මාර්තු 24 වැනි දිනට යෙදී තිබුණ ලෝක ක්ෂය රෝග දිනයේ මෙවර තේමාව වී තිබෙන්නේ “ඔව් අපට ක්ෂය රෝගය සුවකළ හැකියි” යන්නයි. මීට දශක ගණනාවකට පෙරාතුව ක්ෂය රෝගයේ ව්‍යාප්තිය නිරන්තරව අසන්නට ලැබුණත් ඒ අතීතයට සාපේක්ෂව ක්ෂය රෝගීන්ගේ වාර්තාවීම් අඩුවීමක් තිබෙනවා.නමුත් 2023 වසරේ ක්ෂය රෝගීන් 9358 දෙනෙකු ශ්‍රී ලංකාවෙන්හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ක්ෂය රෝගීන්ගේ වාර්තා වීම 14% කින් ඉහළ ගොස් ඇති බැව් දකින්න ලැබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. එයිනුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇති අතර එයිනුත් කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයෙන් ක්ෂය රෝගීන්ගේ වාර්තා වීමේ දත්ත ඉහළ අගයක තිබෙනවා. ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැකි රෝග තත්ත්වයක් වුණත් රෝග තත්ත්වය ගැන නොසලකා සිටීම නිසා මරණය පවා සිදුවන්න පුළුවන්. දැනට වාර්තා වන අන්දමට අපේ රටේ බෝවන රෝගවලින් සිදුවන මරණ අතරින් ක්ෂය රෝගය නිසා දිනකට මරණ දෙකක් පමණ වාර්තා වෙනවා.
ක්ෂය රෝගය ඇති වෙන්නේ පෙනහලුවල පමණක් නොවේ
සාමාන්‍යයෙන් ක්ෂය රෝගය ගැන කී විට අපි තුළ ගොඩනැගෙන දළ අදහස නම් පෙනහලු ආශ්රිත රෝග තත්ත්වයක් වුණත් අපේ සිරුරේ විවිධ අවයවයන්හි ක්ෂය රෝග තත්ත්වය ඇති වීමට පුළුවන්.
- මොළය
- උදරය
- කුද්දටි
- වකුගඩු
- අස්ථි හා සන්ධි
- බඩවැල
ක්ෂය රෝග තත්ත්වය බොහෝ විට එනම් 60% ක් පමණ ඇතිවන්නේ පෙනහලු මුල් කරගෙන නිසා රෝග ලක්ෂණ ගැන සඳහන් කළොත්
- සති දෙකකට වඩා කල් පවතින කැස්ස
- මඳ උණ
- කැස්ස සමග රුධිරය පිටවීම
- සිරුර කෘශ වීම
ක්ෂය රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති පුද්ගලයන් ක්ෂය රෝගය වැලඳීමේදී වැඩි අවදානමක් ඇති පුද්ගලයන් අතරට එක්වන අවදානම් කණ්ඩායමක් සිටිනවා.
- ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්
- නිදන්ගත රෝග තත්ත්වයේ පසුවෙන රෝගීන්
- වයස වැඩි පුද්ගලයන්
- අඩු පහසුකම් සහිත පරිසර තත්ත්වයක ජීවත් වන පුද්ගලයන් ( බන්ධනාගාර, නේවාසිකාගාර, රෝහල්, මුඩුක්කු )
- HIV ආසාදිතයන්
- එදිනෙදා ආශ්‍රය කරන ක්ෂය රෝගී ආශ්‍රිතයන් නිසා
රෝග තත්ත්වය හඳුනාගැනීම
ක්ෂය රෝග තත්ත්වය හඳුනාගැනීමේදී පපුව ආශ්‍රිතව ලබාගන්නා එක්ස්රේ වාර්තාව සහ සෙම් පටල පරීක්ෂාව මගින් රෝග තත්ත්වය ගැන තහවුරුවීමක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. දින දෙකක් තුළ වාර 2-3 අතර ලබාගන්නා සෙම් පටල පරීක්ෂාවකින් මේ විෂබීජ ඇති බව තහවුරු කරගැනීමට හැකියාව තිබෙනවා. අන්වික්ෂයකින් හැරුණ විට විෂබීජ හඳුනාගැනීමේ පරී්ක්ෂණ තිබණත් ඒවා වියදම් අධික නිසා බිම්මට්ටමින් සිදු කරන්නේ ඉහත සඳහන් කළ එක්ස්රේ සහ සෙම් පටල පරීක්ෂාවයි.
ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කිරීමට පුළුවන්
ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැකි රෝග තත්ත්වයක්. ඒ නිසා වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. ක්ෂය රෝග තත්ත්වයේදී මාස හයක් පුරා ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරුන් විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කිරීම ඉතාම වැදගත්. නමුත් රෝග ලක්ෂණ අඩුවන විට බොහෝ රෝගීන් ප්‍රතිකාර ලබාගැනීම නවතා දැමීම සිදුකළත් එය සුදුසු නැහැ.
BCG එන්නත ගත්තොත්
දරුවකු උපත ලබා රෝහලෙන් පිටවීමට ප්‍රථමයෙන් එහෙම නැත්නම් දරුවාට ලැබෙන මුල්ම එන්නත විදිහට සැලකෙන BCG එන්නත නිසා දරුවන්ගේ ක්ෂය රෝග සංකුලතාවන් වළක්වනවා. වැඩිහිටි වයසේදී සමාජයට නිරාවරණය වීම සහ දුම්පානය වැනි වෙනත් හේතු නිසා ප්‍රතිශක්තිය දුර්වල වැඩිහිටි පුද්ගලයන්ට ක්ෂය රෝගය ඇති වීමට ඉඩ තිබෙනවා.
ක්ෂය රෝගය බොහෝ විට බෝ වීම සිදු වෙන්නේ කෙළ බිඳිති ආශ්රයෙන්. ක්ෂය රෝගය පරම්පරාවෙන් ඇතිවන ජානගත රෝගයක් නොවෙයි. ඒ වගේම ක්ෂය රෝගය කියන්නේ අවමානයක් නොවෙයි.
ඖෂධ ආරම්භ කිරීමෙන් මුල් සති දෙක ගෙවෙන විට රෝගය බෝවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම නැතිවන බව මේ වෙන විට තහවුරු වී තිබෙනවා. නවතම හඳුනාගැනීම් අනුව පර්යේෂකයන් සඳහන් කරන අන්දමට ක්ෂය රෝගියෙක් පළමු පැය 24 තුළ එනම් මුල් ඖෂධ වේල ලබාගැනීමෙන් පසු රෝගය බෝවීමට තිබෙන හැකියාව 95% කින් අඩුවීමේ හැකියාවක් තිබෙනවා.
වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර නොලද විට ඇති විය හැකි බරපතළ රෝග තත්ත්වයන්
පෙනහලු ආශ්රිත ක්ෂය රෝග තත්ත්වය නිසා පෙනහලු නරක් වීම/ හානි වීම සහ පෙනහලු කැළැල් නිසා ශ්වසන අපහසුතාවන් ඇති වීම.
මොළයේ ක්ෂය රෝග තත්ත්වය නිසා ස්නායු පද්ධතිය ආශ්රිත ආබාධ ( අත පය පණ නැති වීම )
ප්‍රවේසම
ක්ෂය රෝගය ඇති පුද්ගලයෙක් සමග ඔබ ජීවත් වනවා නම් රෝග කාරක විෂබීජ කැස්සෙන් වායු ගෝලයට එකතු වීම වළක්වා ගැනීමට මුහුණු ආවරණ පැළඳ සිටීම වැදගත්.
ඒ වගේම ඔබට සති දෙකකට වඩා පවතින කැස්ස සමග ක්ෂය රෝගය යැයි අනුමාන කළ හැකි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබ පදිංචි ප්‍රදේශයට ආසන්න ළය රෝග සායනයෙන් හෝ සෞඛ්‍ය ආයතනවලින් ඒ පිළිබඳ පරීක්ෂාවන් නොමිලයේ සිදු කරගත හැකියි. කෙසේ හෝ 2035 වසර වන විට ක්ෂය රෝගය ලංකාවෙන් මුලිනුපුටා දැමීමට අදහස් කරන අතර ඒ වෙනුවෙන් සමාජයෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️