නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආතතිය මිතුරෙක්ද? සතුරෙක්ද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ආතතිය මිතුරෙක්ද? සතුරෙක්ද?

Published August 19, 2024

“අනේ මට මේ දවස්වල ඔෆීස් එකේ හරිම Stress” “අපේ දුව විභාගෙ නිසා Stress වෙලා ඉන්නේ”

ආතතිය එහෙම නැත්නම් Stress යන වචනය දැන් අපට නිතරම ඇසෙන වදනක් බවට පත්වෙලා. වර්තමාන ජීවන රටාවත් සමග අද බොහෝ දෙනෙක් ගත කරන්නේ ආතතියෙන් පිරුණ ජීවිතයක් බව කිව්වොත් නිවරැදියි.

ඇත්තටම ආතතිය කියන්නේ මොකක්ද?

ඔබ ඉදිරියට වේගයෙන් රථයක් ධාවන වෙනවා යැයි සිතන්න. එහෙම නැත්නම් ඔබේ සහකරු සමග ගැටුමක් ඇති වුණොත්? ඒත් නැත්නම් සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දීමට තිබෙනවා යැයි සිතන්න. ඔබේ සිතට හා ගතට කුමන ආකාරයේ සංවේදනා දැනේවිද? ඔව් ඒ තමා ආතතිය

ආතතිය ( Stress )

යම්කිසි අභියෝගාත්මක හෝ අවදානාත්මක තත්ත්වයකට මුහුණ දෙන විට අපගේ ශරීරය සහ මනස තුළින් ඉබේටම පැන නගින ප්‍රතිචාරය ආතතියයි.

ආතතිය ඇතිවුණ බව දැනගන්නේ කොහොමද?

අප ආතතියකට පත් වූ විට ඒ බව දැනගැනීම ඉතාම වැදගත්. ආතතිය නිසා අපේ සිරුරේ, මනසේ වගේම හැසිරීමේත් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.ආතති තත්ත්වයකට මුහුණ දුන්විට අපගේ අනිච්ඡානුග ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වන අතර ඇඩි්‍රනලින් වැනි හෝර්මෝන වැඩිපුර ශ්‍රාවය වෙනවා.

මේ නිසා හදගැස්ම වේගවත් වීම, මස්පිඬු තද වීම, හිසරදය වැනි ශාරීරික අපහසුතාවන් මෙන්ම නොසන්සුන් බව, කාංසා ගතිය, අමතක වීම, අවධානය පවත්වා ගැනීමට අසීරු වීම, සුළු දෙයටත් කනස්සලු වීම හා කේන්තිය වැනි ගතිපැවැතුම් ඇතිවන්න පුළුවන්.

ආතතිය මිතුරෙක්ද?එහෙම නැත්නම් සතුරෙක්ද?

ආතතිය කියන්නේ අතිශය ස්වභාවික අත්දැකීමක්. වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙමින් ආ ගමනේදී විවිධ අන්තරායකර තත්ත්වයන් හමුවේ නොනැසී පවතින්නට මිනිස් වර්ගයාට සහය වුණේ මේ ආතතියයි.

එදිනෙදා හමුවෙන ශාරීරික, මානසික, සමාජයීය බාධාවන්ට මුහුණ දීමට අප මෙහෙයවන්නේ ආතතියයි. සෑම මනුෂ්‍යයෙකුටම යම් යම් අවස්ථාවල යම් යම් ප්‍රමාණවලින් ආතතියට මුහුණ දීමට සිදුවනවා.

ජීවිතය සාර්ථකව පවත්වා ගැනීමට සුළු ප්‍රමාණයක මටට්මක ආතතිය අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට දරුවකු විභාගයකට කල් ඇතුව සූදානම් වන්නේ ඒ ගැන යම් ප්‍රමාණයක ආතතියක් තිබුණොත් පමණයි. මේ සාමාන්‍ය ආතතිය එම අභියෝගාත්මක අවස්ථාව අවසන් වූ විට නැති වෙනවා.

ආතතිය දිගු කාලයක් තිබුණෙත්?

නමුත් මේ ආතතිය අධික වුවහොත් හෝ දීර්ඝකාලීනව පැවැතුණොත් එයින් අපේ මානසික සහ කායික යහ පැවැත්මට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. විභාගය පිළිබඳව අධික ලෙස ආතතියට පත්වුණොත් විභාගයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වෙන්න පුළුවන්.අධික ආතතියක් ඇතිවීමට බොහෝ විට හේතු වන්නේ අපේ හැකියාවට, එහෙම නැත්නම් අපට කළ හැකි දෙයට වඩා වැඩි දෙයක් අපගෙන් බලාපොරොත්තු වන අවස්ථාවකයි.

උදාහරණ ලෙස අද දරුවන් විභාග නිසාම ආතතියට පත්ව සිටිනවා. දරාගත නොහැකි පාඩම් වැඩ, බොහෝ කරුණු මතකයේ තබාගැනීමට සිදුවීම වගේම මව්පියන් සහ ගුරුවරුන් විසින් ඉහළ විභාග ප්‍රතිඵල බලාපොරොත්තු වීම නිසා දරුවන්ගේ මානසික අසහනය වැඩි වී තිබෙනවා.

