නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ව්‍යායාමයක් විදිහට ඇවිදින්න Heart එකටත් Good
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ව්‍යායාමයක් විදිහට ඇවිදින්න Heart එකටත් Good

Published May 27, 2024
ඇවිදීම ගැන සඳහන් කරන විට එය දෙයාකාරයකට සිදුවන ක්‍රියාවක්. එදිනෙදා ජීවිතයේදී අපි සාමාන්‍යයෙන් ඇවිදිනවා. ඒ වගේම ව්‍යායාම විදිහටත් ඇවිදීම සිදුකරනවා. ඇවිදීම එදිනෙදා කටයුතුවලදී සිදුවන සාමාන්‍ය ක්‍රියාවක් වුණත් එය ඔබට ව්‍යායාමයක් විදිහටත් ආදේශ කරගැනීමට හැකියාව තිබෙනවා. එය ඉතාම සරලයි.
  • බස් රථයට, දුම්රියට, වෙළෙඳපොළට යනවිට ඇවිදගෙන යෑම
  • කුලී රථයකින් ගමන් කළහැකි කෙටි දුර ඇවිදීම
  • විදුලි සෝපානයක් ඇතිවිට එය භාවිත නොකර පඩිපෙළ භාවිත කිරීම

ඉහතින් සඳහන් කරන ලද සාමාන්‍ය සිදුවීම්වලට අමතරව අපි ව්‍යායාමයක් විදිහට ඇවිදින්නේ කොහොමද?

ඔබ තරමක වේගයෙන් විනාඩි 45ක පමණ කාලයක් එක දිගට ඇවිදීම මගින් හෘද ස්පන්දන වේගය විනාඩියට 120-130 අතර ප්‍රමාණයකින් තබාගත හැකියි. මේ තත්ත්වය ඔබේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත්.ඒ වගේම ඔබ ව්‍යායාමයක් විදිහට ඇවිදින විට අවම වශයෙන් පැයට කිලෝමීටර් 6-7ක් අතර වේගයකින් විනාඩි 30ක පමණ කාලයක් ඇවිදීමත් වැදගත්. සතියකට දින පහක් පමණ මේ අන්දමින් ඇවිදීම ප්‍රමාණවත්.

මේ වෙනුවෙන් තැනක්…

ව්‍යායාමයක් විදිහට ඔබ ඇවිදිනවා නම් ඔබේ ඇවිදින වේගය බාල නොවන පරිදි ඇවිදගෙන යා හැකි ස්ථානයක් තෝරාගැනීම වැදගත්. ඇතැම් ප්‍රදේශවල මේ වෙනුවෙන් ඇවිදින මංතීරු පවා පිහිටුවා තිබෙනවා. එවැනි මංතීරු නැතැත් ඔබට ව්‍යායාමයක් වෙනුවෙන් ඇවිදින්න කිසිම බාධාවක් නැහැ. මේ වෙනුවෙන් ඔබට තෝරාගත හැකි ස්ථාන කීපයක් තිබෙනවා.

  • පිට්ටනියක්
  • මුහුදු වෙරළක්
  • ජනාකීර්ණ නොවන මාර්ගයක් වැනි ඕනෑම ස්ථානයක්

ව්‍යායාමයක් විදිහට ඇවිදීම නිසා ඔබට ලැබෙන වාසි

ව්‍යායාමයක් විදිහට ඇවිදින විට ශක්තිය වැය වනවා. ඒ නිසා සිරුරේ සංචිත මේදය දියවීම නිසා තරබාරුව අඩු කරගැනීම සමග සැහැල්ලු සිරුරක අයිතිය ඔබට ලැබෙනවා. ව්‍යායාමයක් ලෙස ඇවිදීම නිසා ඔබේ සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය ශරීරයේ සෞඛ්‍යට හිතකර පරිදි සිදුවනවා. මේ නිසා අධික රුධිර පීඩනය, දියවැඩියාව, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම වැනි වාසි බොහොමයක් ඇතිවනවා.

අනිකුත් ව්‍යායාම වගේම ඇවිදීම මගින් අපේ සිරුරේ යෝග්‍යතාවය ඉහළ මට්ටමක තබාගැනීමේ හැකියාව ලැබෙනවා.ව්‍යායාමයක් විදිහට ඇවිදින විට ඔබ හොඳ වාතාශ්‍රයක් සහිත එළිමහන් ප්‍රදේශයක් තෝරා ගැනීම ඉතාම වැදගත්. එළිමහන් පරිසරය සැබැවින්ම මනසට ප්‍රියයි. මානසික ආතතිය අඩු පුද්ගලයකුගේ සිතට නැවුම් සිතුවිලි ගොඩනගා ගැනීමටත් අවස්ථාවක් ලැබෙනවා.

