකිත්සාවෙන්. එය ශල්‍යකර්ම: වෛද්‍යවරුන් විසින් පිළිකාව කපා දැමීමට කරනු ලබන සැත්කමක්.

රසායනික චිකිත්සාවේදී පිළිකාව හැකිලීමට හෝ විනාශ කිරීමට විශේෂ ඖෂධ භාවිතා කිරීම සිදු කරනවා. ඖෂධ ඔබ ගන්නා පෙති හෝ ශිරා තුළට ලබාදෙන ඖෂධ හෝ සමහර විට දෙකම වීමට පුළුවන්.

හරින්දී ලියනගේ ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad1
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?