ඒ වගේම එක් එක් අය ආතතිමය තත්ත්වයට මුහුණ දෙන ආකාරය වෙනස්. මෙයට ඔවුන්ගේ පෞරුෂය, පෙර අත්දැකීම්, ඔවුන්ට සහයෝගය ලැබෙන ආකාරය වැනි විවිධ හේතු බලපානවා.සමහර පුද්ගලයන් ආතති තත්ත්වයන්ට මුහුණ දෙමින්, ඒවා දෙස ධනාත්මකව බලමින්, ඒවායින් පන්නරය ලබාගනිමින් ජීවිතය සාර්ථක කරගන්නවා. ඒ අතර එතරම් ගැටලුවලට මුහුණ දී නැති සමහරුන් අධිකව ආතතිමය තත්ත්වයට පත්වීමට පුළුවන්.

අධික හෝ දීර්ඝකාලීන ආතතිය

අධික හෝ දීර්ඝ කාලීන ආතතිය නිසා කාංසාව, විශාදය වැනි මානසික තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. අපේ සිරුරේ හෝර්මෝන අසමතුලිතතාවට පත්කරන අතර ප්‍රතිශක්තිය අඩාල කරනවා. ගැස්ට්‍රයිටිස්, අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැනි කායික ආබාධයන්ටත් හේතු වෙනවා.

එපමණක් නොවෙයි, සමාජ සම්බන්ධතාවයන්, රැකියා හා අධ්‍යාපන කටයුතු, එදිනෙදා ගෘහ ජීවිතය ආදියටත් බාධා ඇතිවන්න පුළුවන්. සමහර අය ආතතියට මුහුණ දීම සඳහා මත්පැන් පානය, අධික ලෙස ආහාර ගැනීම,දුරකථනයට ඇබ්බැහි වීම වැනි අහිතකර පුරුදුවලටත් යොමුවනවා.

ආතතිය හසුරුවාගන්නේ කෙසේද?

ආතතිය කළමනාකරණය කරගැනීමට නම් මුලින්ම ආතතිය ඇතිකරවන හේතුව හඳුනා ගැනීම වැදගත්.ආතතිය ඇතිකරන හේතුව ගැන සමීපතයකු සමග කතාකරන්න. එයින් සෑහෙන සහනයක් ලැබෙනවා.

එසේ අකමැති නම් මනෝ උපදේශකවරයකුට කතාකරන්න. මේ සඳහා ඔබට 1926 දුරකථන අංකය ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය උපදේශන සේවාවේ සහාය ඕනෑම වෙලාවක ලබාගැනීමට පුළුවන්.

  • මනස සැහැල්ලුවෙන් තබාගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල ( Relaxation techniques ) යෙදෙන්න.
  • දිනපතා මිනිත්තු කීපයක් තමාගේ හුස්ම දෙස අවධානය යොමුකරමින් ගතකරන්න.
  • පරිසරයෙන් ඇසෙන ශබ්දවලට අවධානය දෙන්න.
  • අද බොහෝ සේ කතාකරන සතිමත් බව ( Mindfulness) ආතතිය පාලනය කිරීමට ඉතාම සාර්ථක ක්‍රමයක්.

ආතතිය ඇතිකරන හේතු වෙනස් කිරීමට ඇති හැකියාව ගැන සිතන්න

උදාහරණයක් ලෙස ඔබ දවසේ සිදුකරන අත්‍යවශ්‍ය නොවන කටයුතු කීපයක් කපා හරින්න.

විභාග, ව්‍යාපෘති ආදියට කල්තබා සූදානම් වෙන්න. තමන්ට කළ නොහැකි දෙයට “බැහැ” යැයි නොකියා වේලාව ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරගන්න.

ආතතියට හේතු වන දේ මග හරින්න

සමහර අවස්ථාවල ආතතිය ඇති කරවන කාරණාව අපට වෙනස් කළ නොහැකියි. එවැනි අවස්ථාක එය වෙනස් කිරීමට යෑමෙන් ආතතිය තවත් වැඩි වෙන්න පුළුවන්. මෙය වෙනස් කළ නොහැකි තත්ත්වයක් බව පිළිගෙන ඊට ගැළපෙන ආකාරයට අපේ මනස සකස් කිරීමට සිදුවනවා.

එවැනි අවස්ථාවක ඉදිරියේ ඇති අභියෝගය දෙස ධනාත්මකව බලමින් එය අත්දැකීමක් බවට පත්කර ගැනීමට උත්සාහ කරන්න.මෙහිදී වැදගත් දෙය නම් ආතතියෙන් මිදීමට අහිතකර ක්‍රමවලට නොයා සිටීමයි.

තමන්ගේ ආතතිය අධික බව හා පාලනය කරගැනීමට අපහසු බව දැනෙනවා නම්,, නොපමාව මනෝ වෛද්‍යවරයකු, මනෝ විද්‍යාඥයකු හෝ මනෝ උපදේශකවරයකු හමුවන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: Stress
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?