නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉරියව් වැරදි වුණොත් වේදනාව ඇතිවනවාමයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඉරියව් වැරදි වුණොත් වේදනාව ඇතිවනවාමයි

Published August 19, 2024

එදිනෙදා ජීවිතයේදී අප විසින් අනුගමනය කරන නිදන, වාඩිවෙන, බර ඔසවන වැරදි ඉරියව් සමහර විට නිදන්ගත රෝග තත්ත්වයන්ට පත් වෙනවා. මේ අතරින් බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව බොහෝ රෝගීන් විසින් පැමිණිළි කරන සුලබ තත්ත්වයක්. බෙල්ලේ වේදනාව ඇතිවීමට බොහෝ විට අප විසින් අනුගමනය කරන වැරදි පුරුදු බලපානවා.

නිදාගැනීමේදී අනුගමනය කරන වැරදි පුරුදු

නිදාගැනීමේදී අප අනුගමනය කරන වැරදි පුරුදු කීපයක් තිබෙනවා.

  • නිදාගැනීමේදී මුනින් අතට නිදාගැනීම සුදුසු නැහැ.
  • කොට්ටය තබාගන්නා පැත්තේ අත හිසට යටවන ලෙස තබාගෙන නිදාගැනීම.
  • වම් හෝ දකුණු පැත්තට හැරී නිදාගැනීමේදී සුදුසු ප්‍රමාණයේ ( හිස හා උරහිස අතර ඉඩට සමාන ) කොට්ටයක් භාවිත කිරීම.

අපි නිදාගැනීමේදී වඩාත්ම සුදුසු ක්‍රමය කුමක්ද?

උඩුබැලි අතට නිදාගැනීමේදී හිස දෙපැත්තෙන් කොට්ට දෙකක් තබාගන්න. මම මෙතැනදී නිර්දේශ කරන්නේ සෘජුකෝණාඝ්‍රාකාර ලෙස නවාගත් බෙඩ්ෂීට් එකක් හිස දෙපැත්තට තබාගැනීම. කොට්ටයක උස වැඩිවුණාම ප්‍රමාණය වෙනස් කරන්න අමාරුයි. කොට්ට හිස දෙපසින් තබන්නේ කොට්ටයක් නැතුව නිදාගන්නා පුද්ගලයා හදිසියේවත් අනෙක් පැත්තට හැරුණොත් බෙල්ල කඩා වැටීම වළක්වා ගැනීමටයි. උඩුබැලි අතට නිදාගැනීමේදී හිසට යටින් කොට්ටයක් තබාගන්න එපා.

  • ලෑල්ලක් හෝ හයිය මෙට්ටයක් සුදුසුයි.
  • බිම නිදාගන්නවා නම් යෝගා මෙට්ටයක් බිමට අතුරාගැනීම සුදුසුයි.


නිදි උලුක්කුවක් ඇතිවුණාම කොට්ටය අව්වට දැමීමේ විද්‍යාත්මක සත්‍යක් තිබෙනවාද?

ඔව්. නිදාගන්නා විට භාවිත කරන කොට්ටයේ පුළුන් තෙතමනය උරාගෙන තද වුණාම එය බෙල්ලට බලපානවා අව්වට දැම්මාම පුළුන් ඉහිල් වෙනවා. ඒ නිසා නිදාගැනීමේදී බෙල්ලට පීඩනයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම හිසට ගැළපෙන විදිහට කොට්ටය එබෙනවා.

අපි වාඩිවෙන විට

අපි පුටුවක වුණත් වාඩිවෙන විට නිවැරැදි ඉරියව් පවත්වාගැනීම වැදගත්. පුටුව දිග ලිස්සාගෙන ගොස් බෙල්ල නැවෙන සේ තබා ගැනීමත් සුදුසු නැහැ. නිතරම අපේ කොන්ද සෘජුව තබාගැනීම වැදගත්. වාඩිවීමේදී කය සෘජුව තබාගැනීම ඉතාම වැදගත්.

බුද්ධත්වයට පත් හැම කය සෘජුව තබාගැනීම සඳහා හැම බෝධිසත්වයන් වහන්සේ නමක්ම පිටදීමට වෘක්ෂයක් තෝරාගත්තා. ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහ්නසේට සොත්ථිය බමුණා දුන් කුසතණ මිටි අට එලාගෙන භාවනා කිරීමෙන් වුණත් අපට පෙනෙන්නේ දෘඪ ඇතිරිල්ලක් ඉරියව් පවත්වා ගැනීමේදී වැදගත් වන බවයි.

මාංශ පේශි ආශ්‍රිතව ඇති වෙන වෙහෙස ( Strain)

එකම ඉරියව්වක පැය ගණනාවක් සිටින විට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බෙල්ල ආශ්‍රිතව වේදනාවන් ඇතිවීමට පුළුවන්. උදාහරණයක් ලෙස ඇඳකට වී පොත්පත් කියවන අවස්ථාවන්හිදී ඔබ විසින් පවත්වාගෙන යන වැරදි ඉරියව් නිසා බෙල්ලේ වේදනාවන් ඇතිවනවා. ජංගම දුරකථන භාවිත කරන විටත් ඇඳ විට්ටමට ඔළුව තබාගෙන දුරකථනය භාවිත කිරීමත් වැරදි ඉරියව්වක්

බස් රථයක නිදාගැනීම…

දුර ගමනක් යන විට බස් රථයේදී නිදාගැනීම නිසාත් බෙල්ල උළුක්කු විය හැක. නිතරම දුර ගමන්වල යෙදෙන අය කොලරයක් පැළඳගෙන යෑමෙන් බෙල්ලේ ඉරියව් නිසි පරිදි පවත්වා ගැනීමට පුළුවන්.

