නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලිංගිකව සම්ප්‍රේෂණය නොවුණත් ලිංගාශ්‍රිත රෝග ඇතිවනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ලිංගිකව සම්ප්‍රේෂණය නොවුණත් ලිංගාශ්‍රිත රෝග ඇතිවනවා

Published September 23, 2024

ලිංගාශ්‍රිත රෝග ගැන ඔබ ඉතා හොඳින් දැණුවත්. HIV, සිෆිලිස් ගොනෝරියා සහ හර්පීස් වැනි වැනි රෝග ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙසින් හැඳින්වෙනවා.නමුත් ලිංගිකව සම්ප්‍රේෂණය නොවුණත් ලිංගාශ්‍රිතව ඇතිවන රෝග ගැනත් ඔබ දැනුවත් වීම වැදගත්. ඊට හේතුවක් තිබෙනවා. අද වනවිට ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායන වෙත යොමුවන රෝගීන් අතර ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය නොවුණත් වෙනත් හේතු මත ලිංගාශ්‍රිත රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගන්නවා.

ලිංගිකව සම්ප්‍රේෂණය නොවුණත් ලිංගාශ්‍රිත රෝග මොනවාද?

දිලීර සහ බැක්ටීරියා ආශ්‍රිත ආසාදන නිසා ඇතිවන රෝග තත්ත්වයන් ඉතා සුලබව දකින්න ලැබෙනවා. මේවා ලිංගිකව සම්ප්‍රේෂණය නොවුණත් ලිංගාශ්‍රිත රෝග ලෙස සැලකෙනවා. ඒ අතරින් දිලීර, බැක්ටීරියා ආසාදන රෝග බහුලයි. එමෙන්ම සමේ රෝග ( Scabies) රෝග තත්ත්වයන් ගැනත් වාර්තා වනවා.

පිරිමින් සම්බන්ධව ඇතිවන ලිංගාශ්‍රිත රෝගවලදී ඇතිවන රෝග ලක්ෂණ

ඉකිලිය අවට කැසීම
ඉකිලිය අවට ලප හෝ අවපැහැ ගැනීම


මීට අමතරව කානතාවන් විසින් සඳහන් කරන තවත් රෝග ලක්ෂණයක් තිබෙනවා. එනම් යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් නිකුත් වීම සහ ඒවා දුර්ගන්ධයකින් යුක්ත වීම ඔවුන්ට තිබෙන අපහසුතාවයන් ලෙස සඳහන් කරන්න පුළුවන්.

ලිංගාශ්‍රිතව දිලීර රෝග ඇතිවන්නේ ඇයි?

ලිංගාශ්‍රිතව දිලීර රෝග ඇතිවීමට හේතු කීපයක් බලපානවා

  • සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාව
  • අපිරිසිදු යට ඇඳුම්
  • තෙත සහිත ඉකිලි ප්‍රදේශය
  • අවශ්‍ය පමණට වඩා සබන් යොදමින් මෙම ප්‍රදේශ සේදීම
  • තරබාරුව දියවැඩියාව හෝ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්

ලිංගාශ්‍රිත රෝග තත්වයෙන් ආරක්ෂා වීමට නම්

  • ඇඳුම් සෝදා හිරු එළියට නිරාවරණය කර වියළා ගැනීම
  • කපු රෙදිවලින් කරන ලද යට ඇඳුම් භාවිතය
  • කෘතිම යට ඇඳුම් භාවිත නොකිරීම
  • ලිංගාශ්‍රිත ප්‍රදේශ වියළිව තබාගැනීම

අධිකව සබන් යොදා මෙම ප්‍රදේශ සේදීම නුසුදුසු ඇයි?

අධික ලෙසින් සබන් යොදමින් මෙම ප්‍රදේශ සෝදන විට හිතකර බැක්ටීරියා විනාශ වෙනවා. එවිට දිලීර වර්ගවලට වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මානය වෙනවා.ලිංගිකව හැසිරීමේදී මෙම දිලීර රෝග සහකරු/ සහකාරියටත් සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙනවා.

මේ ආසාදන රෝග බියවිය යුතු තත්ත්වයේ රෝග නොවුණත් ප්‍රතිකාර නොගෙන සිටීම නිසා සුව කිරීම අපහසු තත්ත්වයකට පත්වීමට පුළුවන්. ඖෂධීය ප්‍රතිකාර ලෙස පෙති, කරල් ශරීරය තුළට ඇතුළු කරන කරල් සහ ආලේපන මගින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කර ගතහැකියි. වෛද්‍යවරයා නිර්දේශ කරන සම්පූර්ණ කාලසීමව තුළ ප්‍රතිකාර ලබාගැනීමත් වැදගත්.

වැදගත් පණිවිඩයක්  තිබෙනවා…

මෙවැනි දිලීර ආසාදන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමේදී වෛද්‍යවරයා නිර්දේශ කරන සම්පූර්ණ කාලසීමාවම ඖෂධීය ප්‍රතිකාර ලබාගත යුතුයි. සමහර විට එය මාස 3-4 වැනි කාලයක් වීමටත් පුළුවන්.