සමහර විට ඔබ ව්‍යායාම ලෙසින් බාස්කට් බෝල්, ටෙනිස් වැනි ක්‍රිඩාවන් තෝරාගෙන ඇති. ඇවිදීමෙන්ද ඔබට ඉහත ක්‍රිඩාවන්හි නිරත වූවාට සමාන ප්‍රතිලාභ ලැබෙනවා. දිවා කාලයේදී ඔබ යම් වේලාවක් ඇවිදීම නිසා මොළයට ඔක්සිජන් පරිවහනය වීම ඉතා හොඳින් සිදුවීම සමග රාත්‍රී කාලයේ සුවදායක නින්දක් ලැබීම, පෙණහලු කියාකාරීත්වය හොඳින් සිදුවීම තවත් වාසියක් ලෙසින් සඳහන් කරන්න පුළුවන්.

ව්‍යායාමයක් විදිහට ඇවිදින කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමත් ඉතා හොඳින් අඩු කරගත හැකි බවත් දැන් සොයාගෙන තිබෙනවා.ඇවිදීමකදී ඉණෙන් පහළ කොටස වඩාත් ක්‍රියාකාරී වීම සිදුවනවා. ඒ නිසා ඔබ ඇවිදින විට වයස අනුව කිලෝ එකක හෝ දෙකක ඩම්බෙල් දෙකක් දෑතට ගෙන සිරුරේ දෙපැත්තෙන් ඉදිරියට පිටුපසට යන ආකාරයෙන් පැද්දෙන සේ ඇවිදීම ඉතා සුදුසුයි. මේ නිසා උඩුකය මාංස පේශිවලටත් වයායාම ලැබෙනවා. ඔබට ඩම්බෙල් වෙනුවට වතුර පුරවන ලද බෝතල් වැනි සමාන බරක් ඇති දෙයක් දෑතට ගැනීමටත් පුළුවන්.

ඇවිදින අතරවාරයේ ටික වේලාවක් සෙමින් දුවන්න. මෙම ක්‍රියාකාරකම් දෙක වෙනුවෙන් සමාන කාලයක් වෙන්කර ගන්න. ඇවිදීමෙන් පසුව බෙල්ල, උරහිස් මාංස පේශි, පිටකොන්ද ආදී ප්‍රදේශ සඳහා ගැළපෙන ව්‍යායාම කීපයක නිරත වීමත් යෝග්‍යයයි.ඔබට දැන් නිවසේ සිට ඇවිදීමට හැකි ව්‍යායාම උපකරණ වෙළෙඳපොළේ තිබෙනවා. මෙම උපකරණ මගින් ඇවිදින ආනතිය, වේගය තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට හැකියාව තිබෙනවා. වැඩිදියුණු කරන ලද තාක්ෂණ උපකරණ මගින් දහනය වන කැලරි ප්‍රමාණය පවා පෙන්නුම් කරනවා.

ඇවිදීමට සූදානම් වන්නේ කෙසේද?

ඔබේ පාදවලට පහසු සහ නියම ප්‍රමිතියෙන් යුක්ත පාවහන් යුගලක් තෝරාගන්න
වළවල් නොමැති සමතලා භූමියක් තෝරාගන්න.
විනාඩි 10ක පමණ කාලයක් සෙමින් ඇවිද ශරීරයේ මස්පිඬු උණුසුම් කරගන්න.
විනාඩි 30-45ක් ඇවිද නැවත විනාඩි 10ක් සෙමින් ඇවිද විඩාව නිවා ශරීරය සිසිල් කරගන්න.

ඇවිදීම පුරුද්දක් කර ගැනීමට…

දවසේ ඇවිදීම වෙනුවෙන් නියමිත කාලයක් වෙන් කරගන්න.ඇවිදීමට යෑම සඳහා මිතුරකු තෝරාගන්න. ඔහු ඔබව දිරිමත් කළ හැකි පුද්ගලයකු වීම වැදගත්.ඇවිදීමේදී තෝරා ගත් පරිසරයේ සෞන්දර්ය විඳිමින් ඇවිදීමට පුරුදු වන්න.I-pod, MP 3 Player හෝ ජංගම දුරකථනයක් භාවිතයෙන් සංගීතයට සවන් දෙමින් ඇවිදින්න. නමුත් එය ඝෝෂාකාරී, මනස අවුල් කරන සංගීතයක් නොවිය යුතුය.

දිනපතා ඇවිද ගිය දුර ප්‍රමාණය සහ කාලය පොතක සටහන් කරන්න. එය නිතර දකින විට ඇවිදීම පිළිබඳව ආශාවක් සිත තුළ ඇතිවීම නිසා මෙම කාර්යය වෙනුවෙන් ඔබ දිරිමත් වනු ඇත.ඔබ ව්‍යායාමක් ලෙසින් තවමත් ඇවිදීම පුරුදු නොකළ පුද්ගලයෙක් නම් එය හෙටට කල් තබන්න එපා. අද දවසේ ව්‍යායාමයක් ලෙස ඔබ ඇවිදිනවා නම් එයින් ඔබේ ජීවිතයට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට නිරෝගී ජීවිතයක් ගතකිරීමේ හිමිකම ලබා දෙනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: ව්‍යායාම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?