ඔළුවට කොට්ට තබාගන්නේ නැතුව නිදාගත නොහැකි අය ඉන්නවා

සමහර පුද්ගලයන්ගේ විවිධ රෝගී තත්වයන් නිසා ඔවුන්ට නිදාගැනීමේදී කොට්ටයක් තබාගැනීම අවශ්‍ය වනවා. උදාහරණයක් විදිහට GORD (Gastro-Oesophageal reflux Disease ) ඇති රෝගීන්ට නින්දේදී පෙනහලුවලට අම්ලය (mendelson’s syndrome) ගමන් කිරීම නිසා ඔවුන්ට කැස්ස ඇති වී නින්දට බාධා වනවා. ඒ නිසා අම්ල පෙනහලුවලට ගමන් කිරීම වළක්වා ගැනීමට නම් කොට්ටයක් හෝ කීපයක් තබාගැනීමට අවශ්‍ය වනවා.

පීනස් රෝගී තත්ත්වයෙන් පසුවන අයට
හෘදය වස්තුව ආශ්‍රිත සංකුලතාවන් ඇති අයට ( Heart falier )

වැරදි ඉරියව් නිසා ඇතිවන බෙල්ලේ වේදනාව කාලයත් සමග නිදන්ගත රෝගී තත්ත්වයක් බවට පත්වීමටත් ඉඩ තිබෙනවාද?

ඔව්. මුලින්ම ඔබ විසින් පවත්වාගෙන යන වැරදි ඉරියව් ඇටකටු සහ පේශිවලට බලපානවා. උග්‍ර තත්ත්වයට පත්වුණාම ස්නායු ඇදෙන්න පටන් ගන්නවා. අපේ ස්නායු පද්ධතිය මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය යනුවෙන් හඳුන්වන්න පුළුවන්. සුෂුම්නාව හා මොළය ආශ්‍රිත ස්නායු මධ්‍ය ස්නායු පද්ධතිය යනුවෙන්ද මොළය සහ සුෂුම්නාවෙන් ආරම්භ වී පිටතට යන ස්නායු පර්යන්ත ස්නායු යනුවෙන් හැඳින්වෙනවා.

පර්යන්ත ස්නායු අත්පා, මුහුණ සහ සමේ සෑම ස්ථානයකම සංවේදන කාර්යන් ඉටු කරනවා. ශරීරියේ සෑම ප්‍රදේශයකම අත්පා, මුහුණ සහ සමේ සංවේදී ස්නායු අග්‍රවල පිහිටා තිබෙන නිසා ඒවායේ දැනීම් වැඩියි. පර්යන්ත ස්නායු පද්ධතියේ රෝග ඇතිවිට එහි ලක්ෂණ මතු වන්නේ අත්පා වැනි අවයවයන්හි අග්‍රවලයි.

ස්නායුවලට බලපෑමක් ඇතිවිට දැනෙන රෝග ලක්ෂණ…

  • අත දිගේ හිරි ගතියක් ඇතිවනවා.
  • අත පණ නැතිවීම.
  • අතෙන් යමක් අල්ලාගැනීමට අපහසු වීම.
  • බෙල්ල දිගේ හිසට යන ස්නායු ඇදෙන විට හිසරදය.
  • බෙල්ලේ වක්‍ර බව වෙනස් වීම.
  • අස්ථි ගණකම් වීම. ( කැල්සියම් තැන්පත් වීම )
  • Diskවෙනස් වී අස්ථි විකෘති වීම.

මේ වෙනුවෙන් ඇති ප්‍රතිකාර ගැනත්…

ඔබ නිදන විට, වාඩිවන විට නිවරැදි ඉරියව් පවත්වා ගන්න. ඒ වගේම බෙල්ල ආශ්‍රිතව දැනෙන වේදනාව හෝ ඒ නිසා ඇතිවන ස්නායු තෙරපීමේ තත්ත්වයක් ගැන දැනුණ විට කල් නොමරා සුදුසුකම්ලත්

වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.ඖෂධීය ප්‍රතිකාර

මුල් අදියරේදී භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සුවය ලබාගැනීමට හැකියාව තිබෙනවා.

  • කොලරයක් පාවිච්චි කරන්න.
  • ශල්‍යකර්ම.

ශල්‍යකර්ම ප්‍රතිකාර වෙනුවෙන් යොමුවන්නේ ඉතාම සුළු පිරිසක්. එය 5% ක් තරම් අඩු ප්‍රතිශතයක්. නමුත් ඔබ අනුගමනය කරන වැරදි ඉරියව් නිසාම මේ තත්ත්වය ඇතිවන බව සැලකීම වැදගත්.විශේෂයෙන් කොවිඩ් කාලයේදී වැරදි ඉරියව් පවත්වා ගනිමින් පොත්පත් කියැවීම, ජංගම දුරකථනයේ දිගු කාලයක් ගතකිරීම නිසා තරුණ රෝගීන් අතර බෙල්ල ආශ්‍රිත වේදනාවන් ගැන වාර්තා වුණා.

මේ විදිහට වැරදි ඉරියව් දිගින් දිගටම පවත්වාගෙන යෑම නිසා අවසානයේදී ශල්‍යකර්මයන් පවා කිරීමට සිදුවනවා. ඒ නිසා ඔබ මේ අවදානම ගැන සලකා නිවරැදි ඉරියව් පවත්වාගැනීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: ඉරියව්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?