ලිංගාශ්‍රිතව ඇතිවන බැක්ටීරියා ආසාදන…

ගොනෝරියා, ක්ලැමිඩියා යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බව අපි දන්නවා. නමුත් ලිංගාශ්‍රිත සම්බන්ධ වීමක් නොවුණත් අහිතකර බැක්ටීරියා ආසාදනයන්ට ගොදුරු වීමේ අවදානමත් ඔබට තිබෙනවා.

ලිංගආශ්‍රිතව හිතකර බැක්ටීරියා තිබෙන අතර සමහර විට අහිතකර බැක්ටීරියාවන් නිසා නිසා ආසාදන ඇතිවීමට පුළුවන්. සමහර විට සැරව තත්ත්වයන් දකින්න ලැබෙනවා. එවැනි අවසථාවන්හිදී යෝනිය, ග්‍රිවය යන ස්ථානවලින් ලබාගන්නා සාම්පල මගින් රෝග කාරක බැක්ටීරියාවන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දෙනවා.

බැක්ටීරියා ආසාදන රෝග ලක්ෂණ මොනවාද?

පුරුෂයන්ගේ නම් මුත්‍රා දැවිල්ල සඳහන් කරන්න පුළුවන්. කාන්තාවන් සම්බන්ධයෙන් මෙම දැවිලි ස්වභාවය අසාමාන්‍ය ලෙසින් ඇතිවනවා.දුර්ගන්ධයෙන් යුක්ත ග්‍රාවයන් පිටවීම, සමහර විට මේවා කසන තත්ත්වයක්ද ඇතිවනවා.

මෙම රෝග ගොනෝරියා නොවන මුත්‍රා

මාර්ගයේ ග්‍රිවයේ ආසාදන ( Non gonococal urethrtis–NGU හෝ Non Non gonococal urethrtis ලෙස හඳුන්වන අතර cervicitis –NGC ලෙස හැඳින්වෙනවා. මෙය යෝනි මාර්ගයේ ආසාදනයක් වන Bacterial vaginosis යන රෝග තත්ත්වය විය හැක.

මෙම රෝග තත්ත්වයන් සාමාන්‍යයෙන් සුලබ වන අතර ප්‍රතිජීවක මගින් සුව කළ හැක. මෙහිදී දිය යුතු විශේෂ පණිවිඩය නම් මෙම රෝග වැළඳී ඇත්නම් ඔබේ සහකරු/සහකාරියටත් ප්‍රතිකාර ලබාදිය යුතුයි. එසේ නෙවවුණහොත් ලිංගිකව එක්වීමේදී නැවත සහකරු/සහකාරියට ආසාදනය වීම සිදු වේ.

මෙම NGU/NCUරෝග එක ඖෂධ වේලකින් සුවකළ හැකි අතර දෙදෙනාම එකවර ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. එසේ නොවේ නම් දෙදෙනාම ප්‍රතිකාර ලබාගන්නා තුරු කොන්ඩම් භාවිත කිරීම සුදුසු වේ.

සාමාන්‍යයෙන් හොරි යනුවෙන් හැඳින්වෙන Scabies ආසාදනයද මේ රෝග අතරට ඇතුළත් වෙනවා. සිරකරුවන්, වෙනත් රැඳවියන් වැනි ඉඩ පහසුකම් අවහිර පරිසරයක ජීවත් වනවිට මේ රෝගය බෝවීමට ඉඩ තිබෙනවා.

ඒ සඳහා ගැල්විය හැකි ඖෂධ ඇති අතර සියලු දෙනාම එකවර ප්‍රතිකාර ගැනීම මගින් රෝගය පැතිරීම වළක්වා ගත හැකියි. මේ හැර ලිංගිකව සම්ප්‍රේෂණය නොවන ලිංගාශ්‍රිත රෝග බොහොමයක් අපේ සමාජයේ දක්නට ලැබෙනවා.

ලිංගාශ්‍රිත රෝග සායනයන්හිදී සිදු කරන රුධිර පරීක්ෂණ, අන්වික්ෂ පරීක්ෂණ (තරල) මගින් මෙන්ම රෝගියා පරීක්ෂා කිරීම මගින් මෙම රෝග තත්ත්වයන් හඳුනාගත හැකියි. ඒ අනුව මෙම රෝග ලිංගිකව සම්ප්‍රේෂණය නොවන රෝගයක් බවට වූ විනිශ්චයට පැමිණීමට හැකියාව තිබෙනවා.

ඒ නිසා දැඩි මානසික පීඩනයකින් සායනය වෙත පැමිණෙන රෝගියා තමන්ගේ සැක සංකා දුරු කරගෙන මානසික අස්වැසිල්ලකින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර තමන්ගේ සහකරු/සහකාරිය පිළිබඳව පැවැති වැරදි මතයත් නැති කරගෙන ඉතා සැහැල්ලුවෙන් සායනයෙන් පිටව යනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?